Visual Basic 6.0 සරලව



පරිගනක භාෂාවක් කියන්නේ කුමක්ද?


ටිකක් ඔයා ඔයාගේ පරිගනකයට කතා කරලා කියන්න බලන්න මොකක් හරි වැඩක්.ඔයාහිතනවද ඔයාගේ පරිගනකය ඔයා කියපුදේ ඔයාට කරලා දෙයි කියලා. ඒක හරිම විහිලුවක්. ඇයි අපි කියන දේවල් පරිගනකයට වැටහෙන්නේ නැත්තේ. ඒකට තියෙන්නේ හරිම සරල පිලිතුරක්. තමා, පරිගනකයට අපි කතාකරන භාෂාව වටහා ගැනීමට නොහැකිවීම. හරියටම කිව්වොත්,පරිගනකයකට මිනිස් භාෂාවක් වටහා ගන්න බැහැ. සිංහල,ඉංග්රීසි,දෙමල,ජපන් ආදී නොයෙක් මිනිස් භාෂා ගනනාවක් තිබුනත් මේ කිසිදු භාෂාවක් පරිගනකයකට වටහා ගන්න බැහැ. විදුලි බලයෙන් ක්රියා කරනා පරිගනකයකට වටහා ගත හැකි එකම භාෂාව වන්නේ විදුලි බලය ඇත/නැත යන වග විතරමයි.
විදුලිය හා මිනිස් භාෂා අතර කිසිදු ගැලපීමක් නැහැ. නිසා මිනිස්සු මොකද කලේ, මේ විදුලිය ඇත කියන අවස්ථාව අංක 1 න් , නැත යන අවස්ථාව 0 න් සංකේතවත් කලා. අන්න තමා ලොකේ පලමු පරිගනක භාෂාව. අපි මේකට Machine Language (යාන්ත්රික භාෂාව) කියල කියනවා. ඔය පහලින් තියෙන්නේ. .

110001101011100010101101011010010100100101010000010011110101111110100010100101011110001001000010001000001000010001011001010100101010000100100000

ටිකක් බලන්න ඔයාට පුලුවන්ද කියලා ඒව තේරුම් ගන්න. බැහැනේ. .  අන්න ඒක තමා මේ භාෂාවේ තිබුනු ලොකුම අඩු පාඩුව. මේ භාෂාව කාලේ යොදා ගත්තේ පරිගනක පිලිබද හසල දැනුමක් තිබ්බ ඉතා සීමිත පිරිසක්(විද්යාඥ්යො). මේ ක්රමයට ලේකනය කිරීම හරිම අසීරු වැඩක් නිසා එයාල මොකද කලේ, මේවා සාමාන් මිනිස්සුන්ට තේරෙන භාෂාවකට පරිවර්තනය කලා. ඔය පහල තියෙන්නේ. . .

11100011 =   START           
11000110 = GOTO
11110000 = END


එයාල මේ විදියට මිනිස් වදන් යාන්ත්රික භාෂාවකට අනුරූප කලා. එයාල පරිගනකයට යම් විදානයක් ලබා දුන්නේ එයාල හදා ගත්තු සංකේතාත්මක ඉංග්රීසි වචන වලින්. එම විදානය ඊට පස්සේ යවනවා පරිවර්තක වැඩසටහනක් හරහා (Compiler). දැන් නැවතත් එය යාන්ත්රික භාෂාවට හැරවෙනවා.

ඉතින් ඔන්න ඔහොම තමා පරිගනක භාෂාවක් නිර්මානය වුනේ. ඉතින් විදියටාඅ හදපු භාෂාවලුත් කාලෙන් කාලෙට වෙනස් උනා උසස් උනා. නිසා කාලවලට භාෂාවන්ගේ පරම්පරා (GENARATION)කීපයක් මේ වෙනකොටත් නිර්මානය වී අවසන්.

Visual Basic කියන්නේ පරිගනක භාෂාවක්ද?


Visual Basic  පරිගනක භාෂාවක් නෙමේ. මේක අපිට පහසුවෙන් පරිගනක වැඩසටහනක් නිර්මානය කිරීමට මයික්රොසොෆ්ට් සමාගමෙන් නිර්මානය කරපු තවත් එක ටූල් එකක් විතරයි. හරියට Word/Excel වගේ. මෙතනදී එයාල යොදා ගත්ත පරිගනක භාෂාවට කියන්නේ JW Basic කියලා. එයාල මේ ටූල් එක හරහා එම භාෂාව සගවා අපිට ඉතාම පහසුවෙන් පරිගනක වැඩසටහනක් නිර්මාණය කල හැකි අතුරුමුහුනතක් (Interface) නිර්මානය කරල තියෙනවා. තවදුරටත් කියනවනම් මෙතනදී කේතනය (Coding) කිරීමත් හරිම පහසුයි. යම්කිසි ටූල් එකකින් සම්පූර්න පරිගනක වැඩසටහනක් නිර්මානය කිරීමේ පහසුකම් තියෙනවනම් අපි වගේ ටූල් එකකට කියන්නේ IDE එකක් කියල කියනවා.



Comments