අපි PHP ඉගෙන ගමු 03 (PHP Hello Word!)


පොරොන්දු වුනා වගේ ඔන්න PHP තෙවන පාඩම මම අරන් එනව ඔයාල ලගට. මේ පාඩමෙන් තමා ඔයාල ඔයාලගේ පලමු PHP Code එක අත්හදා බලන්නේ. 

ඕනෑම පරිගනක භාශාවක, හදන පලමු අත්හදා බැලීමේ වැඩසටහන තමයි Hello Word! කියන්නේ. ඒකෙන් තමා ඕනෑම ආදුනිකයෙකුට දල අවබෝදයක් ලැබෙන්නේ අදාල භාෂාව හසුරව මූලික සංකල්ප ගැන.


  • කොහොමද අපි කේතනය කරන්නේ
  • මොනාද අපි යොදා ගන්නේ
  • කොහොමද මේව RUN කරන්නේ 


යනාදී කරුනු මේ පාඩමේදී මම සැකෙවින් ඔයාලට කියල දෙනව. 

හොදා අපිට PHP වලින් යමක් ලියනවනම් පහසුවෙන්ම ඒ සදහා භාවිතා කරන්න පුලුවන් Tool එක තමා Notepad කියල කියන්නේ. මීට අමතරව Notepad++ වගේ Coding කරන වැඩවලටම හදාපු Tool එකක් භාවිතා කරන්න පුලුවන් නම් තවත් වටිනව.

පේනවනේ නිකන් Notepad වලට වඩා Notepad++ වල වෙනස

ඔන්න ඉතින් මම දැන් වැඩේට බහිනව. ඔයාල දන්නව නේද HTML වලින් Code කරන කොට අපි ඉස්සෙල්ලාම HTML ටැග් එකක් Open කරගන්නව.

සෑම HTML Tag එකක්ම Open කරන කොට <HTML> ලෙසට සහ එය අවසන් කරන කොට </HTML> විදිහටනේ අපි ලියන්නේ. ඉතින් PHP ත් ඔය වගේමයි. ඔයා PHP වලින් මොනාම හරි දෙයක් කරන්න යනවනම් ඒ දේ PHP ටැග් එකක් තුල ලියවිය යුතුමයි. PHP ටැග් එකක් ආරම්භ කරන්නේ <?PHP ලෙස සහ අවසන් කරන කොට ?> ලෙස දැක්විය යුතුයි.


මේ රූපසටහන බලන්න. ඒකේ කොලපාට කොටසේ තියෙනව <?php කියල. මේව කැපිටල් සිම්පල් ගැටලුවක් නෑ. මේ තමා PHP වලින් ආරම්භක Tag එක ලෙස හදුන්වන්නේ. ඊට පහලින් ලා නිල්පාට පසුබිමේ ??? ලකුනු යොදා තියෙන තැන ඔයාට කරගන්න ඕන වැඩේ ලියන්නයි තියෙන්නේ. අපිට හිතුමනාපෙට ලියන්න බෑ කිසිම දෙයක්, බලමු ඉස්සරහට යනකොට කොහොමද කරන්නේ කියල. සෑම ක්‍රියාවක්ම අවසන් වෙන්නේ ";" යන ලකුන යෙදුවට පසුවයි. ඉතින් අමතක කලොත් වැඩකරන්නේ නෑ. අවසානයේ End Tag එක ?> ලෙස ලියනව. ඔන්න PHP වලට එන ආදුනිකයෙක්ට Tag සම්බන්දයෙන් දැනගන්න ඕන දේවල් මම සරලව කියල දුන්න.

HELLO WORD

මම කිව්වනේ අපි අද Hello Word එක හදන්නේ කියල. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ Notepad open කරගන්න. මම නම් Notepad++ ඒකේ පහත කේත ටික ලියන්න.



<?PHP

echo "Hello Word";

?>

මේ විදිහට ඔයා ලියපු File එක දැන් Save කරන්න ඕනේ. අපිට ඕන ඕන තැන් වල Save කරල හරියන්නේ නෑ. මේක Save කරන්න ඕනේ අපේ Wamp Server එක ඇතුලේ.

මම මගේ WAMP SERVER එක Install කරල තියෙන්නේ C Drive එකේ.



පේනවනේ wamp කියල Folder එකක්. ඔන්න මම ඒකේ ඇතුලට යනව.



ඉතින් ඔයා wamp folder එක ඇතුලට ගිහින් හොදට බැලුවොත් ඔයාට දැකගන්න පුලුවන් වෙයි ඒකේ ඇතුලේ www කියල Folder එකක් තියෙනව. අන්න ඒකේ ඇතුලේ තමයි ඔයා හදපු Hello Word එක Save කරන්න ඕනේ.


ඉතින් පලමු වරට මේ Folder එකට යන ඔයාලට index.php සහ testmysql.php කියල file දෙකක් දකින්න පුලුවන්. ඒ දෙක එහෙම්මම තියල මම අලුත් Folder එකක් හැදුව "hello word" කියල. ඉතින් ඔයා මතක තියා ගන්න ඔයා මෙතැන් පටන් කරන හැම Project එකක්ම මේ විදියට Folder හදල පිලිවෙලට තියාගන්න. ඒක ඉතාම වැදගත්. මේ හදාගත්තු Folder එක ඇතුලට අර අපි Notepad++ වලින් ලියපු Code එක Save කරනව ඔයා කැමති නමක් දීල අගට මතක ඇතුව "."එකක් සමග "php"  කියල දෙන්න හරියට මෙන්න මේ වගේ.

myfirst.php


RUN

PHP Run කරන්න නම් අපිට wamp server එක අවශය වෙනව. ඉස්සෙල්ල මම wamp server එක Start --> All Programs තුලින් Open කර ගන්නව. ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද.. 

හොදයි ඔන්න wamp server එක Open කලාම ඔයාට System Try එකේ කොලපාට Wamp Icon එක දැකගන්න පුලුවන් නම් හරි. 


බැරිවෙලාවත් මේ Icon එක කොලපාට නොවී තැබිලි හෝ රතුපාට නම් වෙලා තියෙන්නේ  Server එකේ මොනා හරි ප්‍රශ්නයක් තියෙනව, එක්කෝ ඔක්කොම Service වැඩ කරන්නේ නෑ, එහෙමත් නැත්තන් ඔයා ස්තාපනය කරල තියෙන මොකක් හරි වැඩසටහනක් දැනටමත් Port 80 භාවිතා කරනව. විශේෂයෙන්ම Skype මගින් මේ ගැටලුව එනව. එයාල Option වලින් ඒක Disable කරගන්න. මම ඒක කියල දෙන්න යන්නේ නෑ. 

දැන් මේ Wamp Icon එක මත Click  කරන්න. එතකොට මෙන්න මේ වගේ Menu එකක් එනව.


ඉහලින්ම තියෙන Localhost කියන එක ‍තෝරන්න.


ඒකට ගියාට පස්සේ ඔයාගේ Web Browser එක Open වෙලා මෙන්න මේ Page එක ලැබේවි. බලන්න මෙතැන තියෙනව Your Project කියල තැනක්. එතැන List එකේ ඔයා අර හදාපු hello word  කියන එක තියෙනව. අන්න ඒක ‍තෝරන්න. ඔයාල පලමු වරට wamp දැම්මනම් මෙතැන තියෙන්නේ ඔයාගේ මේ Folder එක විතරයි. මම මීට කලින් හදාපු Folders තමා අනිත් ඒවා. ඒව ඔයාගේ නැහැ. ඒක ගැන වැඩියේ හිතන්න එපා.

ඉතින් ඒ hello word කියන link එක click කලාම මේ පහලින් දාල තියෙන විදිහේ Page එකක් ලැබෙනව. බලන්න අර ඔයා හදාපු PHP file එක මෙතැන තියෙනව නේද කියල. හරි, අන්න ඒක Click කරන්න. බලමු මොකද වෙන්නේ කියල

ඔන්න අපේ වැඩේ ඉවරායි. ඔයා මම කිව්ව වගේ හරියට මේ පියවරවල් ටික අනුගමනය කලා නම් මේ පහලින් දාල තියෙන විදිහේ Output එකක් ඔයාට ලැබෙනව.

ඔන්න ඉතින් දැක්ක නේ, කොහොමද PHP වලින් Hello Word එකක් හදන විදිහ. මේ Code වලදි අපි echo කියල වචනයක් පාවිච්චි කලා, මේ Code එකෙන් කරන්නේ ඕනම දෙයක් පෙන්වන්න කියන එක, 
උදා: echo "Sri Lanka";  කියල ලිව්වොත් Output එක විදිහට ලැබෙන්නේ Sri Lanka.  ඒ විදිහට නමක් යොදන කොට උපුටා ගැනීමේ ලකුනු තුල ලිවීම අනිවාර්යයි. අවසානයේ සමස්ත කේතයම ";" යන ලකුනෙන් මම පෙර කිව්ව විදිහටම ඉවර කරල තියෙනව.

ඉතින් අද ඔයාලට තේරෙන්න ඇතිනේ PHP සහ Wamp Server වලින් වැඩ කරන හැටි. හොදයි මම ඉදිරි පාඩම් වලදි මේ තරම් රූප සටහන් දාන්න යන්නේ නෑ, මොකද මම මේ තරමටම හැම පියවරක්ම සැකෙවින් පැහැදිලි කලේ ආදුනිකයන් සදහාමයි. 

ඒ නිසා ඉදිරි පාඩම් වලදි මම මෙච්චර දුර යන්නේ නෑ. ඔන්න ඉතින් මම තවත් PHP පාඩමක් ඔයාලට අරගෙන එන පොරොන්දුව පිට අදට සමු ගන්නව. ඔයාලට මේ සම්බන්දයෙන් පැන නැගෙන ගැටලු වලට සවන් දීමට මම සූදානම්. මට call කරල පුලුවන් එයාලට ඕන දෙයක් අහගන්න. 

ගැටලු විමසීම (මෙම පාඩමට සම්බන්දව) අමතන්න චින්තක: 071 21 22 648

Comments