සුරතල් "කාෆ්" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.


      


          අලංකාර, නිරෝගී හා හොඳින් වක්දුනු සතුන් අභිජනනය සඳහා තේරීම මුලින්ම කල යුතුය. පැටවූ කුඩා කාලයේ මුල්ම තේරීම සිදු කලත්, ඔවුන්ගේ වයස අවු. 2 – 3 දක්වා කාලය තුල දෙවැනි වරට තේරීම කරනු ලැබේ. අභිජනනය සඳහා තෝරාගන්න ලද මසුන්ගේ වර්ධනය සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් තිබිය යුතු අතර, ස්වභාවික ආහාරද අත්‍යවශ්‍ය වේ.
         


          සාමාන්‍යයෙන් අභිජනනයට සුදුසු මසුන් පළමු අවුරුද්දෙදිම සෙ.මී 1220 දිගක්ද, දෙවන අවුරුද්දේදී සෙ.මී 20 – 30 ක්ද, තුන්වෙනි අවුරුද්දේදී සෙ.මී 25 – 35 දිගක් ද, හතරවෙනි අවුරුද්දේදී සෙ.මී 30 – 42 දැරිය යුතුය. ගැහැණු සතුන් මුලින් වේගවත්ව වැදුනත් පසුව වැදීමේ වේගය බාල වේ. පිරිමි සතුන් තුන්වෙනි අවුරුද්දේදී අභිජනනය සඳහා සුදුසු වුවත්, ගැහැණු සතුන් සුදුසු වන්නේ හතරවන හෝ පස්වන අවුරුද්දෙදී ය. පිරිමි මත්ස්‍යයෙකු පරිනත භාවයට පත් වූ බව දැනගත හැකි වන්නේ උදාර ප්‍රදේශයෙන් මිරිකූ විට ශුක්‍රාණු පිටවීම මගිනි. රවුම් වූ ,විශාල වූ උදාර ප්‍රදේශයක් පරිණත ගැහැණු සතුන්ගේ දැකිය හැක. ගැහැණු සතා දමන බිත්තර එකම අවස්ථාවකදී පරිනත භාවයට පත් වේ. සෑම මාස 2 සිට 4 කට වරක් බිත්තර දමනු ලැබේ.

           


          
          අභිජනනයට පෙර පිරිමි හා ගැහැණු සතුන් වෙන්කර තැබීම ඉතා වැදගත් වේ. සෑම විටම අභිජනනය සඳහා  ගැහැණු, පිරිමි අනුපාතය පිලිවෙලින් 2 : 3 විය යුතුය. මුලින් පිරිමි මාළුවා ටැංකියට දැමිය යුතු අතර, ජලයේ උෂ්ණත්වය fෆැරන්හයිට් අංශක 64 – 68 පමණ තිබිය යුතුය. ඊට පසු දින හගනු සතුන් එම ටැංකියට දැමිය යුතු අතර, එදිනම ජාල මට්ටම ද ඉහළ දැමිය යුතුය. සාමාන්‍යයෙන් ගැහැණු සතා අලුයම් කාලයේ බිත්තර දැමීම සිදු කරයි. මෙම බිත්තර ජලජ ශාක මත පතිත වේ. බිත්තර දම අවසන් වූ පසු අභිජනන සතුන් වෙන්කළ යුතුය. එසේ නොකළහොත් බිත්තර කා දැමීම සිදු කරයි. බිත්තර පුපුරා පිටවන පැටවුන් දින 3 – 5 වනතුරු බිත්තර කහමදයෙන් යැපේ. ඊටපසු මෙම මාළුන් දින 10 – 12 කාලයකින් පසු වෙනත් ටැංකියකට මාරු කර රැකබලා ගැනීම සිදුකල හැකිය.

Comments