Outlook සහ Protocal ගැන දැන ගමු

ඉතින් යාලුවනේ.. කොහොමද.. මෙ දවස් වල ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න නිසා බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන්.. ඉතින් හිතුන ටිකක් හැමෝම අමතක කරන පැත්තක් ගැන අද කතා කරන්න.. මේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නේ Email භාවිතා කරන අයටයි. ගොඩක් අය මම දන්නව සාමාන්යෙන් Browser එක හරහා ගිහින් Email බැලුවට කාර්යාලීයව වැඩ කටයුතු කරන උදවිය  Outlook Express වගේ Email Client Software භාවිතා කරනව තමන්ගේ Email බලා ගැනීම සදහා..
ඉතින් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක්ට එන ගැටලුවක් තමාගේ Email Account එක කොහොමද මේ Outlook වගේ Software එකකට ඈද ගන්නේ කියල.

ඉතින් මේ ලිපිය ඔයාල කියෙව්වොත් මේ Email හා සම්බන්දව මතුවෙන ගොඩක් ගැටලු මග හැරෙයි කියල මම හිතනව. මෙතනදි මම Email Client Software එකක් කියන්නේ මොකක්ද , සහ ඒ හා සමගාමීව යන ප්‍රොටෝකෝල් Settings පිලිබදව (POP3,IMAP,SMTP) අවදානයක් යොමු කරල තමයි මේ ලිපිය ලියන්නේ. ඒ නිසා මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි.  

මොකක්ද මේ Email Client Software එකක් කියන්නෙ ?
Email බැලීමට සහ Email යැවීම සදහාම නිර්මානය කරපු විශේෂිත Software එකක්. අපිට එන Email රදවා තබා ගෙන ඉන්නේ දුරස්ත පරිගනකයක් තුලයි. අපි ඒවට කියන්නේ server පරිගනක කියල. ඉතින් මේ Software එක අර Server එකත් එක්ක සම්බන්ද වෙන්න ඕනේ මේ විදියට දත්ත එකිනෙකා අතර හුවමාරු කර ගන්න.. ඒ අනුව මේ Software එක අපේ පරිගනකය තුල ඉන්න නිසා Client Application එකක් විදියට  සලකන්න පුලුවන්.

Email Client Software එකක් භාවිතා කරන එකේ තියෙන වාසි මොනාද ?

 පලමු වාසිය තමයි Email කීපයක් එකම තැනකින් බලා ගන්න පුලුවන් කම. අද වෙන කොට බොහො දෙනෙකු එක Email එකකට වඩා භාවිතා කරනව. ඉතින් හිතන්න Browser එකකින් Email කීපයකට Log වෙන කොට කලින් Log වෙච්ච එකෙන් Log-out වෙන්න වගේ ප්‍රායෝගිකව ගැටලු වලට මුහුන දෙන්න වෙනව. නමුත් ඒ අපහසු තාවය මග හැර ගන්න පුලුවන් Email Client Software එකක් භාවිතා කලාම.

දෙවන කරුන තමයි ඔයා අන්තර්ජාලය නොමැති වෙලාවකට , අපි කියනව Offline mode කියල. අන්න ඒ වෙලාවටත් Email බලා ගන්න පුලුවන් මේ වැඩසටහන් භාවිතා කිරීම නිසා.

තුන් වන කරුන තමයි Email ටික තමන්ගේ පරිගනකය තුල තැම්පත් වෙන නිසා අදාල Email සේවාව සපයන ආයතනය විසින් තමන්ගේ Email කපාහැරීමක් සිදුකල හොත් ඒ Email ටික පරිගනකය තුල තියෙන නිසා නැති වෙන්නේ නෑ.. මම දන්නව අපේ අය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Gmail. ඉතින් මම නම් හිතන්නේ නෑ එහෙම අපහසුතාවයකට ඔයාලව ලක් වෙයි කියල. නමුත් Gmail හැර වෙනත් සේවාවන් සමහර විට සල්ලි ගෙවල භාවිතා කරන අය ඉන්නව. ඉතින් ඒ වගේ අයට මේක ගොඩක් වැදගත්..

දැන් වාසි ගැන කතා කලා වගේ අවාසිත් කතා කරමු. ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ Email Client වැඩසටහන් මගින් අදාල Server වල තියෙන තමන්ට අදාල සියලුම Emails තමාගේ පරිගනකයට Download කර ගන්නව. ඉතින් සතේ සතේ එකතු කරල Internet යන අයට නම් මේ වැඩේ සෙට් වෙයිද මන්ද. නමුත් කාර්යාලීය වැඩ කරන, ව්‍යාපාරික උදවියට මේක එච්චර ගැටලුවක් වෙන්නේ නෑ..

අනික තමා Download වෙච්ච Email ටික සදහා ඔයාගේ Hard disc එකෙන් අමතර ඉඩක් වෙන් කරන්න වෙනව.. මේකත් ලොකු ගැටලුවක් වෙන්නේ නෑ.. මොකද Gmail භාවිතා කරන කෙනෙක් දන්නව ඇති තමන්ට Gmail සේවාව විසින් ලබා දෙන්නේ 7GB වගේ ඉඩ කඩක් බව. නමුත් බොහෝ Gmail Account එකක් වසර දෙක තුනක් භාවිතා කලත් 2% ක් වගේ තමයි වැඩිම උනොත් යන්නේ.. ඉතින් එහෙම බැලුවම මේක නොසලකා හැරිය හැකි ප්‍රශ්නයක්.

 Email Client ගැන දැන් තරමක අවබෝදයක් ඇති කියල හිතනව. ඉතින් දැන් අපි පොඩ්ඩක් බලමු Email Client Software එකක් Email Server එකක් හා සම්බන්ද කර ගන්නේ කොහොමද  කියල. මේ සදහා SMTP Settings ගැන අවබෝදයක් තියෙන්න ඕනේ. මොකක්ද මේ SMTP කියන්නේ.. SMTP කියන්නේ සරලව කිව්වොත් ප්‍රොටෝකෝල් එකක්.. ප්‍රොටෝකෝල් එකක් කිව්වට එච්චර තෙරුනේ නෑ නේද.. හොදා ප්‍රොටෝකෝල් එකක් කියන්නේ පද්දති දෙකක් අතර දත්ත සන්නිවේදනය කිරීමට භාවිතා කරන යම් එකගතාවයකට.. මේ වගේ Protocol ගොඩක් තියෙනව.

මෙ තියෙන්නේ අපි බහුලව භාවිතා කරන ප්‍රොටෝකෝල් කීපයක්
FTP (File Transfer Protocol)
HTTP (Hypertext Transfer Protocol)
TCP/IP (Transfer Control Protocol/Internet Protocol)
SMTP (Simple Mail Transfer Protocol).

ඉතින් Email සදහා අපිට ඔන වෙන්නේ SMTP ප්‍රොටෝකෝල් එකට අදාල Settings
මේ SMTP සමග තවත් Protocol දෙකක් භාවිතා වෙනව. ඒ තමා POP3 සහ IMAP කියන දෙක. අපි දැන් බලමු මේ දෙක ගැන වෙන වෙනමම.

POP3 (Post Office Protocol)
මේ Protocol එකේ ක්‍රියාකාරිත්වය හරියට තැපැල් කන්තෝරුවක ක්‍රියාවට බොහෝසෙයින් සමානයි. ඒකයි Post Office Protocol කියල කියන්නේ. හිතන්න ඔයාට ලිව්මක් එව්වම ඒක එන්නේ ඔයාලගේ තැපැල් කන්තෝරුවට. ඉතින් ඒ හරහා තමයි ලිව්ම ඔයා අතට ලැබෙන්නේ.. එහෙම ලිව්ම ඔයාට ලැබෙන කොට ලිව්මේ Copy එකක් තැපැල් කන්තෝරුවේ තියා ගන්නේ නෑනේ.. ආන්න ඒ වගේ තමා.. POP3 Type එකේදි අදාල Server එකේ තියෙන සියලුම Email තමන්ගේ පරිගනකයට Download කලාට පස්සේ.. Server එකෙන් Delete කරල දානව ස්වයංක්‍රීයව.

IMAP (Internet Massage Access Protocol)
මේක POP3 වලට වඩා ගොඩක් වෙනස් Protocol එකක්.. POP වලදි මතකනේ සියලුම Email ටික Server එකෙන් Delete කලා.. නමුත් IMAP වලදි එහෙම Delete වීමක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි Server එකේ සියලුම Email ටික Download වීමක් මෙතනදි වෙන්නේ නෑ. ඒ වෙනුවට email එකේ Headers පමනක් Download කරන අතර අපි Email එක බලන මොහොතේදී පමනක් ඒ බලන Email එක Download කරනව.

දැන් ඔයාලට පොඩි අවබෝදයක් එන්න ඇති නේද POP සහ IMAP ගැන. පොඩ්ඩක් බලමු මේ දෙකේ වාසි සහ අවාසි ගැන.

හිතන්න POP3 වලදි Email Download වීමක් සිදු වෙන නිසා මේ POP3 භාවිතා කරන කොට ටිකක් Slow. අනිත් කරුන තමා Mail Inbox එකේ සියල්ල Delete කරනව.. ඔයාල කියයි ඉතින් ඒක හොද වැඩක් නේ කියල. නමුත් දන්නවද මේ නිසා පොඩි අවාසියක් අපිට වෙනව. ඒ තමයි අපිට Device කීපයකින් Email බලන්න බැරුව යන එක. ඇයි සියලුම Email ටික තියෙන්නේ එක පරිගනකයක පමනයි. Servar එකේ සියලුම Email Delete වෙන නිසා වෙන පරිගනකයක සිට එහෙමත් නැත්තන් ඔයාගේ TAB එකෙන් උනත් Log උනාට බලන්න බැරි වෙනව.. POP3 Multi Device භාවිතා කරන කෙනෙක්ට සුදුසු නෑ. නමුත් සමහර Mail Service සදහා POP3 ඉතා සුදුසුයි. SLTNET එකෙන් එක් වරකට Inbox එකේ තියන් ඉන්න උපරිම ඉඩ ප්‍රමානය 20MB. තෙරෙනවනේ ඒක ඉතාම කුඩා ඉඩක් බව. ඉතින් ඒ වගේ අවස්තාවක මේ POP3 භාවිතා කලාම POP3 වලින් Download කරල INBOX එකෙන් සියල්ල Delete කරන නිසා එය එතරම් ගැටලුවක් වෙන්නේ නෑ. 




Comments