උසස්පෙළ physics තාපය ( ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය)

අම්බෝ............... බ්ලොගියට  new look  එකක් ලැබිලා තියෙන්නේ දැන් ............. පට්ට පට පට චින්තක සහෝ...........
  බ්ලොගියට  new look  එකක් ලැබුනා වගේම .මම හදන්නේ ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න . schoollk  එකට  අපේ කට්ටිය එන්නේ මොනවා හරි දෙයක් ඉගෙන ගෙන යන්නනේ ඉතින් මට හිතුනා  මගේ අධ්‍යන  කටයුතු  කරගෙන යන ගමන් ඒවටත් රුකුලක් වෙන ලිපි මාලාවක් බ්ලොගියට දාන්න . හැබැයි ඉතින් ඒවා  වැදගත් වෙන්නේ  උසස් පෙළ ගණිතය හරි විද්‍යාව  හරි කරන අයට විතරයි . අනිත් අයට වැදගත් නොවෙනවම නෙවේ . සාමාන්‍ය ජීවිතේට  සමහර විට  වැදගත් වෙන දේවල් මේ පාඩම් මාලාව  තුල තියෙයි .මගේ අධ්‍යන  කටයුතුත් කරගෙන  යන ගමන්  මේ ලිපි මාලාව ලියන නිසා මම අධ්‍යන කටයුයුතු  වලට සමාන්තර  විදිහට තමා මේ ලිපි ලියන්න මම අදහස් කරගෙන ඉන්නේ .තව එකක් හැමදාම  මට මේ විදිහට කොටන්න කාලය නැති වෙයි  ඉතින් එක නිසා මම අතින් ලියපු කොලයක්   scan  කරලා පොස්ට් එකක් දාල හරි ලිපි මාලාව දිගටම දෙන්න උත්සහ කරන්නම් ඒ අතර තුර අඩුපාඩු  වැරදීම් වෙයි ඒවාට මට දැන්ම සමාව දෙන්න ඕනේ ඔයාලා  හොදේ මොකද මමත් තාම මෙවා අධ්‍යනය කරමින් නේ ඉන්නේ දෙවනිපාරට  exam  දාන්න   .  
 ගණිතය විෂයට පස්සේ මම ආස කරන විෂයක් තමා  physics කියන්නේ  ඉතින් මම මේ දවස් වල අධ්‍යනය කරමින් ඉන්නේත් physics වල තාපය කියන පාඩමේ  ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය කියන  කොටස  මැදින් පටන් ගත්තා කියල්ල කාටවත් මේක නොතේරෙන එකකක් නැ . ගොඩක් සරලයි  එහෙනම් මම පටාන් ගන්න හදන්නේ ..
                                           

                                                                 තාපය 



ඝන ද්‍රව්‍යකින් හදපු ඕනෙම වස්තුවක් එහි උෂ්ණත්වය වැඩි කරපු ගමන් අපි දන්නා විදිහට නම් ප්‍රසාරණය වෙනවා එ කියන්නේ  වස්තුවේ පරිමාව වැඩි වෙනවා ( ඝන ද්‍රව්‍යකින් හදපු ඕනෙම වස්තුවක්  දිගින් ,වර්ගපලයෙන් සහ පරිමාවෙන් යන තුනේන්ම ප්‍රසාරණය වෙනවා ) . ඒ විදිහටම  එම වසතුවම අපි සිසිල් කරොත් ඒක සංකෝචනය වෙනවා  ඒ කියන්නේ පරිමාව අඩු වෙනවා . මෙන්න මේවා තමා ඝන ද්‍රව්‍යකින් හදපු ඕනෙම වස්තුවක්  තාපය හමුවේ පෙන්වන මුලික  ගුණාංග  මේ මුලික ගුණාංග මිනිසා විසින් තමන්ගේ වාසියට හරවාගෙන තියනවා එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න . එවැනි වාසි කිහිපයක්  මම පල්ලෙහින් දාන්නම් බලන්නකෝ

01).රේල් පිහිලි දෙකක් අතර හිඩැසක් තැබීම -උෂ්ණ දිනවල  රේල් පිලි වල සිදුවන ප්‍රසාරනය නිසා ඒවා දිගින් වැඩි වී  අද වීම වැලැක්වීම සඳහා මෙවැනි හිඩැසක් තබයි . {දැක්ක නේ උෂ්ණ කාලෙට ඒක මිනිස්සුන්ට විතරක් නෙවේ ඒවා අජීවී දේවල් වලටත් දැනෙනවා ( පොලොන්නරුවෙනම් උෂ්ණ කාලෙට ඕනෙම නැ  මම නම් දිය වෙනකම් ඇලේ බැහැලා ඉන්නේ )}

02).ලෝහ මුඩියක් බෝතලයකින් ( තද  වී ඇති අවස්ථාවක ) ගැලවීම සඳහා එය රත් කිරීමකට බදුන් කෙර් එවිට මුඩිය ප්‍රසාරණය වී  බෝතලයෙහි කටට වඩා මුඩිය විශාල වී ගැලවීමට පහසු වේ 
.
03).කරත්ත රෝදයකට යකඩ පට්ටමක් සවි කිරීමේදී  එය කරත්ත රෝදයට වඩා කුඩාවට සාදා රත් කර කරත්ත රෝදයට වාද්දයි  යකඩ පට්ටම් සිසිල් උනාට පස්සේ  කරත්ත රෝදේද තදටම  fit  වෙනවා

 ඔය වගේ වාසි තාමා ඉතින් අපිට ප්‍රසාරණය බාව්තයෙන් ලබා ගන්න පුළුවන්  . අද අපි   පාඩම පටන් ගත්ත මුල්ම දවස් නිසා  අදට මම මෙතනින් නවතින්නම්  මේකේ ඉතිරි කොටසත් එක්ක යේ හමුවෙමු 



........................................  ලබන පොස්ටුවෙන් රේඛිය ප්‍රසාරණය ගැන ...................................

Comments

හොද වැඩක්. මේකෙන් උබේ දැනුම තවත් වැඩි වෙනව වගේම ඒ දැනුම රටටම ගලාගෙන යන්ව. එල එල.. මම Navigator එකට Sub Menu එකක් Add කරන්නම්කො එහෙමනම්