අවුරුදු 1000 නොනැසී පවතින ඩිස්ක් වර්ගයක් ඇවිත්..

දැන් තියෙන සීඩි, ඩීවීඩි සහ බ්ලූ රේ යන මොන වර්ගයේ ඔප්ටිකල් වර්ගයේ තැටියක් උනත් කොච්චර කාලයක්  දත්ත රදවා ගෙන සිටීද යන්න ගැන ස්ථීර සහතිකයක් දෙන්න මොන නිෂ්පාදකයෙක්ට වත් බැරිවෙලා තියෙනවා.   ඒ වුනාට ඇමෙරිකාවෙ තියෙන මිලෙනියාට  කියන සමාගම හදල තියෙනවා M - ඩිස්ක් කියල බ්ලූ-රේ තැටියක්, එකේ තියෙන විශේෂත්වය තමයි අවුරුදු 1000 ක් තිස්සේ දත්ත රදවා ගෙන ඉන්න පුලුවන් එකක් වීම. ඒකට ඒ සමාගම සහතිකේකුත් දීල තියෙනවා.  මේක හදල තියෙන්නේ හරි වෙනස් තාක්ෂණයකින්.   සාමන්‍ය තැටියක මතුපිට දත්ත රදවන සර්පිලාකාර පථයක් තියෙනව. ඒකෙන් කරන්නෙ ආලෝකය ආපසු හරවා එවන හෙවත් පරාවර්තක ප්‍රදේශ සහ පරාවර්තක ගුණය නැති නෙරුම් මෙම පථය හෙවත් ට්‍රැක් එක දිගේ පිහිටා තිබේ. මෙහි ඇති පරාවර්තක ප්‍රදේශයක්, ඩිජිටල් ක්‍රමයේ '1' නිරූපණය කරනවා. පරාවර්තක නොවෙන නෙරුමකින් ඩිජිටල් ක්‍රමයේ '0' යන්න නිරූපණය කරනවා. ඒ කියන්නෙ 1 සහ 0 යන අන්ක කාණ්ඩ මගින් අනු ලක්ෂණ නිරූපනයවීම නිසා පරිගනක භාෂාවකට කියවිය හැකි සේ තොරතුරු රැදෙනවා.  සාමාන්‍ය තැටිවල සර්පිලාකාර පථය හදල තියෙන්නේ රසායනික ද්‍රව්‍ය තට්ටුවකින්. ඒක කාබනික ද්‍රව්‍යයකින් තැනූවක්. මේ ඩිස්ක් වලට රයිට් කරනකොට දත්ත නිරූපණය කරමින් නික්මෙන කිරණ වලින් මේ රසායනික ද්‍රව්‍ය තට්ටුවේ යම් යම් ස්ථාන රත් කරනවා. ඊට පස්සෙ ඒවා සිසිල් කරනවා. එතකොට ඇතිවෙන්නෙ ආලෝකය පරාවර්තනය වෙන සහ නොවෙන රසායනික ද්‍රව්‍ය තට්ටුවක්. එහි නිර්මාණය වෙන රටාවෙන් තොරතුරු රැස්ව තිබෙනවා. මේ ඩයි තට්ටුව නිරුපද්‍රිතව තිබෙන තාක් කල් තැටියෙ තොරතුරු නැවත ලබාගන්න පුලුවන්.   ............. ඒ කියන්නෙ මේ යම් තැටියක තොරතුරු රදවාගත හැකි කාලය වැඩි කරන්න නම්, මෙම දත්ත රදවා ඇති රසායන ද්‍රව්‍ය තට්ටුවේ ආයු කාලය වැඩි කරන්න ඕනේ.............................. දැන් හදල තියෙන M - ඩිස්ක් බ්ලූ- රේ තැටියේ ඩයි තට්ටුව වෙනුවට යොදා ගෙන ලෝහ මිශ්‍රිත රසායන ද්‍රව්‍යක්.  මේකෙ කොච්චර සවිමත් ද කියල කිව්වොත් එහි දත්ත රැදවීමට සැකසූ රටාව කටුක පරිසර තත්වයක යටතේ උනත් වෙනස් වෙන්නේ නැහැ. මේක හදල තියෙන නිෂ්පාදකයන්ගේ තක්සේරුවට අනුව නම් මේක අවුරුදු 1000 ක් නොනැසී පවතින ඩිස්ක් එකක්..

Comments