සුරතල් මසුන්ට වැළඳෙන රෝග දැනගමුද?

Hellow යාලුවනේ ඔන්න ඉතින් කාලෙකින් බ්ලොගිය පැත්තට අත දැම්මේ අද තමයි.. ලොකු වෙනසකුත් වෙලා තියෙන්නේ බ්ලොගියට... හි හි... අහ්! ඒක නෙමෙයි, මම අද ආවේ මාළු ඇති කරන යාළුවන්ට ගොඩක් වැදගත් පෝස්ටුවක් අරගෙනයි. අපි බලමු ඒ මොකක්ද කියලා..
මම අද අරගෙන අවේ සුරතල් මසුන්ට ඇතිවෙන රෝග පිළිබඳව විස්තරයක්, සුරතල් මසුන් හදනකොට මේ රෝග ගැන දැනගෙන ඉන්න ඕනේ.. අපි බලමු දැන් ඒ මොනවද කියලා...





මසුන්ට වැළඳෙන රෝග මර්ධනය සඳහා මේ කරුණු පිළිපදින්න ඕනේ..

  • දිනපතා මසුන් නිරීක්ෂණය කරන්න ඕනේ.
  • රෝගී මසුන් වහාම ප්‍රතිකාර කරන ටැංකි වලට මාරු කරන්න ඕනේ.
  • රෝගී මසුන් සහිත ටැංකියට වෙනම කුඩා අතන්ගුවක් පාවිච්චි කරන්න ඕනේ.
  • රෝගී මසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනම ටැංකි තියෙන්න ඕනේ, පාවිච්චියට ගැනීමට පෙර ඒවා හොඳින් සෝදා අවුවේ වේලාගන්න ඕනේ.
  • රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීමට පෙර, ජල පෙරනයක් මගින් ජලජ පැළෑටි ඉවත් කරගන්න ඕනේ. මෙම පැළෑටි නිරෝගී මසුන් ඉන්න ටැංකිවලට නම් දාන්නා එපා.
  • ප්‍රතිකාර කරන ලද රෝගී මසුන් ඉක්මනින් නිරෝගී මසුන් සිටින ටැංකි වලට දන්නා එපා. රෝගී මසුන් ඉතා දුර්වල තත්ත්වයේ සිටින නිසා නිරෝගී සතුන්ගේ පීඩා වලට ගොදුරු වෙන්න පුළුවන්.


මෙන්න මේවා තමයි ඒ කරුණු. ඒවා හොදින් පිළිපදින්න.

මසුන්ගේ රෝගී තත්ත්ව වලට තුඩුදෙන හේතු රාශියක් තියෙනවා. ඉන් කිහිපයක් තමයි ෛවරස්, බැක්ටීරියා, දිලීර හා පරපෝෂිතයන් යන රෝග යි.

දැන් අපි බලමු ඒ ෛවරස් රෝග මොනවද, රෝග ලක්ෂණ මොනවද,  ඒවාට පිළියම් මොනවද කියලත් බලමු.

  1. ෛවරස් රෝග (Viral Diseases)

  • ඉන්ෆෙක්ෂස් පැන්ක්‍රිඒටික් නෙක්රෝසිස් (Infectious Pancreatic Necrosis)
  • ඉන්ෆෙක්ෂස් හෙමටෝපොයිටික් නෙක්රෝසිස් (Infectious Haematopoictic Necrosis)
  • ස්ප්‍රිං විරේමියා ඔෆ් කාෆ් (Spring Viremia of Carp)
  • චැනල් කට්ෆිෂ් ෛවරස් රෝග (Channel Catfish Virus Disease)


  • ඉන්ෆෙක්ෂස් පැන්ක්‍රිඒටික් නෙක්රෝසිස් (Infectious Pancreatic Necrosis)


රෝග ලක්ෂණ:-
  • රෝගී මසුන් කෑම ගැනීමට ප්‍රිය නොකිරීම.
  • සමතුලිතතාවය ක්‍රමයෙන් නැති වී යාම.
  • දඟරයක හැඩයට පිහිනීම.
  • විශාල වේගවත් වැඩීමක් ඇති වයසින් අඩු මසුන් ප්‍රථමයෙන් මරබයට පත්වේ.



  • ඉන්ෆෙක්ෂස් හෙමටෝපොයිටික් නෙක්රෝසිස් (Infectious Haematopoictic Necrosis)


රෝග ලක්ෂණ:-
  • ආසාදිත මසුන් අලස ස්වභාවයක් පෙන්නයි.
  • සමහර මසුන්ගේ විශාල උදරයක් දැකගන්න පුළුවන්.
  • සමහර මසුන් රුදිර වහනය, හිසට පිටුපසින් පෘෂ්ටිය පැත්තේ පිධානය තුළ ජලක්ලෝම ශ්‍රීවිකාවේ සහ වරලේ පාදයේ දැකගන්න පුළුවන්.
  • ගුදයෙන් පටන් ගන්නා සුදු පාටට හුරු අලු පැහැති ලප දැකගන්න පුළුවන්.
  • තද වර්ණ හා අලසකම හැර සමහර අවස්ථා වලදී බාහිර ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත.


  • ස්ප්‍රිං විරේමියා ඔෆ් කාෆ් (Spring Viremia of Carp)


රෝග ලක්ෂණ:-

  • උදරීය ඉදිමීම.
  • සමේ සහ ගුදරය අවට රුධිරය පිටවීම.




  • චැනල් කට්ෆිෂ් ෛවරස් රෝග (Channel Catfish Virus Disease)


රෝග ලක්ෂණ:-

  • රෝගී මසුන් සිරස්ව පිහිනීම කරනු ලැබේ.
  • සමහර විට සිරස්ව කැරකීමෙන් සමතුලිතතාවය පවත්වා ගනී.
  • මසුන් නොසෙල්වී තම ශරීරය සිරස්ව තබාගනී.
  • සමහර විට ගැසීමකින් පසුව ටැංකියේ පතුලේ තැන්පත්වී සිටින බවක් පෙන්නුම් කරයි.
  • ජලක්ලෝම වල රුධිර වහනයක් පෙන්නුම් කරයි.
  • විශාල වූ උදරයක් පෙනේ.




ප්‍රතිකාරය හා ව්‍යාප්තිය වැලැක්වීම

  • ඉහත සඳහන් රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාරයක් නැත. ෛවරස් රෝග ව්‍යාප්ත වනුයේ රෝගී මසුන්, ජලය හා උපකරණ හා මසුන් ආහාරයට ගැනෙන කුරුල්ලන් මගිනි. මේ කරුණු ගැන සැලකිලිමත් විමින් අපිට පුළුවන් රෝගය පැතිරෙන එක වලක්වා ගන්න.


අපි දැන් බලමු මසුන්ට වැළඳෙන බැක්ටීරියා රෝග මොනවද , ඒවාට ප්‍රතිකාර හා ඒවා වලක්වා ගන්නේ කොහොමද කියලා.


බැක්ටීරියා රෝග (Bacterial Diseases)

සුරතල් මසුන්ට රෝග බෝ කරන බැක්ටීරියා වර්ග කිහිපයක් තියෙනවා. මෙම බැක්ටීරියා මගින් බෝ කරන රෝග අතරින් මසුන් අතර බහුලව දක්නට ලැබෙන රෝග කිහිපයක් මම දැන් ඔයාලට කියන්නම්.


  • කොලම්නාරිස් රෝගය ( Columnaris Disease)


කොට්න් වූල් රෝගය (Cotton Wool Disease) නමිනුත් මේ රෝගය හඳුන්වනවා.

රෝග ලක්ෂණ:-

  • මුල් අවස්ථාවේදී , සුදු ලප හිසේ සහ වල්ගයේ ඇතිවෙනවා.
  • බැක්ටීරියා මගින් දිලීර වැනි ව්‍යූහ ඇති කරනවා.
  • කොරපොතු රහිත මසුන්ගේ තුවාල දක්නට ලැබෙනවා.





මේ සඳහා ප්‍රතිකාර :-

  • රෝගී මසුන් ක්ලොරෝමයිසින් හා ඔරියෝ මයිසින් දසලක්ෂයකට කොටස් 10 – 15 (10 – 15ppm) ද්‍රාවණයක ගිල්වීම.
  • රෝගී මසුන් ස්ටර්බන් (stubborn)දසලක්ෂයකට කොටස් 100 (100ppm) ද්‍රාවණයක ගිල්වීම.
  • රෝගි මසුන් ජල ලීටර් 1ට මි.ග්‍රෑම් 10 – 20 ක්ලොරෝටෙටිරාසයික්ලීන් (Chloroteracyline) ද්‍රාවණයක දින 05ක් ගිල්ව තැබිය යුතුයි.
  • රෝගී මසුන් ජල ලීටර් 1ට ලුණු ග්‍රෑම් 7 ද්‍රාවණයක ගිල්ව තැබිය යුතුයි.


  • බැක්ටීරියා “ගිල්” රෝගය. (Bacterial Gill Disease)


රෝග ලක්ෂණ:-

  • පහල කොඳු ඇට පෙනෙන තුරු නරක් වුනු චර්ම කොටස් හැලී යාම දක්නට ලැබීම.
  • මේ සඳහා ප්‍රතිකාර :-
  • රෝගී මසුන් පියුරානේස් (Furanace) 1ppm ද්‍රාවණයක විනාඩි 60ක් ගිල්වීම හෝ 0.1ppm ද්‍රාවණයක රෝගී මසුන් නොකඩවා ගිල්ව තබන්න. මෙම රෝගය බැක්ටීරියා මගින් පමණක් නොව දිලීර, ඒක ෛශලික පරපෝෂිතයන්, පැතැල්ලන් හා ගුණාත්මක භාවයෙන් තොර ජලය මගින්ද බෝවීමට හැකිය.


  • බැක්ටීරියල් හෙමොරෙජික් සෙප්ටිසීමියා (Bacterial Haemorragic Septicaemaia)


රෝග ලක්ෂණ:-

  • වරල් වල පාදයේ, මුඛයේ පිධානය තුල හා ගුදය අවට රතු පැහැය දක්නට ලැබෙනවා.
  • වරල් කුණුවීම දක්නට ලැබෙනවා.
  • කොරපොතු හා උදරයේ ඉදිමීම් දක්නට ලැබෙනවා.
  • හදිසි මරණ සිද්ද වෙනවා.


මේ සඳහා ප්‍රතිකාර :-

  • ක්ලොරෝමයිසින් (Chloromycin) හෝ පියුරාසින් ද්‍රාවණයක (Furacin) (ජලය ලීටර් 1ට මි. ග්‍රෑම් 125) ස්වල්ප වෙලාවක් තබන්න.
  • මෙම ප්‍රතිකාරය ඉතාමත් මිල අධිකය. ඒ නිසා සාමාන්‍ය ලුණු ද්‍රාවණයක (ලී. 1ග්‍රෑම් 7) ගිල්වා තැබිය හැකිය.


  • විබ්රියෝ සෙප්ටිසීමියා (Vibrio Septicaemia)


රෝග ලක්ෂණ:-

  • වරල් පාදයේ, මුඛයේ හා පිධානය තුළ රතු පැහැය දක්නට ලැබෙනවා.
  • හැම යට විසර ගෙඩි වැනි දේ දක්නට ලැබෙනවා. ඒවා පිපිරීමෙන් තුවාල කටවල් පිටතට නිරාවරණය වේ.







මේ සඳහා ප්‍රතිකාර :-
  • රෝගී මසුන් ක්ලොරෝමයිසින් (Choromycin) 3ppm ද්‍රාවණයක පැය 48 ක් ගිල්වා තැබීම යෝග්‍ය වෙනවා.


  • ෆියුරන්කියුලෝසිස් (Furunculosis)


රෝග ලක්ෂණ:-

  • දියර පිරුණු විශාල උදරය.
  • ඉන්නන් වැනි ව්‍යූහ සම මතුපිට දක්නට ලැබේ.
  • වරල් වල පාදයේ හා මුඛයේ රතු පැහැය දක්නට ලැබේ.

මේ සඳහා ප්‍රතිකාර :-
  • දශලක්ෂයකට කොටස් 3 – 5 පොටෑසියම් පර්මැන්ගනේට් (Pottasium Permanganate) ද්‍රාවණයක ( 3 – 5ppm) ගිල්වා තැබීම කල යුතුයි.


  • බැක්ටීරියා වරල් රෝගය (Bacterial Tail Rot)


රෝග ලක්ෂණ:-

  • පළමු වරල් කෙළවරෙහි වලාකුළු වැනි පෙනුමක් දක්නට ලැබේ.
  • වරල් ප්‍රමාණයෙන් කුඩා වන අතර, ඒවා මැරුණු ස්වභාවයක් පෙන්නම් කරයි.
  • අවසානයේදී වරල තිබු ස්ථානයේ කුඩා ප්‍රමාණයක් ඉතිරි වේ.


මේ සඳහා ප්‍රතිකාර :-

  • ඔක්සිටෙට්රාසයික්ලීන් 50 – 100ppm ද්‍රාවණයක පැය 24 ක් රෝගී මසුන් තැබිය යුතුය.

  • ටියුබර් කියුලෝසසිස් (Tuberculosis)


රෝග ලක්ෂණ:-

  • රෝගී මසුන් දුර්වල වේ.
  • ආසාදිත මසුන්ගේ බර අඩුවේ.
  • කොරපොතු වල අස්වාභාවික ස්වභාවයක් පෙන්නුම් කරනවා.
  • ඇස පිටතට නෙරයි. (exophthalmos)
  • රෝගී මසුන්ගේ පැහැය අඩුවී යයි.
  • ශරීරයේ අවයව තුල, කුඩා ගැටිති දක්නට ලැබේ.









මේ සඳහා ප්‍රතිකාර :-
  • තවමත් පරීක්ෂණ තත්තවයේ පවතී. පයිටර් (fighter) මසුන්ගේ වාර්තාවේ ඇත.



දිලීර රෝග (Fungal Disease)

  • දිලීර රෝගය ඉතා ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන්. සම මතුපිට වරල් අවට මුඛය අසල පුළුන් වැනි දිලීර දක්නට ලැබෙනවා. මසුන්ගේ ශ්ලේෂ්මල පටලය අසාධනය වෙනවා. දිලීර හේතුවෙන් මසුන් මිය යන්න පුළුවන්.


දිලිර රෝග සඳහා ප්‍රතිකාර හා වලක්වා ගැනීමේ ක්‍රම.

  • මසුන්ට තුවාල සිදුවීමට ඇති අවස්ථා අඩු කල යුතුය. තුවාල තිබේනම් මසුන් 5% මැලචයිට් ග්‍රීන් (Malachite Green) (ලී. 166.7 මි.ග්‍රෑ.) ද්‍රවනයක තත්පර 10 – 30ක කාලයක් ගිල්වතබන්න ඕනේ. මැලචයිට් ග්‍රීන් (Malachite Green) විෂ සහිත නිසා මෙතිලින් බ්ලූ (Methylene Blue) ද්‍රවණයක් (ලී. 11 – 8 මි. ග්‍රෑම්) භාවිතා කිරීම යෝග්‍ය වෙනවා.







මෙන්න මේවා තමයි සුරතල් මසුන්ට වැළඳෙන රෝග අපිට පුළුවන් මේවා මේහි සඳහන් කරුණු මගින් විසඳා ගන්න.. ඔන්න යාලුවනේ ඉතින් මම හිතනවා මේ කරුණු අපේ සුරතල් මසුන් ඇති කරන යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් මම නැවතත් දවසක ඔයාලට වැදගත් වෙන අලුත් පොස්ටුවක් අරගෙන එන්නම්... මම SLK වෙතින් රාධිකා සෙව්වන්දි....

Comments

Unknown said…
Ko paraposhithayanta monaa karanna ona kiyala nane
Unknown said…
fantastic work.all
the best
එයාලගෙ කරමල ලගින් ලේ පාට වෙන්නෙ ඇයි