ලංකාවේ අපිට වැදගත් වන වෙබ් අඩවි 8ක්


ඉතින් යාලුවනේ කොහොමද, අද නම් මම නෙමේ ලිපිය ලිව්වේ. අපේ රසිකයෙක්ට මම අවස්තාක් දෙන්න හිතුව බ්ලොග් එකට එයාගේ අදහස් එකතු කරන්න. අහම්බෙන් වගේ මුහුනු පොතෙන් මට මුනගැහුන මේ යාලුවා තමා Nimrah Shahid. Nimrah දැනට ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවියක ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් සතිගානකට විතර ඉස්සර එවපු ලිපියක් මගෙත් අදහස් ටිකකුත් එකතු කරල තමා අද පලකරන්නේ. බොහොම ස්තූතියි යාලුව. ඔයාගේ උත්සහය අගයකරනව.

ඉතින් සමහර විට දැනටමත් ඔයා මේ සයිට් ගැන දන්නවත් ඇති. අපේ නොදන්න යාලුවන්ට දැනගන්නත් එක්ක තමා මේක මම දාන්න හිතුවේ. මොද අපේ සමහර යාලුවො ඉන්ටර්නෙට් එක කියල හිතන් ඉනේ Facebook ,Google විතරමයි. 


මේ යුගයේදී ඔබට ඕනෑම දෙයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. ඔබට යමක් මිලදී ගන්න පුලුවන් කොහෙන්ද? කෑමට දේයක් ගන්න පුලුවන් කොතනින්ද? මේ ඔනෑම දෙයක් අන්තර්ජාලය භාවිතා කරලා ශ්‍රි ලංකාවේදී ලේසියෙන්ම කරගන්න ඔබට පුලුවන්. ඒ සඳහා උදව් වන ප්‍රමුබ වෙබ් අඩවි ලැයිස්තුවක් අපි ඔබට ඉදිරිපත් කරනවා     

Ikman.lk (අරගන්න ,විකුනන්න )



මේක තමයි ශ්‍රි ලංකාවේ අංක එකේ අන්තර්ජාල ලුහුඩු දැන්වීම් වෙබ් අඩවිය. ඔබේ කුස්සියට අවශ්ය ටෝස්ටරය හොයාගන්න හෝ ගරාජයේ තියෙන වාහනය විකුනාගන්න, මේ ඕනෑම දෙයක් විකුනාගන්නත් මිලදීගන්නත් මේ වෙබ් අඩවිය හොද වේදිකාවක් නිර්මාණය කරලා දෙනවා.ගැනුම්කරුවන්ටත් විකුනුම්කරුවන්ටත් එකිනෙකාට සම්බන්ද වෙන්න පුලුවන් හොදම වේදිකාවක් ඉක්මන් විදියටයි සැලකේන්නේ. ඔබට ඉතාම ලෙහේසියන් මෙහි දැන්වීමක් පළකරන්නත් පළකරන ලද එවා පිරික්සා තමන්ට කැමති දේ මිලට ගැනීමටත් පුලුවන්.

Hirufm.lk (සිංදු අහන්න , වීඩියෝ බලන්න )



1998 වසරේ අරම්භයත් සමග රේඩියෝ කලාවේ නව වෙනසක් ඇති කිරීමට හිරු FM සමත් වුනා.සිංහල රේඩියෝ අසන්නන් අතරේ අංක එකේ ස්ථානය වසර ගණනාවක් තිස්සේ රැඳෙන්නට ඔවුන්ටහැකිව තිබේනවා. ඔවුන්ව හිතැති විශාල ශ්‍රාවක පිරිස නිසාම ඔව්න් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම රේඩියෝ නාළිකාව බවට පත්ව තිබේනවා.

Aluth.com (තාක්ශනයත් එක්ක Update වෙන්න )




ඔයා තාක්ෂනයට ගොඩක් ඇලුම් කරන කෙනෙක් නම්, වෙනස්වන තාක්ශනයත් එක්ක නිරන්තරයෙන් Update වෙන්න ඕන. Aluth.com කියන්නේ හොද වෙබ් අඩවියක්. නිරන්තරයෙන් නව තාක්ශනික ලිපි යාවත්කාලීන කරන නිසා දවසකට එක් වතාවක් හරි මේ වෙබ් අඩවියට ගොඩවුනාට වරදක් නෑ. ඒ වාගේම ලාංකික නිදහස් මෘදුකාංග නිර්මාන කරුවන් විසින් කරනු ලබන නිර්මාණ මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා ගන්නත් පුලුවන්. එම නිර්මාණවලට කිසිදු අයකිරීමකින් තොරව ඔව්න් විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය තුලින් ප්‍රසිද්ද කරනව. තාක්ශනය ගැන කිව්වට විවිද අද්‍යාපනික ලිපි රැසකින් සන්නද්ද හොද සිංහල වෙබ් අඩයක්.

Baiscopelk.com (ඔක්කොටම සිංහල උපසිරස මෙතනින් )




විදේශීය චිත්‍රපට සහ TV Serius බලන්න කව්ද අකමැති. ඉතින් එහෙම බලනකොට තියෙන ලොකුම ගැටලුව තමා භාෂාව. ප්‍රශ්නයක් නෑ. බයිස්කෝප් අඩවිය මගින් අපිට සිංහල උපසිරැස සමග සිනමාව රසවිදීමට දැන් අවස්තාව උදාකරල තියෙනව. ලාංකික උපසිරැසි කරුවන් රැසකගෙන් සැදුම්ලත් කන්ඩායමක් විසින් කිසිදු ලාබ පරමාර්තයකින් තොරව සිදුකරන මේ උත්සහයනම් ඇත්තටම අගය කලයුතුමයි. ඉංගීසි, දමිල, හින්දි, කොරියන්, ජපන් වැනි භාශාවලින් සැදුම් ලත් දැවැන්ත උපසිරැසි එකතුවක් තියන ඉතාම පැහැදිලි නිරවුල් වෙබ් අඩවියක්.

Kaymu.lk (ගෙදරටම බඩු ගෙන්න ගන්න )




විකුණුම්කරුවන් තමන්ගේ නිශ්පාදන පළකරන ගැණුම්කරුවන් එවා පිරික්සා මිලදීගන්න අංක එකේ අන්තර්ජාල වෙළදපොලයි මේ. භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආකර්ශනීය මිල ගණන් සහ දැවැන්ත වට්ටම් සහිතව ලැබීම නිසා මේය ඔබේ සියලු භාණ්ඩ මිලදීගැනීම් අවශ්යතා සම්පූර්ණ කරනවා. තවද ඔවුන් භාණ්ඩ ලැබූ පසු මුදල් ගෙවීම (cash on delivery)සහ ගැණුම්කරු ආරක්ෂාව (buyer’s protection) යන පහසුකම් නොම්ලේ සපයනවා.

Hirunews.lk (රටේ තොටේ වෙන දේවල් දැනගන්න )



ඔබට උණුසුම් පුවත් දැනගැනීමට, විනිමය අනුපාත දැනගැනීමට ඇතුලු සියලු ජාතික හා ජාත්‍යන්තරපුවත් දැන්ගැනීමට හොදම තැනයි හිරු නිවුස්. එය සිංහලෙන්, දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් පුවත් විකාශනයන් සිදුකරන ජනප්‍රියම අන්තර්ජාල පුවත් සේවයයි.

Yamu.lk (දැනගෙන රව්මක් ගහන්න )


වසර තුනකට කලින් ආරම්භ කරපු මේ වෙබ් අඩවිය අදවන විට කොළඹ නගරයේ ඇති ස්ථාන පිලිබද හොයාගන්න වැඩ්ම දෙනෙක් පිවිසෙන තැනයි. ඔබට හොදින් විනෝද වෙන්න මගපෙන්වන්න ආපනශාලා, තැබෑරුම් සහ අනිකුත් ස්ථාන පිලිබද තොරතුරු රාශියක් ඔබට මෙහිදී හොයාගන්න පුලුවන්.
Visit : http://yamu.lk/

Topjobs.lk (තමන්ට ගැලපෙන රැකියාවක් හොයාගන්න )





රැකියාවක් සොයන කෙනේක්ට තමන්ට කැමති රැකියාවක් සොයාගන්න හොදම තැනයි මේ. කුඩා සහ විශාල සමාගම් තමන්ගේ රැකියා අවස්ථා මේ අඩවියේ පලකරන්නේ එය පරිශිලනය කරන රැකියා සොයන්නන් සහ හාම්පුතුන් සම්බන්ද කරන හොදම වේදිකාව බවට මේය පත්කරමින්.

Comments

Alex Walker said…
Are there any New job posting websites in Sri Lanka ?