USB tool දෙවන සංස්කරණය



දැන් බ්ලොග් එක පැත්තේ එන්න ඉස්සර වගේ වෙලව නැනේ. ඉතින් බොහොම කාලෙකට පස්සේ මම develop  කරපු usb tool එකේ දෙවෙනි සංස්කරණය  අරගෙන මේ සැරේ ආවේ. usb tool 1.0 එහෙමත් නැත්තම් පළමුවන සංස්කරණයේ bugs ගොඩක් තිබ්බා. අනික tool එක run කරන්න resource ෆයිල් එහෙමත් ගොඩක් තිබ්බා. චින්තක අයියත් මාව දැනුවත් කරා resource ෆයිල් එක්ක ගනුදෙනු කරන එක 100% සාර්ථක නෑ කියලා.usb tool පළමු වන සංස්කරණයේ resource ෆයිල් කියන්නේ මම ලියපු  batch ෆයිල් වගයක්  user කෙනෙක් commend එකක් දුන්න ගමන් ඒ batch ෆයිල් එකක් run වෙන්න තමා usb tool පළමු වන සංස්කරණය මම සංවර්ධනය කරලා තිබ්බේ.බැරි වෙලාවත් user අතින් program file වලට යන  resource ෆයිල් මැකුනොත් runtime errors එනවා. එක නිසා මටත් තේරුනා resource ෆයිල් එක්ක ගනුදෙනු කරන එක හරියන්නේ  නෑ  කියලා. ඉතින් මේ හැමදෙයක්ම ගැන හිතලා මම කල්පනා කරා usb tool 2.0 සංවර්ධනය කරන්න. එකේ ප්‍රතිපලයක් විදිහට ඊයේ රෑ පැය 1 ½  වගේ ඇතුලත code ටික හොයාගෙන usb tool 2.0 සංස්කරණය සංවර්ධනය කරලා ඉවර කරා.

usb tool 2.0 සංස්කරණයේ දී සිද්ධ වෙන්නේ user ගේ commond එක මත   ප්‍රධාන exe ෆයිල් එක තියන තැන tempory batch  ෆයිල් එකක් හැදිලා ඒක  run වෙන එක. ඔන්න ඕකයි සම්පුර්ණ කතන්දරේ   කාට හරි usb tool 2.0 සංස්කරණයේ source code ඕනෙනම් e-mail එකක් දාන්න මම source code ටික එවන්නම්.  


Comments