Text Box හා Label එක්ක වැඩ කරමු 01


මුලින් මම හදුන් වල දුන්නා වගේ ටෙක්ස් බොක්ස් එකක් කියන්නේ අපිට දත්තයක් ඇතුලත් කිරීමට වැදගත් වෙන ඔබ්ජෙක්ට් එකක්. මේ පාඩමේදී මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ටෙක්ස්බොක්ස් එකකින් වැඩසටහනට යමක් ඇතුලත් කරනා අන්දම හා ඉන් පිටට ද්ත්තයක් ගන්නා ආකාරයි. මුලින්ම අලුත් වීබී ප්රොජෙක්ට් එකක් ගන්න. එයට Text Box 1 ක් Label 2ක් හා Command Button2 ක් එක්කර ගන්න.එහි පහත ආකාරයට ප්රොපට් වෙනස් කරගන්න

Label1      Name = lbl1
Label2      Name = lbl2

Label1\Label2 Border Style = Fixed Singly
Label1\Label2 Caption = හිස්ව තබන්න

Text Box1  Name = txt1
            Text = හිස්ව තබන්න

Command1 Caption = Set Text
Command2 Caption = Get Text
Command3 Caption = Clear



දැන් මම හිතනව ඔයාල මම කියපු විදියට කරල ඇති කියලා. ඉතින් මේ ඔබ්ජෙක්ට් පහත ආකාරයට ෆොර්ම් එකේ ප්ලේස් කර ගන්න.



ඔයාලත් මම වගෙම ෆෝම් එක හදා ගන්න ඇති. එහෙනම් ඉති අපි මේකට Code ලියමු. පලමුව මම ලියන්නේ Set text යන බොත්තමට. ඔයාලත් ඔය පහල තියෙන කෝඩ් ටික කොපිකරලා දාන්න යන බොත්තම මත ඩබල් ක්ලික් කරලා පහත ආකාරයට කේතනය කරන්න.

lbl1.Caption = txt1.Text




Get text යන එකට පහත කේතයන් ලබා දෙන්න

txt1.Text = lbl2.Caption

දැන් ඔයාලා හදපු වැඩසටහන Run කරලා බලන්නකෝ. මොකද උනේ. ඔයා Text Box එකට ඔයාගේ නම ඇතුලත් කරලා Set Text යන්න මත ක්ලික් කරන්න. එතකොට ඔයාගේ නම lbl1 වලට එකතු වෙනවා නේද. අපි බලමු මේක උනේ කොහොමද කියල. මම නැවතත් Set text බොත්තම තුලට ඇතුලු කරපු කෝඩ්න් ටික පහල ආකාරයට පෙන්වන්නම්.



 බලන්න ඉහත කෝඩින් දිහා. ඒකේ ඉහලින් පටන් ගන්නේ Private Sub Command1_Click() යනුවෙන්. මේවා ස්වයංක්රීයවම වීබී වැඩසටහනෙන් නිර්මානය කරනු ලබයි.අපි මේ පෙලට ඔබ්ජෙක්ට් එකට අදාල ඉවෙන්ට් එක කියා කියනු ලබනවා. ඉදිරියේදී ඉවෙන්ට් ගැන ඉතා දීර්ග වශයෙන් මම කියා දෙන්නම්. අවසානයෙන් ඇති End Sub යන්නත් ආකාරයෙන්ම නිර්මානය කරනු ලබයි. හොදයි...

ඔයාලා lbl1 යනුවෙන් ටයිප් කරල තිත් “.” සලකුන තියන කොට මොකද වුනේ. . .  පහලට ඩ්රොප් ඩවුන් මෙනු එකක් ආවා නේද



එහෙම ආවේ නැත්නම් ඔයා ඔබ්ජෙක්ට් වලට හරියට නම් ලබාදීලා නැහැ. අය නැවත පරික්ෂා කරන්න ඔනේ කොතනද වැරදි කියලා. විදියට පහලට එන්නේ Property  list  එක. කියන්නේ ඔයා lbl1 කියල ලියලා ඩොට් එකක් ලබා දුන්නාම ලේබල් එකට අදාල Property  තමයි ඔය විදියට පෙන්නන්නේ. Label එකක් ඇතුලේ යම් කිසි වචනයක් ඇතුලු කරන කොට අපි එයාගේ වෙනස් කරන Property වෙන්නේ කියන Property . ඉති lbl1 ගේ Caption එක මම සමාන කලේ කාටද . . txt1 ගේ text කියන Property කට නේ. . ඔයා වැඩ සටහන ක්රියාත්මක කරනා අවස්තාවේදී ඔයාගේ text box එකට ඇතුලු කරනා ඕනැම දෙයක් text box එකේ text Property  එකට තමයි ඇතුලත් වෙන්නේ. අන්න නිසා තමයි ඔයා set text කියන button එක  ක්ලික් කරනා විටදී text box එකේ අන්තර්ගත කරුනු lbl1 ට ඇතුලත් උනේ.

ඉතින් ඕකෙම අනිත් පැත්ත තමා මම ලබා දීලා තියෙන්නේ ගෙට් txt1 බොත්තමට. නිසා තමයි Get text බොත්තම ක්ලික් කල පසු label2 අදාල “Hello..!” යන වචනය txt1 තුලට ඇතුලු වුනේ.

අවසාන වශයෙන් මම txt1 ගේ හා lbl1 ගේ අන්තර්ගත දේවල් මකා දැමීම සදහා Clear නමින් තවත් බොත්තමක් ඇතුලත් කරලා තියෙනවා.
මේ තියෙන්නේ එකට අදාල කේත

txt1.Text = " "
lbl1.Caption = " "

එතනදී ටෙක්ස් බොක්ස් ගේ ටෙක්ස් නම් Property  එක සමාන කලේ " " සංකේත දෙකට. ඔයා ඔය සංකෙත දෙක මැද ඔයාගේ නම ලියලා බලන්න. ඔය මම පහල දාලත් තියෙන්නේ.
txt1.Text = "Chinthaka Deshapriya"
නමක් වගේ එකක් ලියද්දී VB වල "" සලකුනු දෙක අතර මැද ලියන්න ඕනේ. මොකද ඔයාගේ නම VB වල කේතයක් නෙමේනේ. හරි . . Run ලාද? හරියට කලානම් Clear  බොත්තම ඔබන කොට lbl1 හිස් වෙලා txt1 ඇතුලේ ඔයාගේ නම වැටෙන්න ඕනේ. .  මම කියලා දුන්නේ පුංචි අත්හදා බැලීමක් . . දැන් ඉති ආපහු තිබ්බ විදියටම ඕක හදන්න. "" දෙක අතර කිසිවක් මම ලියල නැති නිසා තමයි, txt1 ගේත් lbl1 ගෙත් සියල්ල මැකුනේ කියලා දැන් ඔයාට තේරෙනවාත් ඇතිනේ. . .

මේ පාඩම හොදට ඇගට වදින්නේ ඔයා කෝඩින් ඔයාගේ අතින්ම ටයිප් කරන්න. නැතුව කෙලින්ම Copy Pest කලොත් ඉන් ලැබෙන ප්රායෝගික දැනුම සීමිත බව ඔයා හොදින් මතක තියා ගන්න.

ඔන්න කට්ටියට තවත් ලේසි වෙන්න මෙතෙක් කරපු project එක මම පහල දාලතියෙනවා. ඔයාලට ඕනෙනම් බා ගන්න




Comments