අපේම කියල Chat කරන වැඩසටහනක් නිර්මානය කරමු.



ඔන්න කස්ටියට පිස්සු හැදෙන පාඩමක් කියාදෙන්න යන්නේ. මේ පාඩමෙන් මම නම් කියල දෙන්න යන්නේ සරල Chat Program එකක් හදා ගන්නා විදිය. නමුත් ටිකක් code එහෙ මෙහෙ කරල ඔනෙනම් Hacking වගේ ගේමක් උනත් දෙන්න පුලුවන්. ඒ කොහොමද කියල දැන ගන්නම ඔනි නම් මේ ලිපි පෙල ඉදිරියට කියවගෙන යන්න. 

Winsock සංකල්පය 
 පරිගණක භාවිතා කරනා ඔයාලා අපි හැමෝම පරිගණක මෘදුකාංග භාවිතා කරනවනේ.ඉතින් මේ අපි භාවිතා කරනා බොහෝ මෘදුකාංග ක්රියාත්මක වන්නට අවශය පරිසරය (Environment ) සකසා ගන්නේ අපේ පරිගනකය තුලමයි. මෙවැනි තනි පරිගනකයක ක්රියාත්මක වෙන standalone application වලට අමතරව දුරස්ත පරිගනකයක සිට ජාලගතව ක්රියාත්මක කල හැකි මෘදුකාංගත් අපි භාවිතා කරනවා. අපි භාවිතා කරන Skype, Teem viewer, Ammy වගේ වැඩසටහන් ඔයාලට මතකද. මේ මෘදුකාංග ජාලගතව තවත් පරිගනකයක් සමග සම්බන්ද වී යම් කාර්යයක් කිරීමට නිර්මාණය කල මෘදුකාංග. ඉතින් මේවගේ මෘදුකාංගයක් ඔයාලට නිර්මානය කරන්න පුලුවන්ද?.අනිවාර්යෙන්ම පුලුවන්. තාක්ශනික පැත්තෙන් ක්රම ගනනාවක් තිබුනත් මම ඔයාලට කියලා දෙන්නේ MS Winsock කියන ක්රමය. 

Winsock පාලකය 
WINSOCK යනු දුරස්තව පවතින පරිගනක දෙකක් හෝ ඊට වෑඩි ගනනක් අතර දත්ත සම්ප්රේශනය කිරීමට Microsoft සමාගම මගින් නිර්මානය කල Module එකකි. මෙහිදී winsock module එක දත්ත හුවමාරු කිරීමට යොදා ගන්නා ක්රම 2ක් තිබේ. 

 1. TCP (Transmission Control Protocol) TCP කියන ක්රමය බොහෝ සෙයින් සමාන වන්නේ දුරකතනයට. ඔබට කාට හෝ දුරකතන ඇමතුමක් ගැනීමට ප්රතම ඔබේ දුරකතනය දුරස්ත දුරකතනය සමග එකිනෙක සම්බන්ද කිටීමක් (Connection) එකක් ප්රතමයෙන් පිහිටුවා ගත යුතුයි. ඒ සදහා අපි අංකයක් භාවිතා කරනවා. අදාල සම්බන්දතාව නිසි පරිදි සැකසුනු පසු ඔබට කතා කිරීමට පුලුවන්. කොටින්ම කියනවනම් TCP කියන්නේ Connection පාදක කොටගත් ක්රියාවලියක්. 

2. UDP (User Datagram Protocol) මෙහිදී යම් දත්තයක් මුදා හැරීමට පලමුව Connection එකක් ගොඩනැගීමට අවශය නැහැ. පරිගනකවලට කැමති පරිදි දත්ත හුවමාරු කල හැක. 

 සරල Chat Application එකක් නිර්මානය කිරීම 
 ඔයාල හොදටම දන්නවනේ Skype මගින් කතා කරන ආකාරය. හොදයි, මගේ හොදම යාලුවෙක්ට මට කතා කරන්න ඔනෙ කියල හිතමුකො. ඒකට මම මගේ පරිගනකයට skype දා ගන්න ඔනේ. එහෙමයි කියල මට මගේ මිතුරට කතා කරන්න පුලුවන් වෙයිද. කවදාවත් නැහැ. මගේ මිතුරත් skype තම පරිගනකයට දා ගන්න ඕනේ. මෙතැනදී මට කියන්න ඕන වුනේ මෙම Skype වැඩසටහන් දෙකක් අතර පනිවිඩ හුවමාරු වන්නේ Server සහ Client කියන පිලිවෙල අනුව බවයි. 

එකිනෙකට දත්ත හුවමාරු වන වැඩසටහන් නිර්මානයේදී මේ server සහ client කියන පදනම මත තමයි අපි මෘදුකාංගය සංවර්දනය කරන්න ඔනේ. තවත් සරලව කිව්වොත් අපිට Application දෙකක් නිර්මානය කරන්න වෙනවා. මෙතැනදී Server application එකක් දුරස්ත පරිගනකයක් මත ක්රියාතමක කරන අතර එම application එකට Winsock port අංකයක් ලබා දෙනවා. එක හරියට නම් තබනවා වගේ වැඩක්. …ඔන්න දැන් එම වැඩසටහන ඇති පරිගනකය සොයාගෙන යන්න පුලුවන් Client Application එකක් තවත් පරිගනකයක ක්රියාත්මක කරනවා. ප්රතමයෙන් දුරස්ත ජාලගත පරිගනකය සොයා ගත යුතුයි. ඒකට අපි server එක සහිත පරිගනකයේ IP Address එක භාවිතා කරනවා.  

ඉතින් මට හිතුනා සරල Chat කිරීමේ වැඩසටහනක් සාදන ආකාරය මේ සමග අමුනන්න. ඇත්තටම මේ video එකේ තියෙන මෙම මූල දර්මය පාවිච්චි කරල දුරස්තව Hack කල හැකි වැඩසටහනක් උනත් හදන එක එච්චර අමාරු වැඩක් නෙමේ.  

මේක මම මෙම බ්ලොග් අඩවියෙන් පලකරන මගේ පලමු Video එක. ඒක නිසා අඩුපාඩු වගයක් තියෙයි. ගනන් ගන්න එපා. වීඩියෝ එක බලලා යාලුවොන්ටත් කියන්න මේ පැත්තේ ඇවිත් යන්න කියලා. ඉස්සරහට වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඔයාලට තියෙන්නේ බලන් ඉන්න විතරයි. මේ ලිපියේ ගුනදොස් තියෙනවනම් Comment එකකින් දන්වන්න. ගැටලු තියෙනවනම් ඒවත් ලියන්න. එහෙනම් ඔං මම ගියා ....







Comments

Eranga Dilshan said…
well done my dear..go ahead!!!thank you very much for your VB lesson..we are waiting until your other lessons!!!
Anonymous said…
ගොඩක් වටින ලිපියක් මචන්......
Anonymous said…
මචන් මම ඊයේ කමෙන්ට් එකක් දැම්ම එක පබ්ලිෂ් වෙලා නැ
ගොඩක් වටින ලිපියක්....... ජය
ගොඩක් ස්තූතියි යාලුවා. ඉදිරියටත් මගේ බ්ලොග් එක සමග රැදී සිටින්න.