චිත්‍ර අදින්න හොද පැන්සල් තෝරන්නේ මෙහෙමයි





ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පැන්සල් ගැන.. මේ කියන කරුනු ගොඩක්ම වැදගත් වෙන්නේ චිත්‍ර අදින අයට. හැමෝටම ච්ත්‍ර අදින්න බෑ තමා. නමුත් බැරි අයට උනත් ප්‍රගුන කරන්න පුලුවන්. ඕනේ ඉවසීම සහ ආසාව විතරයි. ඒක වැඩක් නෑ. චිත්‍ර අදින්න ඇත්තටම ඔයාට මොනාද ඕන වෙන්නේ. ඔයා කියයි පැන්සලක්, මකනයක්, සහ සුදු කඩදාසියක් කියල.. ඔව් ඇත්ත නමුත් හොද නිර්මාණයකට එක පැන්සලක් ප්‍රමානවත් වෙන්නේ නෑ.. හැම පැන්සලක්ම ච්ත්‍ර අදින්න සුදුසු වෙන්නෙත් නෑ.. පුදුමයි නේද.. ඔව් හොද සිතුවමක් අදින්න දක්ෂ කලාකරුවෙක් සමහර විට පැන්සල් වර්ග අවම 6ක් වත් භාවිතා කරනව. මේව කිසිකෙනෙක් කියන්නේ නැහැ.. ඔයාල දැන් බලනව ඇති පැන්සල් වලත් වර්ග තියෙනවද කියල. ඔව්.. සමහර විට ඔයාල දැකල ඇති පැන්සලේ HB කියල අගයක් ගහල තියෙනව. 



මේ තමා මේ පැන්සලේ අගය. ඒ කියන්නේ පැන්සලේ තද බව. පැන්සල් සිතුවමක් (Pencil Drawing) කරන විට අපිට අඩු අදුරු බවේ සිට වැඩි අදුරු බවට පැන්සල් හැසිරවීම තුලින් ඉතාම ලස්සන සිතුවමක් නිර්මානය කරන්න පුලුවන්. ඉතින් තේරෙනව ඇතිනේ එක පැන්සලක් භාවිතා කරාට වැඩක් නෑ කියල. අපි බලමු මේ පැන්සල් ප්‍රභේදයන් ගැන.

9B 8B 7B 6B 5B 4B 3B 2B B HB F H 2H 3H 4H 5H 6H 7H 8H 9H

මේ තමා මූලික පැන්සල් වර්ග ටික. අහලවත් නෑ නේද. ඔව් මේ පැන්සල් වර්ගවල 9B කියන්නේ ගොඩක්ම අදුරු වර්නය ගෙන දෙන පැන්සලට එතැන් සිට එන්න එන්න අදුරු බව අඩුවෙන පිලිවෙලට ඒ කියන්නේ ඔයා ඉහත වර්ග ටික දකුනු පැත්තට කියවගෙන යන කොට අදුරු බව අඩු වෙන්න තමා පෙල ගස්වල තියෙන්නේ. ඒ කියන්නේ 9H තමා ලා පැහැය වැඩිම පැන්සල. HB ඇවිත් අදුරුත් නෑ ලා පැහැයකුත් නැහැ.. හරි මැද තියෙන්නේ. දෙකටම නැති එක්කෙනෙක.

බලන්නකෝ මේ රූපය දිහා.. 




ඇත්තටම පැන්සලක තුඩ හදල තියෙන්නේ මිනිරම් නැත්තම් ග්‍රෆයිට්(Graphite) වලින්. අපි පැන්සලකින් රේඛාවක් අදින වෙලාවට මිනිරම් ගැලවී ගිහින් තුනී ස්තරයක් ලෙස කඩදාසිය මත තැම්පත් වෙනව. මිනිරම් වැඩියෙන් ගැලවී තැම්පත් වෙනව නම් එවැනි පැන්සලකින් අදින රේඛාවක් තද කලු පැහැති වෙනව. එහෙම වෙන්නනම් ඒ පැන්සලේ මිනිරන් කූර ඉතා මෘදු මිනිරන් වලින් සාදන්න ඕනේ. B මාදිලියේ පැන්සල් මේ මෘදු මිනිරන් යොදාගෙන තමා හදල තියෙන්නේ. 9B කියන්නේ අතිශයෙන්ම මෘදු මිනිරන් යොදාගෙන සාදපු පැන්සලක්. එක ඉරක් ඇන්දත් තදම කලු පාටක් ලැබෙන්නේ ඒ නිසයි. ඒ වගේම තුඩ පහසුවෙන් කැඩී යන්න පුලුවන් අවදානමක් තියෙනවා. 9B උල් කිරීමේදී දිගු තුඩක් ලබා දීමනම් නුවනට හුරු නෑ. H පැන්සල් මාදිලියේ යොදාගෙන තියෙන මිනිරම් B පැන්සල් වලට වඩා ගොඩක් දෘඩයි. ඒ වගේම තුඩ ගොඩක් සවිමත්. අරකෙම අනිත් පැත්ත තමා.

කොහොම නමුත් ආදුනික චිත්‍ර ශිල්පියෙක්ට මම මේ හැම පැන්සලක්ම ගන්න කියන්නේ නෑ. මම නිර්දේශ කරනව ඒයාලට අවම වශයෙන් තද වර්න පැන්සල් 2ක් වන (4B,2B) සහ මද්‍යම වර්ණ (HB) ආලෝක වර්ණ ගෙන දෙන (2H,4H). ඔක්කොම පැන්සල් පහයි. 4B,2B,HB,2H,4H තේරුනානේ.

ඒවගේම තමා හැම දේකටම වගේ හොද වෙලද නාමයන් මේ පැන්සල් වලත් තියෙනව. මේ තියෙන්නේ ලෝකයේ හොදම පැන්සල් මාදිලි(Brand)

Caran D'Ache Grafwood Pencils
Cretacolor Graphite Pencils
Derwent Graphic Pencils
Faber Castell 9000 Pencils
General's Kimberly Graphite Pencils
Prismacolor Turquoise Pencils
Sanford Design Drawing Pencils
Sanford Design Ebony Pencil (මේ පැන්සල මගින් සුපිරි කලු වර්ණයක් ලබා ගන්න පුලුවන් )

කොහොම නමුත් යාලුවනේ මේ පැන්සල් වල වර්ණ වල ස්වරූපය Brand එකෙන් Brand එකට වෙනස් වෙනව. ඒ නිසා නිශ්චිතව මෙච්චරක් තද වෙන්න ඕනේ කියල තියරියක් මෙතන නෑ.. එකම Brand එකකින් සියල්ල ගන්නව නම් තමා හොද.  





Comments