Sony Ericsson දුරකතන වල සැගවුනු Folders බලාගමු

ඉතින් යාලුවනේ අද මම ගෙනාවා ඔයාලට මැක්සා වැඩක්. මේ යටතේ මම ඉදිරියේදී ලිපි පෙලක් ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාතෘකාවෙන්ම තේරෙනව ඇතිනේ මේ වැඩේ මොකක්ද කියලා. ඇත්තටම මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත මෙහෙයුම් පද්දතියට අදාල සියලුම ගොනු/ෆයිල් දැක බලා ගන්නා ආකාරය.ඔයාල හොදටම දන්නවනේ ඔයාලගෙ ජංගම දුරකතනය පරිගනකයට සම්භන්ද කල විට පෙන්නන ෆයිල් සහ ෆොල්ඩර්. ඉතින් ඒවා ගැන නෙමේ මම කියන්නේ. මම කියන ෆයිල් ඔයාලට එච්චර ලෙසියෙන් දැක බලා ගන්න බැහැ. ඒවට විවිද ක්‍රම තියෙනව. ඉතින් මෙක දැනගත්තම මොකක්ද ඔයාලට තියෙන ප්‍රයොජන.
  1. ඔයාලට ඔයාලගේ දුරකතනය කැමති විදියකට වෙනස් කර ගන්න පුලුවන්.
  2. ආයෙ ඉතින් සොෆ්ට්වෙයා යන සීන් වලට පොඩ්ඩක් වත් බය වෙන්න එපා.ඒව දාන එක සිම්පල්.
  3. අන්ලොක් කරන්නත් පුලුවන් වෙනව(Flash)
  4. ඔයාගෙ දුරකතනයේ තියෙන වැඩ කැලි තව වැඩිකරගන්න පුලුවන් වෙනවා.
  5. ඔයාට කැමති විදියට දුරකතනයේ අකුරු රටාව වෙනස් කරගන්නත් පුලුවන්.
ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩාක් වැදගත් කියල. ඉතින් මේවැඩේට මොනාද ඔනා කරන්නේ.
  • ඔයාගේ පැත්තෙන්.
ඔයා බොහොම ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඔනේ. කලබලේට උඩින් පල්ලෙන් මේ දාල තියෙන පොස්ට් කියවලා ගිගින් මගදි ඇන ගත්තොත් ඉතින් ඔන්න මං නැහැ.

ඔයා පරිගනකයට තවමත් ආදුනිකද?. මෙන්න වැන්ද දැන්ම මේ වැඩේ අත අරින්න පුතො!.

ඔයා අවදානම් ගන්න ඔනෙ. නැතුව මේක ඉගෙන ගන්න බැහැ. ඉතින් ඔයා අවදානමක් ගන්න බැරිනම් මට මුකුත් කියන්න එපා. එක ඔයාගෙ කැමැත්ත. මේ වැඩේ නොකර ඉන්න.

  • ඔයා භාවිතා කරන දුරකතනය හා අනිකුත් මෘදුකාංග.
චීනයේ නිශ්පාදිත දුරකතන තියෙන අයට මේ වැඩේ කරන්න බැහැ.

මම මෙතනදී යොදා ගත්තේ Sony Ericsson මාදිලියේ ජංගම දුරකතන. Nokia,Samsung,LG වලට කොහොම සෙට් වෙයිද කියල කියන්න බැහැ.

Download This Software

Far Manager with sefp
USB Flash Driver

Other

DC 60 Sony Ericsson Data cable 


තව ඔය ටච් ෆොන් වලට මේ වැඩේ සෙට් වෙයිද කියන්න  බැහැ.
  • මගෙ පැත්තෙන්.
මගෙන් ඔයාලට ලැබෙන්නේ පොඩි මග පෙන්වීමක් පමනයි. මේ පොඩි දේ ඉගෙන ගෙන ඔයා අහස අල්ලන්න එහෙම යන්න එපා. ඔයා තව තව දේවල් අන්තර්ජාලයෙන් සොයන්න. පුලුවන්නම් ඒව අප අතරේ බෙදන්න ඔයාට පුලුවන්. ඔයාට මම නැවතත් අවදාරනය කරන්නේ මේකෙ යම් අවදානම්ක් තියෙනවා.ඒ නිසා ඔයාලගෙ අතින් සිදුවන වැරදි අඩුපාඩු හො, මේ මම දක්වා ඇති තොරතුරු වලට පිටින් ගිහින් වැඩ වරද්ද ගත්තොත් ඉතින් මට වගකියන්න බැහැ. ඒ වගේමය් මුලු ක්‍රියාවලියේ අවසන් වන තුරු පරිගනකය එක දිගට ක්‍රියාකරිත්වයක තබා ගත යුතුයි.අබලන් හා ඉතා මන්දගාමී පරිගනක, Virus ඇති පරිගනක මේ ක්‍රියාවලිය යම් අවදානමකට ගෙනයන වග හොදින් මතක තියා ගන්න.

අපි එහෙනම් පටන් ගමු

ඉතින් මම හිතනවා ඔයාල ඔය මම උඩින් දාල තියන සොෆ්ට්2 බාගන්න ඇති කියලා. මේ වැඩේට මම යොදා ගන්නේ Sony Ericsson C902

  
ඉහත සොෆ්ට්.වෙ ටික ඔය විදියට ගන්න බැරි උනොත් Google වලට ගිහින් හොයල බලන්න.  FarManager මෘදුකාංගය බාද්දී SEFP කියන ප්ලගින් එක තියෙන එකක් ගන්න.

මුලින්ම ඔයා කරන්න ඔනෙ ඔයගෙ ෆොන් එක ඔෆ් කරන්න. මෙමරි කාඩ්, සිම් එහෙම තියෙනවනම් ගලවල දාන්න. ආපහු බැටරිය ෆොන් එකට දාන්න හැබැයි ඔන් කරන්න එපා. 

සාමාන්යෙන් Sony Ericsson මාදිලියේ දුරකතනවල කී පැඩ් එකේ තියෙනවා "C" නමින් බොත්තමක්. අපි Massage ලියන කොට අකුරු මකන්න යොදා ගන්නේ මේ බොත්තම තමයි.පහත ඇත්තේ Sony ericsson C902 ෆොන් එකට අදාල KeyPad එකයි.හොදින් පරික්ෂා කරල බලන්න ඔයාලගෙ Sony ericsson එකෙත් එහෙම තියෙනවද කියල.
ඉතින් මම හිතනව ඔයාල හොයා ගත්තා කියලා. හොදයි දැන් ඉතින් තියෙන්නේ ඔය බොත්තම ඔබා ගෙන ෆොන් එකේ ඩේටා කේබල් (DC 60) එක සම්බන්ද කිරීමයි.
 මතක තියා ගන්න "C" බොත්තම අත අරින්න එපා. එතකොට අලුත් Device එකක් ඔයාලගේ පරිගනකය විසින් හදුනා ගන්නවා.

එතනදී ඔයාල අර බාපු  එක USB Flash Driver එක මෙතෙන්ට ලබා දෙන්න ඔනේ. මෙක ඉතා සරල ක්‍රියා වලියක් බැවි මම ඉතා සංශිප්තව කරුනු දක්වන්නේ. ඔබට මේ පිලිබදව ගැටලුවක් ඇත්නම් ප්‍රවීනයෙක්ගෙන් සහය ගන්න.

ඉතින් ඔය මම ඉහත කී ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවේ නම් ඔයා භාවිතා කරන ඩේටා කේබල් එකේ හො, පරිගනකයේ USB Port එකේ හරි ඔයා ගේ අතින් සුලු අතපසු වීමක් හො වෙන්න පුලුවන්. නැවත හොදින් පරික්ෂා කරන්න.කොහොම හරි වෙන්න ඔනෙ අවසානයේ ඔයා එක පරිගනකයට ස්තාපිත කිරීමයි. සියල්ල අවසානයේ ඩේටා කේබල් එකෙන් ෆොන් එක ගලවන්න.

දැන් ඔයා Far Manager මෘදුකාංගය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසු ALT+F2 හො F11 මගින් පහත ආකාරයට මෙනු එකක් කරගන්න.

එහි ඔයාලට දැකගන්න පුලුවන් වෙයි SEFP නමින් තොරාගත හැකි යමක් ඇති බව. ඔයා ඒක තොරන්න. මතක තියා ගන්න ඔයාගේ මෘදුකාංගයේ එහෙම එකක් නැතිනම් ඔයා බාල තියෙන්නේ sefp ප්ලගින් එක නැති FarManager එකක්.

ඔයාල හරියට තේරුවානම් මේ පහල තියෙන ආකරයේ ඔයාට දැකගන්න පුලුවන්.

තේරෙනවනේ කියල තියෙන දේ. ඔයා ෆොන් එක ඔෆ් කරලා "C" බොත්තම ඔබාගෙන ඩේට කේබල් එක නැවත වරක් සම්බන්ද කරන්න

එවිට ටික වෙලාවකින් ලොඩ් වෙයි ඔයාගේ සැගවුන ෆයිල් සියල්ල.
ඉතින් ඔන්න මම ඔයාලට මේ ලිපියෙන් මම කියා දුන්නේ දුරකතනයේ සිස්ටම් ෆයිල් බලා ගන්න ආකාරය. මීට පසුව ගෙන එන ලිපි වලින් මම කියා දෙන්නම් කොහොමද මේ ෆයිල් පරිගනකයට කොපි කර ගන්නේ හා මොඩ් පැක් භාවිතා කරල දුරකතනය වෙනස් කර ගන්නා ආකාරය.

ලගදීම ඔබ වෙත

ඔබේ අදහස් මා දිරිමත් කරනා වග ඔබ දන්නවාද?දාන්න පුංචි කොමින්ටුවක්.

Comments