අඩුවෙන් Charge කර වෑඩියෙන් වැඩගන්න K10000




අද වනවිට බොහෝ දෙනෙක් Smartphone පාවිච්චි කරනව. නමුත් වෑඩි දෙනෙක්ට තියෙන ගැටලුව තමයි මේවායේ බෑටරි ආයු කාලය ඉතා අවම වීම. බොහෝ ස්මාර්ට් ගනයේ දුරකතන පෑය 10 කට වරක් වත් සාමාන්‍යයෙන් Charge කිරීම අනිවාර්ය වී තිබෙනව. ඒ නිසා අද ලිපියෙන් මම කියන්න යන්නේ  අනෙක් ස්මාර්ට් දුරකතන අභිබවා යමින් වැඩිම බැටරි ආයු කාලයක් පවතින දුරකතනයක් පිලිබදවයි. හුදෙක් ඔයාලගේ දැනගැනීම සදහාම පමනයි.


මෙම smartphone එකේ  නම තමා Oukitel's K10000. නම වගේම තමා මෙයාට තියෙන්නේ සාමාන්‍ය බැටරියක් නෙමේ. 10000 mAh  ක අදිබලැති බැටරියක්. මෙය නිපදවපු සමාගම කියන විදිහටනම් සාමානය භාවිතයේදී මෙහි බැටරියේ ආයූකාලය දින 10ත් 15ත් අතර කාලයක් රදාපවතින බවයි. ඉතින් ගොඩක් ස්මාර්ට් දුරකතන වල තියෙන්නේ 1200 - 3400 mAh බැටරි. ඉතින් හිතා ගන්න පුලුවන්න්නේ මෙහි තරම. 



මෙම දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය වන්නේ Android 5.1 Lollipop. 









Quad-Core 1-GHz Processor එකක් සහ 2 GB Ram එකකින් සමන්විතයි. 720p අගල් 5ක විශාලත්වයකින් යුත් තිරයක් ඇති අතර ඉදිරිපස කැමරාව 2MP  සහ පසු පස 8MP කැමරාවක් ඇත. ඒ වගේම 16GB මතකයක්ද මෙයට තිබෙනව.


දෑනට ලෝකයේ තියෙන වඩාත් ජනප්‍රිය වෙලදනාම සහිත දුරකතන සමග මෙහි වේගයන් , මෙහි කැමරාව සැසදීමේදී මෙය යම් අවම මට්ටමක පවතිනව ඇති. නමුත් දුරකතන භාවිතා කරන අය දන්නව ඇති සාමාන්‍ය භාවිතයට මේ ගුනාංග හොදටම ප්‍රමාණවත් කියල. 



දැන් ඔයාල හිතයි ආ ඔච්චරද කියන්න තියෙන්නේ කියල. අපෝ නෑ.. හිතන්න ඔයාගේ යාලුවෙක්ගේ Phone එකක බැටරිය බැස්ස කියල.. මේ දුරකතනය භාවිතා කරල එවැනි ඕනෑම දුරකතනයක් Carge කරන්න පුලුවන්. හරියට Power Bank එකක් වගේ.  හැබැයි මෙම දුරකතනය ඒ සදහා අවසර දෙන්නේ 10% දක්වා බැටරි ආයුකාලය දක්වා පමනයි. OGT පහසු කම තියෙනව. ඒ කියන්නේ කෙලින්ම OGT Cable එකක් භාවිතා කරල USB pendrive Read කරන්න පුලුවන්. 




ඊලගට මම දන්නව ඔයාල හිතනව ඇති මෙහෙම. හෙන ලොකු බැටරි එකක්නේ තියෙන්නේ.. චාජ් වෙන්නත් ගොඩක් වෙලා යනව කියල.. මේ දුරකතනයේ තියෙනව Flash CHarging කියන තාක්ශනය. එමගින් මේ බැටරිය 100% ක් චාජ් වෙන්න යන්නේ පැය 3 යි මිනිත්තු 30 ක වගේ කාලයක්. 








අද මම මේ ලිපිය ලිව්වේ ඔයාලට මේ දුරකතනය මිලදී ගන්න කියන්න නම් නෙමේ. ඔයාලව තාක්ශනිකව මේ පිලිබදව දැනුවත් කරන්න.
ඉතින් බ්ලොග් එකෙන් ඉදිරියේදී මේ වගේම තාක්ශනික ලිපි ඔබ වෙතට ගෙන එන්න මම සූදානම්. මේ පිලිබදව ඔයාට මොනාම හරි කියන්න තියෙනව නම් ලියන්න අපේ Comment Section එකේ.. තවත් ලිපියකින් හමුවෙමු.


Comments