අපි PHP ඉගෙන ගමු 05 (IF/ELSE)


වැඩි කතා ඕනේ නෑ, කෙලින්ම වැඩේට බහිමු. IF සහ Else කියන්නේ සෑම පරිගනක භාශාවකම දකින්න ලැබෙන සුප්‍රසිද්ද  Statement (ප්‍රකාශනය) එකක්.

අපේ කොල්ලොන්ට ඔහොම කිව්වට ඔලුවට යන්නේ නෑ. 

සරල උදාහරනයක් ගමුකො.

විභාගය ඇන ගත්තොත් අම්ම ගහයි.

ඇත්තනේ, විභාගයක් තියෙන්නේ ගොඩ යන්න මිසක් ඇන ගන්න නෙමේනේ. ඉතින් ඇයි අම්ම ගහන්නේ , විභාගය ඇන ගත්තොත්. බැරි වෙලාවත් ඇන ගන්නේ නැතුව පාස් උනොත්, ආතල් එනේ ඉන්න පුලුවන්. 

කෙල්ලෙක් දා ගත්තොත් කොල්ලො විනාසයි. 

ඇයි කොල්ලො විනාස වෙන්නේ , කෙල්ලෙක් දාගත්තොත්. හරිම සරලයිනේ යාලුවනේ. ඉතින් ඔය වගේම තමා මේ IF Command එක මගින් අපිට පුලුවන් PHP තුල යම්කිසි කොන්දේසියක් පනවන්න අදාල ක්‍රියාවලිය සිදුකරන්න. IF කියන ප්‍රකාශය බහුලව යොදා ගන්නව මේ භාශාවන් තුල. සරල Login System එකක් අරගෙන බලන්න. ඔයා යොදන Password එක නොගැලපුනොත්, ඔයාට Log වෙන්න බෑ.  ගැලපුනොත් Log එන්න පුලුවන්. 

ඉතින් තේරෙනවනේ ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙන පාඩමක්. 

<?phpif (කොන්දේසිය) {
    echo 
"කොන්දේසියට එකග නම් විය යුත්තේ කුමක්ද";

?>


ඔය තියෙන්නේ බොහොම සරල විදියට මම ඔයාලට තේරුම් කරේ IF විදානය ගැන. IF වලින් පස්සෙ අපි එයාට ලබා දෙන්න ඕනේ අපේ කොන්දේසිය. 1 ට වඩා 2ක විශාලනම්, මෙන්න කොන්දේසිය. හරිද.

<?phpif ( 1ට වඩා 2ක විශාලනම්) {
    echo 
"කොන්දේසියට එකග නම් විය යුත්තේ කුමක්ද";

?>

ඔන්න අපි අපේ කොන්දේසිය ගොඩ නැගුව. හරිද. මම දන්නේ නෑ ඔයාල මොන විදිහේ කොන්දේසියක් මේකට පනවයිද කියල. ඒක ඔයාලගේ කැමැත්ත. 

ඉතින් මේ කොන්දේසියට එකගනම් ඊලගට මොනා හරි වෙන්නත් එපැයි නේද. මොකද වෙන්නේ, හොදා මේ බලන්නකො

<?phpif ( 1ට වඩා 2ක විශාලනම්) {
    echo 
"2 විශාලයි.";

?>

කොන්දේසියට අනුව ඒක හරිද වැරදිද කියන එක වැඩසටහන මගින් හොයල බලනව. ඊට පස්සේ කොන්දේසියට එකග උනා නම් ඔයාට "2 විශාලයි" කියල පෙන්නනව. මම හිතනව ඉතාම සරල විග්ග්‍රහයක් මම පෙන්නුවෙ. නමුත් මේව් ඉතින් බොරු කෝඩ්. මේව ගැහුවට Run වෙන්නේ නෑ. අපි ඒ නිසා ඇත්තම Code එකක් ගහල බලමු නේද.


<?php

$a = 1;
$b = 2;

if ($a < $b) {
    echo 
"a kuday b ta wada";
}
?>


මම මේක ලියල wamp server එකේ Run කලා. මෙන්න මෙහෙම ආව.



දැන් ඔයාලට තේරෙනව නේද මම මුලින්ම කලේ විචල්‍යක් හදාගෙන ඒවට අගයන් ඇතුලත් කරපු එක. ඒක තේරුනේ නැත්තන් මම PHP ගැන ලියපු 4 වෙනි පාඩම බලන්න. ඊට පස්සේ IF කියන ප්‍රකාශය ලියල කොන්දේසියක් දැම්ම $a කියන විචලයේ අගය කුඩයි නම් $b කියන විචලයට, "a kuday b ta wada" කියල Print කරන්න කිව්ව. මුල්ම hello Word පාඩමේ යොදා ගත්තු echo විදානය මගින් තමයි ඒ වචන පෙල අපිට පෙන්වුවේ, හරියට ඔය උඩ තියෙන පින්තූරය වගේ.

දැන් ඔය කතාවට තව චුට්ටක් ඉස්සරහට අරගෙන යමු. මේ IF කියන ප්‍රකාශයත් එක්ක තව එන තවත් ප්‍රකාශයක් තියෙනව, ඒ තමයි Else, සිංහලෙන් කිව්වොත් "නැතිනම්" කියන එක. දැන් අම්මගේ කතාව ආයේ  ඇදල ගමු. ඔයාල විභාගය ඇනගත්තොත් අම්ම ගහනව කිව්වනේ, එහෙම නැත්තන් මොකද වෙන්නේ, ආන්න ඒ වගේ දෙයක් අපේ PHP කොන්දේසියට වලංගු නැද්ද. කොන්දේසියක හැම වෙලාවෙම දෙපැත්තක් තියෙනව කියල අමතක කරන්න එපා. දෙයක් වුනොත් මොකද වෙන්නේ වගේම ඒ දේ නොවුනොත් මොකද වෙන්නේ කියන එකත් අපිට කොන්දේසි තුල ගොඩ නගන්න පුලුවන් නේ.

<?php

$a = 4;
$b = 2;

if ($a < $b) {
    echo 
"a kuday b ta wada";
}else{

    echo "a wishalay b ta wada";
}

?>

හොදට බලන්න මේ Code දිහා. මම A කියන විචලයේ අගය 1 වෙනුවට 4 දැම්ම. දැන් බලන්න මේක Run කරල මොනාද වෙන්නේ කියල.


මටනම් පිලිතුර ආවේ : a wishalay b ta wada

දැන් ඔයාල තේරුම් ගන්න ඕනේ PHP තුල කොන්දේසි ගොඩනගන විදිහ. මට තව දෙයක් මගහරුන නේ ඔයාලට කියන්න. සමහර කොන්දේසි ඇතුලෙත් කොන්දේසි තියෙනව. ඒ වගේ වෙලාවක අපිට if else කියන එක යොදා ගන්න පුලුවන්. ඒ විදිහට එක දිගට වැල වගේ කොන්දේසි දෙන්න පුලුවන්. මේ උදාහරනය බලන්න.

<?php

$a = 3;
if ($a == 1) {
    echo "jan";
}elseif ($a == 2){
    echo "Feb";
}elseif ($a == 3){
    echo "Mar";
}

?>

ඉතාම සරල විදිහට ඔන්න මම හැදුව අංකයක් දුන්නම ඊට අදාල මාසය පෙන්වන වැඩසටහනක්. මේකේ ඉතින් අංකය ඇතුලත් කරන්න තියෙන්නේ තාම  Manual Edit කරල. මේ වැඩසටහනේ දැනට මම මාර්තු මාසය දක්වා විතරයි Code කලේ. දෙසැම්බර් මාසය දක්වා ඒක ගොඩනගන්න කියල මගේ ගෝල බාලයන්ගෙන් ඉල්ලා සිටිනව.

මම ඊලග පාඩමෙන් කියල දෙනව PHP තුල මේ Forms එක්ක වැඩ කරන්නේ කොහොමද කියල. අන්න පට්ට පාඩමක් හොදේ, Text Box දාල, Buttons දාල අපි ටිකක් අපේ PHP වැඩසටහන් වලට පොශ් ලුක් එකක් දෙමු එහෙනම්. 


Comments