ඔයා හොයන නොම්මර 1 Virus Guard එක Avast වනු නිසැකයි.




පරිගනක වයිරස් කිව්වම ඉතින් ලෝක ප්‍රශ්නයක් තමයි. නමුත් ගොඩදෙනෙක් මේ වයිරස මට්ටු  කරන්න ගිහින් නොසිතූ විරූ ආකාරයට තමාගේ පරිගනකය හොදටොම slow කර ගන්නවා. ඒ මොකක් නිසාවත් නෙමේ, සමහර Antivirus දාගෙන.

සමහරු antivirus එකක් දාන්නේ තමාගේ පරිගනකය ඊට සුදුසුද කියල බලලත් නෙමේ.මම හොදට දැකල තියෙනවා එක් අයෙක් තමාහේ PIII පරිගනකයට (933 Mhz) එකකට Kaspersky 2010 දාගෙන ඩෙගා නටනව :-O .   සමහර අය දැම්මට කිසි නඩත්තුවක් දෙන්නෙ නැහැ. සමහරු antivirus එකක් තම පරිගනකයට install කර ගන්නේ ආසාදනය වෙලා Windows මැරෙන්න  ඔන්න මෙන්න තියෙන පරිගනක වලට. අනේ! අපොයි මම මෙහෙමත් එව කොච්චර නම් දැකල තියෙනවද.. :-)
 ලංකාවෙ ගොඩදෙනෙක් Kaspersky පිලිබද ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. Kaspersky ඇත්තටම හොද Virus Gard එකක්. නමුත් මම පොදුවෙ මෙහි අඩුපාඩු කිහිපයක් දකිනවා. ඒ නිසා මම පෞද්ගලිකව කැස්පට ආසනෑ. එතැනිනුත් මම ගොඩාක්ම අකමැති මෙයාගෙ Update එක මාර ලොකුයි. සාමාන්යයෙන් Installation file එකට වඩා Update එක ලොකු වෙනවා. මේක අපේ වගේ රටවල් වලට කොහෙත්ම හිතකර තත්වයක් නෙමේ. සතේ සතේ එකතුකරල යන්තන් Reload එකක් දාගෙන 100mb විතර පැකේජ් එකක් active කරගෙන අන්තර්ජාලයේ සිරිනරබන්න යන කට්ටියට පසේ බුදුවරුන්ගෙම පිහිටයි. ඩොග වදින්න විතරයි ඕනේ. සේසතම ඉවර්යි. එකය් මම විශේෂයෙන්ම මෙ කැස්පට කැමති නැත්තේ. මොකද අපි හොදට සල්ලි බාගෙ තියෙන අය නෙමේ.. මම කිව්ව කතාව එතරම්ම ගැටලුවක් නොවන අය කිසි අව්ලක් නෑ දා ගන්න.

අතිත් ගැටලුව තමයි virus G. install කලාම පරිගනකය ගොඩක් slow වෙන එක. මම මේ කියන්නේ බොහෝ antivirus Gard අපිට virus එකකටත් වඩා  වද දෙනවා. සමහර විට computer එකට ලොකු බල පෑමක් එල්ල කරන්නේ virus එක නෙමේ. එක අල්ලන්න දාපු ගාඩ් එක. ඉතින් ගාඩ් එකෙන් වද දෙන කොට සමහර අයට හිතෙනව ගාඩ් එකක් දැම්මට වඩා හොදා නිකන් හිටියනම් කියල.
නමුත් පොදුවේ මම kaspersky වල දකින උතුම් ගුනාංගයකුත් තියෙනවා. හැම විටම අපි එක දේක නරක පැත්ත දකින්න හොද නෑනේ. සමහර වෙලාවට මෙයා virus මගින් ලෙඩ දුන්නු EXE file පිරිසිදු කරල ඒ file එක සුමගට ගන්නට පුලුවන් අපූරු හැකියාවක් Kaspersky ට තියෙනවා. දැන් ඔයාල බලයි මෙයා Avast ගැන කියන්න ඇවිත් මොකාටද මෙ එන්නේ කියල. හරි හරි කියන්නම් කියන්නම් ...

මම Avast භාවිතා කරන්නේ 2008 විතර ඉදන්. අද වෙනකම් Avast මගේ විශ්වාසය කඩල නෑ කිසිම දවසක. Virus එකක් අදුනා ගත්තු ගමන් කාන්තා කටහඩකින් ඒ පිලිබදව මනාව දැනුම් දීමක් කරනු ලැබනවා.  මුල් කාලයේ version එක වගේ නෙමේ. මම මේ වන විට භාවිතා කරන්නේ 7වෙනි සංස් කරනය. නමුත් avast වල ආරම්බය 1988 තරම් දිගු ඉතිහාසයකට දිව යනවා. 2011 වන විටත් මිලියන 165 කට වඩා වැඩි පිරිසක් භාවිතා කරන්නේ Avast බව සමහර විට ඔයාල දන්නේ නැතුව ඇති.මේ වන විට 161,704,839 වැනි Device ප්‍රමානයක් avast ගේ රැක වරනය යටතේ සිටිනවා.


ඒ වගේම තමා ඔයා Avast ඔයාලගේ පරිගනකයට install කලාට පස්සේ ඔයාල ඉන්ටෙර්නෙට් යන WEB Browser එකට Avast Plugin එකක් Install වෙනවා නිකන්ම. ඒ අතරේ පරිගනකයට Google Chrome Web Browser එකත් ඉබේම ස්තාපිත කරන්නේ ඔයාගේ ආරක්ෂාවට. Avast තියෙන පරිගනකයකින් Net යන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හදුනා ගත් ව‍යාදිජනක web Sites 100,333,575 තරම් දැවැන්ත ප්‍රමානයක් Avast මගින් අවහිර කරනවා. වෙබ් අඩවියකට යෑමට පෙර එහි ගුනාත්මක බවේ තක්සේරුවක්ද Avast මගින් ලබා දෙනවා. එම වෙබ් අඩවිය අසභ‍ය එකක්ද නැත්නම් මදයසාර දර්ශන සහිත එකක්ද ආදී එහි ගුනාත්මක බව ඇතුල්වීමට පෙර ඔයාට දැක ගන්න පුලුවන්.


තවත් අපූරු දෙයක් තමා Team viewer ට සමාන දුරස්තව තවත් පරිගනකයක් ආරක්දිතව පාලනය කිරීමට Avast වල අන්තර්ගත Remote Assictenss කියනා සේවාව මගින් කල හැකි වීම.
 හරියටම ශුවර් නැති Software එකක් Run කරන්නට පෙර එක Avast මගින් මැදිහත් වී Open කිරීමක් Auto Sandbox මගින් කරනු ලබයි.

Keybloger වැඩසටහන්ද මේමගින් පහසුවෙන් හදුනා ගන්නට පුලුවන් කමක් තියෙනවා.
ඉතාමත් වැදගත් දෙයක් තමා Avast Android දුරකතන වලටත් සහය දක්වන ආකාරයටත් නිමවා තිබීම.
 ඔයාගේ Android Smart Phone එක කවෘ හරි ඉස්සුවොත් ඔයා Avast Phone එකට දාල තිබ්බොත් හරියටම හොරා ඉන්න තැන Map එකකින් බලා ගන්න පුලුවන්.

කොහොමද වැඩේ. තවත් වඩ කිඩ ගොඩක් මෙයාට කරන්න පුලුවන්. ඔය පහලින් දාලා තියෙන්නේ Avast Mobile Security ගැන පොඩි Video පාරක්.

ඔයාලට මේ ලිපිය වැදගත් වගේ පෙනවනම් මට නොවරදවාම Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ. ඒකෙන් මම තවත් දිරිමත් වෙනව විතරක් නෙමේ මගේ අඩු පාඩුවක් තියෙනවනම් හදා ගැනීමක් වෙනවා.

Comments

Anonymous said…
නියම ලිපියක් චින්තක ජය.. මම මේ බ්ලොග් එකට අපු පළමු වතාව නියම බ්ලොග් එකක්
This comment has been removed by a blog administrator.
ඔව් යාලුව. මටත් ඒක දැන් තමා තේරුනේ. මම තාම බ්ලොග් වලට අලුත්. font size ලොකු කරන්නම්කො.
UnikGuy said…
mata mathaka widiyata web reputation cn eka kalin mageth google giyama pennuwa eth dan eka penne nane kohomda active kraganne??
ගොඩ දෙනෙකුගෙන් මේ ලිපියට හොද ප්‍රතිචාර වගේම සීමිත පිරිසකගෙන් මේ ගැන අයහපත් ප්‍රතිචාරත් ලැබුනා. මොකක් නමුත් ප්‍රතිචාර වලට ගොඩක් තුති.. මම මේ ලිපිය දැම්මේ ගහෙන් පොල් එනව වගේ කිසිවෙකු කියන නිසා නොවේ. මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන නිසා ඇතුලත් කලේ ඉතා දිගු විස්තර ඇතිව. කෙනෙක්ට හොද එකක් තව කෙනෙකුට නරක වෙන්නත් පුලුවන්. ඒක ලෝක සොභාවයනේ. කොහොම නමුත් ටෙක්කතා වල කාලිංග අයියා පවා භාවිතා කරන්නේ avast තමා. ඒ නිසා ලියන්නම් වාගේ comment ලියන්න එපා. මේක ප්‍රායෝගිකව යොදලා බලන්න.
Unknown said…
Eththatama wedagath dewal mehema hari denaganna eka loku deyak, God luck My Frend
eranga said…
where is the download link
Unknown said…
meke download karanne kohamada
Unknown said…
meke download karanne kohamada
ප්‍රතිචාරයට ස්තූතියි.. දිගටම අපිත් එක්ක රැදෙන්න