2016 ට ගැලපෙන හොදම Anti-Virus Guard එකක් Eset Smart Security 9


මම සාමාන්යෙන් පුරුද්දක් විදිහට හැම අවෘද්දකම පාවිච්චි කරන Virus Guard වැඩසටහන වෙනස් කරනව. ඉතින් මේ වසරේ මම පාවිච්චි කරන්නේ E-Set Smart කියන Virus Guard එක. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ එක Virus Guard එකක් දාගත්තාම ශතවර්ශ ගානක් යනකම් ඒක පට්ට ගහන්න පුලුවන් කියල. එහෙනම් ඇයි මේ Anti Virus  Guard හදන සමාගම් හැම වසරකම අලුත් Version එකක් එලිදක්වන්නේ. ප්‍රදාන හේතුව තමා වසරක් යනකොට Virus නිර්මානය කරන අය අදාල Virus Guard එකෙන් බේරිල රිංගන්න පුලුවන් තැනක් හොයා ගන්නව. ඉතින් Anti virus වැඩසටහන් නව ආරශිත පද්දති වලින් වැඩිදියුනු කරන එක හැම වසරකම කරන සාමාන්ය දෙයක් .ගොඩක් අය  Kaspersky , Bit Defender වගේ ඒවට හුරුවෙලා ඉන්නව. අව්ලක් නෑ මම ඒව නරකයි කියන්නේ නෑ. 2015 වසරේ මම පාවිච්චි කලේ Bit Defender එක. 

ලංකාවේ බහුතරයක් Anti Virus පරිගනක වැඩසටහන් සල්ලි දීල ගන්නේ නෑ. ගොඩක් වෙලාවට කරන්නේ කොහෙන් හරි Download කරල Pach එකක් හරි Crack එකක් හරි දා ගන්න එක. ඒක හරිම අවදානම් වැඩක්. ඔය විදිහට දාගන්න වැඩසටහන් ඇතුලේ මොන මොන ඒව තියෙනවද කව්ද දන්නේ, ඒ නිසා හැමවෙලාවෙම පුරුදු වෙන්න Anti Virus Guard එකක් Download කරන කොට අදාල නිල වෙබ් අඩවියෙන්ම Download කරගන්න.




ඒ විදිහට ගත්තට වැඩක් නෑ Guard එක Deactivate කරල Crack කරනව නම්. ඉතින් මේ කිසිම අව්ලක් නැති Guard එකක් තමා Eset-Smart කියල කියන්නේ.  

කිසිම ප්‍රශනයක් නැතුව ඔයාලට මේක එයාලගේ නිල වෙබ් අඩවියෙන් Download කරගන්න පුලුවන් වගේම ඉතා පහඩුවෙන් Key එකක් හොයාගන්නත් පුලුවන්. මතක තියාගන්න Serial Number එකකින් එහෙමත් නැත්තම් Key එකකින් Activate කරන එක ඇත්තටම ආරක්ශා සහිතයි. 



Eset-Smart ප්‍රති ආරක්ශක වැඩසටහනේ තියෙන වාසි මොනාද කියල දැන් බලමු.



  • පලමු වාසිය තමා මේක පරිගනකයේ Speed එක ගන්නේ ඉතා අවම ප්‍රමානයක්. ඒ නිසා Speed එක අඩු පරිගනකයකට වුනත් මම නිර්දේශ කරනව.
  • අන්තර්ජාලයෙන් ඔයා මුදල් ගනුදෙනු කරනව නම් විශේෂයෙන්ම E-Bay වගේ, මේ වැඩසටහන ඒ වගේ ගනුදෙනු ඉතා ආරක්ශිතව කරන්න පුලුවන් Banking Payment  පසුබිමක් නිර්මානය කරල දීල තියෙනව. 
  • පහසුවෙන් Update කරන්න පුලුවන් වීම. Update එක කුඩා වීම.
  • Anti-Theft පහසුකමක් ක්‍රියාත්මක වෙන නිසා විශේෂයෙන්ම ඔයාගේ Laptop එක එහෙම කවෘ හරි හොරකම් කලොත්, ඒ තියෙන තැන Track කරන්න පුලුවන් වීම. 
  • වැඩි දියුනු කරපු Firewall එකක් තිබීම. මේ නිසා අන්තර් ජාලය ආරක්ශිතව භාවිතා කිරීමට ඉඩක් හදල දෙනව. 
  • Anti-Phishing සහ spy වැඩසටහන්  වලින් ආරක්ශා කරනව. 
  • Parental Control එකකින් සමන්විත වීම. විශේෂයෙන්ම ඔයා දැනටමත් අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි නම් තමන්ගේ ආදරනීය දරුවන් පරිගනකයෙ නරක පැත්තෙන් ආරක්ශා කරන්න , පරිගනකය භාවිතා කරන කාලය සීමා කරන්න පුලුවන්. 







තවත් අපූරු කරුනක් තමා Eset Smart විසින් තම අලෙවි ප්‍රවර්දනය සදහා අපේ රටේ දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාරව තෝරාගෙන තියෙනව. 


ඉතින් මේ වැඩසටහන ඔයාගේ Computer එකටත් දාගන්න කැමතිනම් පහල ලින්ක් එකෙන් ගිහින් නිල වෙබ් පිටුවෙන් Download කරගන්න. 


Comments