Torrent ගැන දන්න සිංහලෙන්


TORRENT යනු ප්‍රවාහයයි.ගොඩක් අය දන්නව torrent ගැන. නමුත් එය භාවිතා කරන ආකාරය සහ එහි ක්‍රියාකාරිත්වය දන්නේ ටික දෙනයි. අද මේ ලිපියෙන් මම කියල දෙන්න යන්නේ torrent වල ක්‍රියාකාරිත්වය සහ අපි බලමු torrent වලින් file එකක් download කර ගන්න ආකාරය.

ඔක්කෝටම ඉස්සෙල්ල බලමු අපි කොහොමද සාමාන්‍ය විදියට File එකක් Download කරන්නේ කොහොමද, මොකක්ද එහි යාන්ත්‍රනය කියල..




                     මේ බලන්නකො මේ පිංතූරය දිහා. ඔයාලට පේනව ඇති A නම් පරිගනකයක් විසින් යම් කිසි File එකක් Upload කරනව . මේ file එක Server එකක තියා ගන්නව. ඉතින් කාට හරි ඒ File එක Download කර ගන්න ඔනේ නම් එයා පොඩි ඉල්ලීමක් යවනව අර server එකට. ඒ අනුව ඒ File එක එයාට Download වෙනව. සංකීර්න කරුනු ටිකක් සරලව කියල දුන්න. ඇත්තම මේ ක්‍රමයට පොඩි පොඩි File හුවමාරු කරගන්න පහසු උනාට, 2GB වගේ දැවැන්ත File හුවමාරු කිරීම නම් ලේසි නෑ. මොකද මම එහෙම කියන්නේ, එකම මොහොතක එකම File එකක් ලබාගන්න ලෝකේ නන් දෙසින් දස දස් ගනන් පිරිසක් උතසහ කරනව. හැබැයි ඔක්කෝටම තියෙන්නේ එක server එකයි. server එකක් කියල කියන්නෙත් පරිගනකයක්මනේ, ඉතින් මොකද වෙන්නේ එයා ඉල්ලීම් වැඩි වෙන්න වැඩි වෙන්න Slow වෙනව, එහෙමත් නැත්තන්  Download වීම සීමා කරනව.

Torrent වල යාන්ත්‍රනය.


   සාමාන්ය download කිරීමකදි ඒ file එක download කරන අය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ඒ File එක Download වීමේ වේගය අඩු වෙනව කියල මම කලින් කිව්වනේ. මේ FTP සහ HTTP කියන ප්‍රොටෝකෝලයන්ගේ දුර්වල තාවයක්. මේ නිසා තමයි 2001 දී බ්‍රාම් කොහේන් විසින් Peer-to-Peer කියන ප්‍රොටෝකෝලය හදුන්වල දෙන්නේ. ප්‍රොටෝකෝලයක් කියල කියන්නේ උපකරන දෙකක් අතර දත්ත හුවමාරුව සදහා ඇති කරගනු ලබන එකගතාවයකට. ඉතින් මේ පියර් ‍ටු පියර් කියන ක්‍රමවේදය තමා සමස්ත torrent තාක්ශනයේදී අද භාවිතා වෙන්නේ. මෙහි විශේෂතවය වන්නේ Download කරන ප්‍රමානය වැඩි වෙන තරමට අපිට ඒ File එක ලැබෙන වේගයත් වැඩි වීමයි.

හරිම අපූරුයි නේද යාලුවනේ, බලමු ඒ ඇයි කියල. මේ බලන්නකො, Torrent වලදි මූලිකවම වෙන්නේ, කෙනෙක් ඔන්න File එකක් මුදා හැරියාම, තව කෙනෙක් ඒක ලබා ගන්න එක. යම් කාලයක් තුල දෙවෙනියට File එක ලබා ගත්තු පුද්ගලය සම්පූර්නයෙන්ම ඒ File එක ලබා ගත්තට පස්සේ අපි එයාට කියනව Seeder කෙනෙක් කියල. දැන් ඔන්න Seeders දෙන්නෙක්ම ඉන්නව. ඔය අතරේ තවකෙනෙක් ඒ File එකම හොයගෙන එනව. අපි ඒ හොයාගෙන එන අයට Leechers කියල කියනව. මේ leechers ට ඒ File එක දෙන්න දැන් දෙන්නෙක්ම ඉන්නව. ඒ නිසා ඒ දෙන්නගෙම උදව්වෙන් ඔන්න එයාට File එක Download වෙන්න පටන් ගන්නව. එයත් ඒක Download වෙලා ඉවර උනාම නිකන්ම Seeder කෙනෙක් වෙනව. මේ විදියට Download කරන කරන අයම තමා ඊලග මොහොතේ ඒ File එක අනිත් අයට ලබා දෙන්නේ.

මේ විදියට අපි Download කිරීමට සොයන File මොන මොන අය ලගද තියෙන්නේ කියන තොරතුරු අඩන්ගු පුංචිම පුංචි File එකකට තමා අපි Torrent File එකක් කියල කියන්නේ. ඉතින් අපි Torrent වලින් මොකක් හරි Download කරන්න යනව නම් ඉස්සෙල්ලාම මේ Torrent File එක තමා Download කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ  Torrent File එක Torrent Client වැඩසටහන කට පෙන්වල දුන්නම එයා පිලිවෙලින් ඒ File එක අපි කියමුකො අපි Download කරන්න ගිය Film එක කියල. ඒක Download කරන්න පටන් ගන්නව. Torrent Client වැඩසටහන් ලෙස

μTorrent®


ආදී මෘදුකාංග හදුන්වල දෙන්න පුලුවන්. මේව හරිම සැහැල්ලු වැඩසටහන්. හරිම කුඩයි, Slow වීමක් නෑ.

කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ඔයා Torrent වලින් මොකක් හරි බාගත්ත කියමුකො.ඊට පස්සෙ ඔයත් නිකන්ම Seeder කෙනෙක් වෙනව. මොකද, Torrent වල පැවැත්ම තියෙන්නේ එතකොටයි. එත් සමහරු වැඩේ කර ගත්තු ගමන් ඒ File එකේ සම්බන්ද තාවය නැති කරනව.එතකොට එයාට අමතර Upload කිරීමක් සිදුකරන්න ඕනේ නෑ. ඇයි Seeder කෙනෙක් උනාම නිතරම Upload කරන්න ඔනේ. . අපි කියනව මේකට (Leeching) කරනව කියල. ඒකේ අදහස තමයි "ලේ උරාබොන කූඩැල්ලා" යන්න. ඒ කියන්නේ ආර්ත්මාර්ත කාමී යන්නයි. වැඩේ කරල මාරු වෙනව.

මම මගේ ප්‍රතිපත්තියක් හැටියට සෑම Download කිරීමකින් පසු ඒ කියන්නේ Torrent වල හොදේ, පැයක් Seeder කෙනෙක් විදියට ඉදල කූඩැල්ලෙක් වගේ මාරු වෙනව. හි හී. 

ඉතින් මේ ලිපිය එක දවසකින් ලියපු එකක් නෙමේ. දවස් කීපයක් තිස්සේ ලියල ලියල නිවාඩු පාඩුවේ ඔන්න ඔයාලට බලන්න දෙනව. ඔයාලගේ අදහස් යෝජනා, චෝදන ගොඩක් වටිනව. එහෙනම් තවත් දැනුමෙන් පිරි ලිපියක් අරගෙන මම එන්නම්. 


Comments