සුරතල් "ඔස්කා" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.



       යාලුවනේ.. කොහොමද ඔයාලට. ඔන්න මම අදත් ඔයාලට අරන් ආවේ මාලුවෙක් ගැන.. මේ මාලුව නම් ටිකක් වසයි හොදේ... "ඔස්ක" නම කිව්වම අපේ යාලුවො දන්නවනේ මේ මාලුව ගැන. ටිකක් ගනං... ඒ නිසා හැදුවට පාඩු නෑ.. මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ ඔස්ක මාලු ගැන. කියවල බලන්නකො එහෙනම්


  ඔස්කා මසුන්ගේ අභිජනන සතුන්ට උෂ්ණත්වය  ෆැරන්හයිට් අංශක 90  ඉතා යෝග්‍ය අතර, ෆැරන්හයිට් අංශක 60 යෝග්‍ය නොවේ. මෙම මත්ස්‍යයන්ගේ ශරීරය ප්‍රමාණයෙන් විශාල බැවින් ටැංකි ඉතා විශාල විය යුතුය. මේ සඳහා පොළවේ තනා ඇති සිමෙන්ති ටැංකි යෝග්‍ය වේ. මුලින්ම මෙම ටැංකි අළුහුණු දමා ජීවානුහරණය කළ යුතුය. ඊට පසු එයට කපු ඇට පුන්නක්කු (Cotton seed meal) එකතු කර ජලය පුරවනු ලැබේ. ජලය හොඳින් පිරිසිඳු බවට පත් වූ විට ඩැෆ්නියා ජීවින් බෝකිරීමට පටන් ගනී. එයට පසු අභිජනනය සඳහා ඔස්කා මසුන් දමනු ලැබේ. ඔස්කා මසුන් මසකට වරක් බිත්තර දැමීම සිදු කරයි. ඔස්කා මසුන්ගේ ප්‍රියතම ආහාරයක් වනුයේ කුඩා පොකිරිස්සන් වැනි සන්ධි පාදික සතුන්ය. ඒවා ආහාරයට දීමෙන් බිත්තර දැමීම උත්තේජනය කල හැකිය.

         
             මෙම ටැංකිය තුළ ප්ලාස්ටික් පතුරු තබනු ලැබේ. එම පතුරු බිත්තර වලින් පිරී තිබෙන විට ඒවා ඉවත් කර එම ජාලයම ඇති වෙනත් ටැංකියකට මාරු කරනු ලැබේ. ඊට පසු 5% මෙතිලින් බ්ලූ ද්‍රාවනයෙන් ස්වල්පයක් එක් කර කෘතීම මෝටරයක් මගින් වාතනය කරනු ලැබේ. දින කිහිපයකින් බිත්තර පුපුරා කුඩා පැටවුන් ටැංකිය පතුලට එකතු වීම සිදුවේ. දන් ප්ලාස්ටික් පතුර ඉවත් කරනු ලැබේ. ඊට දින කිහිපයකට පසුව එම කුඩා මසුන් ස්වාභාවිකව පිහිනීම අරම්භ කරයි. නිදහසේ පිහිනීමට පටන්ගත් පසු ආහාර සඳහා කරදිය කූනිස්සන් (Brine shrimp) සපයනු ලැබේ. දිනකට පස්වාරයක් ආහාර දීම යෝග්‍යවේ. ශීඝ්‍ර වර්ධනයක් සඳහා මෙම කුඩා මත්ස්‍ය පැටවුන් පොලවේ තනන ලද ටැංකි වලට දමනු ලැබේ. මෙම ටැංකි මුලින් මෙන්ම හුණු දමා ජීවානුහරණය (Sterilize) කර ගොම හා කපු ඇට පුන්නක්කු මගින් පොහොර කරනු ලැබේ. මෙම ටැංකි වල ඩැෆ්නියා මදුරු කීටයන් හා තවත් කුඩා ජීවින් වැදුණු පසු නිදහසේ පිහිනන කුඩා ඔස්කා මසුන් දමනු ලැබේ.




                      මේ ආකාරයට “ ඔස්කා” මත්ස්‍යයන් සාර්ථක ලෙස අභිජනනය කරගත හැකිය.


Comments