Android වලට වඩා Apple හොද වෙන්න හේතු 6 ක් (Post 2)



ගිය වර ලිපියෙන් මම කිව්ව Android වල තියෙන වාසි Apple වලට සාපේක්ශව. ඒ ලිපිය බැලුවේ නැත්තම් මේ Link එකෙන් ගිහින් බලන්න කියන ගමන් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ Apple දුරකතනයක තියෙන වාසි ගැන. මේ ලිපි දෙකම කියවන කොට ඔයාලට තේරුම් ගන්න පුලුවන් වේවි ඇත්තටම මොන Smart Phone එකද ඔයාලට ගැලපෙන්නේ කියල. සාමාන්යෙන් මගෙන් යමක් කමක් තියෙන කෙනෙක් ඇහුවොත් ඇත්තටම මොකක්ද හොද Phone එක මට ගන්න පුලුවන් කියල, මම සාමාන්යෙන් ගත්තු කටටම කියන්නේ Apple කියල. ඒකෙන් මම අදහස් කරන්නේ නැ කිසිම වෙලාවක iOS එක Android වලට වඩා හොදයි කියල. මට බයක් නැතිව Apple කියල කියන්න පුලුවන් මොකද මට ඒ තරමටම Apple වල Hardware විශ්වාස කරන්න පුලුවන් නිසා.

බලමු එහෙනම් මගේ අදහස් සහ අත්දැකීම් වලට අනුව, Apple වල තියෙන වාසි, ඇත්තටම මොකක්ද මේ කියන තරමටම Apple වල තියෙන හොද කියල. ඒ වගේම මේ අදහස් 100% මගේ ස්වාදීන අදහස් නොවන වග මම කියනව. මම අත් විදල, Youtube සහ වෙනත් වෙබ් අඩවි වල සදහන් කරුනුත් එක්ක සංසන්දනය කරල ඉතා සාරාංශ වශයෙන් තමා ඔයාලට කියන්නේ.

1.Better Design එක වීම 



මම ගෙනහැර දක්වන පලමු කාරනය, යුගයට ගැලපෙන හොදම Design එක ඉස්සෙල්ලම හදන්නේ Apple කියල. Android Fans ලාට ටිකක් අවුල් වගේ උනාට ඇත්ත ඒකයි. මම කාලයක් තිස්සේ දැකපු දෙයක් තමා Android දුරකතන උත්සහ කරනව හැම වෙලාවෙම Apple ලගේ Design එක අනුකරනය කරන්න. ඇයි ඒ.. හේතුව ඒ කාලයට ගැලපෙන නවමු හැඩය එලියට එන්නේ Apple ලගෙන්.

ඒ වගේම Android දුරකතන බයයි Apple #1 වෙනවට. ඒ නිසා හැම වෙලාවෙම Android දුරකතන මාදිලි උත්සහ අරගන්නව Apple වලට වඩා එකක් හරි උඩින් ඉන්න.
උදා:
Apple 1GB Ram එකක් ගැහුවොත් ඊට පස්සේ එන ඔක්කෝම Android Phone ටික 3GB Ram ගහනව. නමුත් 1GB අපේ සාමාන්‍ය වැඩ වලට හොදටෝම ඇති. මොකද ඕවායේ After effects දාල Video Edit කරන්නද. අනවශය Ram Space භාවිතා කිරීමෙන් බැටරි වල ආයු කාලය වගේම දුරකතන රත්වීමට බලපානව. ඒ ගැන Apple හිතල තියෙනව.

Apple මේ පාර 6 එකට දැම්මේ 8MP කැමරාවක්. 6 එක එලිදක්වන විටත් අනෙකුත් දුරකතන සමාගම් 16 MP, 20MP වෙනකම් ඉහල අගයක් ඇති කැමරා භාවිතා කරනව කියල දැන දැනත් Apple සමාගම දුරකතන සදහා ඉතා උසස් 8MP කැමරාවක් ඇතුලත් කලා. අපේ ලංකාවේ අය උනත් දුරකතනයක හොද නරක මනින්නේ බොහෝ විට කැමරාවෙන්. Phone එකක් අතට ගත්තු ගමන් අහන්නේ කැමරාව කීයද කියල. ඇත්තටම 8MP කියන්නේ සාමාන්යෙන් අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් මට්ටමක කැමරාවක්. ඔය කියන විදිහට 1000MP වගේ කැමරාවක් ආවොත් ගොඩාක් හොද වෙන්න එපායෑ. ඕනාවට වඩා ලොකු කැමරා භාවිතා කිරීමෙන් Phone එකේ Storage එක ගොඩක් අඩු වෙනව බලන් ඉද්දි.


ඔය විදිහට තව ගොඩාක් දේවල් තියෙනව කියන්න පුලුවන්, ඊ ලගට මේ කොටසටම මම ඇතුලත් කරන්න කැමතියි Apple දුරකතන වල ආවරනය නිර්මානය කරල තියෙන්නේ Aluminium වලින්, නමුත් වෙලදපොලේ තියෙන බොහෝ Android දුරකතන වලට භාවිතා කරන්නේ ප්ලාස්ටික්. ඇලුමීනියම් කිව්වට මේක අපි සාමානය හට්ටි මුට්ටි හදන්න ගන්න ඇලුමීනියම් නෙමේ. මේ සදහා ඔව්න් 7000 Series aluminum නම් alloy වර්ගයක් භාවිතා කරනව. එමගින් ඉතා ශක්තිමත් බදක් මේවාට ලැබෙනව, ප්ලාස්ටික් වගේ පුපුරන්නේ නෑ. නමුත් කීප දෙනෙක් කියල තිබ්බ දෙයක් තමා Apple 6 නැවෙනව කියල. නමුත් මට භාවිතා කිරීමේදී එහෙම පහසුවෙන් නැවෙන ගතියක් තේරුනේ නෑ. ඇලුමීනියම් බද නිසා දුරකතනයට උසස් පෙනුමක් ලැබෙනව. ඒක ඉතින් අමුතුවෙන් කියන්න යන්නේ නෑ.

2.උසස් ගනයේ Camara එකක් තිබීම.




මේ වන විට Apple 6 දුරකතනයක කැමරාවට සම කරන්න පුලුවන් මට්ටමේ කැමරා සහිත ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතන තියෙන්නේ ඉතා සුලු ප්‍රමානයක්. ඒවාගෙනුත් slow-motion සහ time lapse videos යනු Apple වලට ආවේනික වූ දෙයක්. මම හිතන Apple6 වල කැමරාවේ ගුනාත්මක භාවය වගේම දුරකතනය තුල අඩංගු Hardware සමග ඉතා කාර්යක්ශමව වැඩ කරන්න පුලුවන් වීම තමා උසස් කැමරාවකට උරුම කම් කීමට ඇපල්ට හැකි වී තිබෙන්නේ.
විශේශයෙන්ම Apple iOS එක සහ gyroscope sensor එකට පහසුවෙන් ලගාවෙන්න පුලුවන් වීම මෘදුකාංග සංවර්දනයේදී Time Laps Video නිර්මානය කිරීම දක්වා කැමරාව දියුනු කිරීමට හැකිවෙලා තියෙනව.



3.අසම සම fingerprint sensor එකක් තිබීම.




මේ වන විට Samsung සහ HTC වැනි දුරකතන සමාගම් Finger Print වලට සංවේදී විදිහට දුරකතන නිපදවල තියෙනව ඇත්ත. නමුත් Apple වල ThouchID එකට ලංවෙන්න තාම එයාලට බැරි වෙලා තියෙනව. සමහර විට මේකට හේතු වෙන්නට ඇත්තේ මීට වසර කීපයකට පෙර Apple ආයතනය විසින් සමාගමක් මිලදී ගන්නව Authentec කියන. එයාල තමා ලෝකයේ ජංගම දුරකතන සදහා හොදම fingerprint sensor නිපදවන්නේ. එහෙනම් ඉතින් ඒකට කියල හදා ගන්නව ඇති නේ.


4. යාවත්කාලීන කිරීම 



මේ ගැන කතා කරන කොට ඔයාලට හිතෙයි මම ඇන්ඩ්‍රොයිඩ් වලටත් මේ වගේම කතාවක් කිව්වනේ කියල. Google ල නිරන්තරයෙන් OS එකේ නවතම Updates නිකුත් කරනව, ඒත් ඔය නිකුත් කරන තරමටම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන Update කරන්න පුලුවන්ද. අලුතින් Update කරන්න ගියාම Update එක නොගැලපෙන වෙලාවල් එනව. කීයක් කියල නම් දුරකතන තියෙනවද ඉතින්. නමුත් Apple දුරකතන භාවිතා කරන අයගෙන් වැඩි දෙනෙක් මේ වන විටත් නවතම iOS සංස්කරනයට යාවත්කාලීන කරලත් ඉවරයි. ඒ අතර තාමත් ඉගුරුපාං, ජෙලි බීන් පාවිච්චි කරන අයත් ඉන්නව.

5.හොද පාරිභොගික සේවාවක් තිබීම 



සමහර Android දුරකතන ආවේ කොහෙන්ද කියලවත් අපි දන්නේ නෑ. නමුත් අලෙවියෙන් පසු පැන නගින ඕනෑම ගැටලුවක් ගැන අහන්න පුලුවන් පාරිභෝගික් සේවාවක් Apple සතුව පවතිනව. අපිටනම් ඔය සේවාවල් ඕන නෑ, අපි ඉතින් වැඩ්ඩොනේ.. නේද


6.අමතර උපාංග තිබීම



Samsung ල වගේ මදේ උඩින් කවරේ පොඩ්ඩක් වෙනස් කර කර වසරකට මාදිලි ගනනාවක් Apple ල නිර්මානය කරන්නේ නෑ. මේ නිසා ස්තාවර සයිස් එකක් Apple දුරකතන වලට උරුම වෙලා තියෙනව. ebay එකට එහෙම ගියොත් අපිට Apple දුරකතනත් එක්ක සමගාමීව භාවිතා කරන්න පුලුවන් ගැජට් සෑහෙන්න දැක ගන්න පුලුවන්.

හොදයි, මම හිතනව ඔයාල මගේ ලිපි දෙකම කියවන්න ඇති කියල. දැන් ඔයාලට තීරනයක් ගන්න පුලුවන් මොකක්ද හරියටම ඔයාට ගැලපෙන්නේ කියල. මතකනේ මම ගිය පාර කිව්ව මේ ලෝකේ හොදම කියල දෙයක් නෑ. ඒ දේ හොදද යන්න තිරනය වෙන්නේ තම අවශය තාවය මතයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මට Finger Print වලින් වැඩක් නෑ කියල. තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් ටයිම් ලැප්ස් , ස්ලෝ මෝශන් වැඩක් නෑ, වැඩි පික්සල් ගානකින් යුත් කැමරාවක් තිබුනොත් ඇති කියල, සියල්ල තීරනය වන්නේ ඔබේ අවශ්යතාවය මතයි, ඉතින් මුදල් තියෙනව නම් කැමති එකක් ගන්න. කිසි ප්‍රශ්නයක් නෑ


ලිපියේ අඩුපාඩු තියෙනව නම් ඒව මට පෙන්නන්න කියල කියනව. දැනුමට යමක් එකතු කරගන්න ඇති කියල මම හිතනව. එහෙනම් ගිහින් එන්නම්. 

Comments