ඔන්න යාලුවනේ අදත් ඔයාලට අපූරුම ලිපියක් අරගෙන එනව. මේ ලිපිය මම ලියන්න ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියේ. ඒත් ඒකට වෙලාවක් හරියට ලැබුනේ නෑ. නමුත් කියන්න සතුටුයි ඒ වැඩේ අපේ යාලුවෙක් බාරගත්ත. අයෝද්‍ය දහනායක සහෝට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනව එයාගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන්කල එකට. තවත් මේ වගේ වටිනා ලිපි ලියන්න හැකියාව ලැබෙන්න ඕන අපේ යාලුවට. හොදයි එහෙනම් ඔයාල ලිපිය කියවන්නකො.

මොඩියුලර් දුරකථන නමේ කියවෙන විදියට මොඩියුල්ස් ලෙස හදුන්වන දෘඩාංග කොටස් එකතු වෙලා හැදෙන දුරකථනයක්. "බිල්ඩින් බ්ලොක් ඩිසයින්" කියාත් මේ නිමාව හඳුන්වනවා. සාමාන්‍ය සාමාගම් වලින් නිකුත් කරන දුරකථන වලට වඩා මේවා තරමක් වෙනස්.
මොඩියුලර් තාක්ශණය යම් පද්ධතියක් තවත් කුඩා උප පද්ධති වලට වෙන්කර එමගින් එය වෙනස්ම පද්ධතියක් බවට පත්කරන්නට සමත් වෙනවා. අපි ජීවත් වෙන්නේ තමන්ගෙ වුමනා එපාකම් මත නිෂ්පාදනයන් වෙනස් කරගන්න කැමති කාලයකයි. එ වගේ කාලෙක මොඩියුලර් තාක්ශණය බාවිත කරන දුරකථන වලට ස්මර්ට් දුරකථ්න භාවිත කරන්නන් අතර ලොකු ජනප්රියත්වයක් ලැබෙන්න පුළුවන් වගේම එය තාක්ශණික පැත්තෙනුත් විශාල ජයග්රහනයක් විදියට හඳුන්වන්න පුළුවන්.
අන්තර්ජාල වෙළඳපොලක් වන Kaymu ඔවුන්ගේ විකුණුම් ඇසුරෙන් සිදුකල විශ්ලේෂණයකට අනුව පවසන්නේ ශ්‍රි ලංකාව තුල ස්මාර්ට් දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපාංග වල විකුණුම් දිනෙන් දිනම වැඩිවන බවයි. උසස් ස්මාර්ට් දුරකථන වැනි තාක්ෂණික උපාංග වලටත් මේ ප්‍රවනතාවය එලෙසම පවතින බවයි ඔවුන් කියන්නේ.
Project Ara හි විකාශනය
Project Ara දුරකථන වල පෙනුම සහ මිල ගැන වගේ ගොඩක් දෙවල් ගැන ලොකු කතාබහක් පසුගිය කාලය පුරාවටම පැවතුණා. දැනට මේ Phonebooks තියෙන්නේ එවායේ මූලික අවදියේ (prototype stage), එය පෙනුමෙන් සරල සෘජුකෝණාශ්‍ර සැකිල්ලක (endoskeleton) හැඩයක් ගන්නවා. මෙහි ඇති හිදැස් වලට තම කැමැත්ත පරිදි වේගවත් සකසනයක්, මෙගා පික්සල් 8ක කැමරාවක්, හොඳ තත්වයේ ස්පීකරයක්, හෝ ස්ක්‍රින් එකක් වැනි දෘඩාංග කොටස් අමුණා ගන්න පුළුවන්. මේවැනිම තාක්ෂණයක් සහිත දුරකථනයක් PuzlePhones විසිනුත් අත්හදා බලමින් සිටිනවා.
ඔබ Project Ara දුරකථනයක් ලබා ගතයුත්තේ ඇයි?
ඔබට කැමති ලෙස තිරය, සකසනය කැමරාව ශබ්ද පද්ධතිය බොත්තම් සහ වඩාත් වැදගත් වර්ණය සහ නිමාව තොරාගැනීම සහ වෙනස් කර ගැනීම වගේ දේවල් කරන්නට ඉඩ ලැබෙනවා.භාවිත කරන්නන්ට තමන්ගේ අතේ ඇති මුදලට ඔවුන්ට අවශ්‍ය කරන විදියේ දුරකථනයක් නිර්මාණය කරගැනීමට මේමගින් අවස්ථාව ලැබෙන්වා. මේ දුරකථනය මිලදීගැනීමේ
තවත් වාසියක් වන්නේ යම් දොෂයක් ඇතිවූ විට එම කොටස් ලෙහෙසියෙන් මාරු කළ හැකි වීමයි.
මේ Project
Ara දුරකථන වල ඇති සුවිශේෂීම අංගයක් වන්නේ කුඩා ටෙලි ෆොටෝ කාචයක් හෝ හෳද ස්පන්ධන
මානයක් වැනි විශේෂිත උපාංග සම්බන්ධ කල
හැකි වීමයි.
මේ
දුරකථන තවමත් සාමාන්‍ය පාරිභොගිකයින් අතට පත්වෙන්නට තරම් දියුණු නැති වුනත් මෙවැනි
දුරකථනයක අයිතිකරුවෙක් වන්නට බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දුරකථන වල මිල ගනණ්, නිකුතු
දින සහ බෙදාහරින්නන් වගේ වැඩිදුර තොරතුරු ගැන දැනගන්න හුඟ දෙනෙක් උනන්දුයි.
ගූගල්
සමාගම තවමත් මේහි නිකුතු දිනයක් ප්‍රකාශ කර නැතත් 2017 වසරෙදී
මේ දුරකථනය වෙළඳපොලට පැමිනේවි කියා බලාපොරොත්තු වෙන පුළුවන්.
ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපට ලියන්න.
Comments