අපි PHP ඉගෙනගමු 06 (Form Handling)


වැල් වටාරම් ඕනේ නෑ, මගේ මිශන් එක ඔයාලට ඉක්මනට PHP පිලිබද මූලික දැනුමක් ලබා දෙන්න. මට ඕනේ නෑ ඔයාලට PHP වල ඉතිහාසයේ ඉදන් උගන්වන්න, ඒ වගේම මේ අකුරු තුනේ අර්තය පිලිබද ගැබුරු විග්‍රහ කරල කාලේ නාස්ති කරන්නත් මට ඕනේ නෑ, මගේ පාඩම් වලදි මම ඔයාලට උගන්වන්නේ පැහැදිලිවම මූලික කරුනු. මේව හදාරන කෙනෙක්ට ඉක්මනින්ම PHP ඉගෙන ගන්න පුලුවන්, නමුත් මතක තියා ගන්න හසල දැනුමක් ලබන්න නම් ඉතින් මේ පාඩම් පෙල අවසානයේ මින් එහාට තියෙන සංකීර්න කොටස් ඔයාට තනිව ඉගෙන ගන්නම සිද්ද වෙනව. 

අද මගේ මාතෘකාව Form Handling. අපිට බොහෝ වෙබ් අඩවි වල සුලබව හමුවෙන දෙයක්, ඉතින් අපි පියවරෙන් පියවර බලමු මේ පිලිබදව ඉගෙන ගන්න. ඉතාම වැදගත් පාඩමක්. බොහොම අවදානයෙන් බලන්න. අද ඉදන් දිගටම අපේ පාඩම් එක්ක මේ අද මම උගන්වන පාඩම බද්ද වෙනව.



මෙන්න තියෙනව Form එකක්, මේවගේ දේවල් ඕන තරම් ඔයා දැකල ඇති, අපිට වෙබ් පි‍ටුවකට දත්ත ඇතුලත් කරන්න වගේම පිලුවකින් දත්තයක් ලබා ගන්න කොටත් Form එහෙමත් නැත්තන් ෆෝරම වැදගත් වෙනව.

තව දෙයක්, From ගොඩනගන්න PHP ඕනේම නෑ, කොටින්ම PHP වලින් කිසිම වැඩක් නෑ, Form එකක් ගොඩ නගන්නේ අපි PHP කේතවලින් නෙමේ, නමුත් මේ Form එක මෙහෙයවන්න, Handling වලට අපිට PHP හරි එක්කො Java Script වගේ එකක් පාවිච්චි කරන්න වෙනව. 

අපි මේ ෆෝරමයක් ගත්තම මේ ෆෝරමය ඇතුලේ එක එක දේවල් තියෙනව. ඒවට අපි කියනව Object කියල. මේව එකිනෙකට වෙනස් ස්වරූපයේ දත්ත ඇතුලත් කරන්න අපි යොදා ගන්නව. බලන්නකො ඔය උඩ මම දාල තියෙන Sign up Page එක දිහා. එකේ නම ඇතුලත් කරන්න තියෙන්නේ Text Field එකක්. Text Field  එකකදි අපිට කරන්න පුලුවන් වචනයක් ඇතුලත් කරන්න වගේ සරල දෙයක්. ඒ වගේම ඒ Form එකේ "i am" කියල තියෙන තැන ස්ත්‍රී  පුරුෂ බව ‍තෝරන්න තියෙනව. ඇයි එතැනට කලින් වගේම Text Field එකක් යොදා නොගත්තේ, අපි නමක් ගත්තොත් ඒ නමේ ස්වරූපය මොන විදිහකට තියෙනවද කියල දන්නේ නෑ, නමුත් නමක් අනිවාර්යෙන් සංඛයාවක් නොවී අකුරු වලින් විතරක් ලියවෙන දෙයක් බව අපි කවෘත් දන්නව, මෙතැනදි ගැහැනු පිරිමි බව ගත්තොත්මුලු ලෝකෙටම තියෙන්නේ දෙකයි නේ. එහෙම නේද, මොකක් නෑ, හි හී. දෙකයි දෙකයි. බැරි වෙලාවත් ඔතන Text Field එකක් දැම්මොත් මොනා වෙයිද, ඒක හිතන එක ඔයාලටම බාරයි.

තව බලන්න මේකේ ඔය කොල පාටට තියෙන්නේ Button එකක්. අපි කියනව Submit Button කියල. මුලු ෆෝරමයම Fill කරල ඉවර උනාම එය අවසන් බව කියන්න තමයි මේ වගේ දෙයක් යොදා ගන්නේ, වෙනස් දේවල් තියෙන්නත් පුලුවන්. හරිද,

Form එකක් ගොඩ නගමු


මම කිව්වනේ Form එකක් ගොඩනගන්න අපිට PHP ඕන වෙන්නේ නෑ කියල. මේ වැඩේට HTML ප්‍රමානවත්.



Notepad Open කරල මේ පහත කේතයන් ඇතුලත් කරන්න



<head>
<title>Test Form</title>
</head>

<body>

<form action="post.php" method="post" name="test">

<input name="value1" type="text" size="20" maxlength="10" />

<input name="Submit" type="button" value="submit" />

</form>

</body>
</html>

අවසානයේ මතක ඇතුව Save කරන්න අලුත් Folder එකක් wamp Server එකේ හදල ඒකේ ඇතුලේ, අනිවාර්යෙන්ම මේක .html විදිහටයි Save කරන්න ඕනේ.මම මේක test.html කියල save කරනව


RUN කරල  බලන්න මේ වගේ දෙයක් එනව නේද කියල, දැන්ම අනිත් කේත ගැන හිතන්න යන්න වත් එපා. මම මෙතැනදි ඉස්සෙල්ලාම කලේ Form එකක් හදන එක. මේ සදහා අපිට HTML Tag එකක් තියෙනව <form> කියල. 

FORM


<form action="post.php" method="post" name="test">

     OBJECT ARIA
</form>

මේ form කියන ටැග් එකත් එක්ක ආරෝපන, අපි කියනව attribute කියල. මේව කීපයකුත් යෙදෙනව. ඒ තමා

Action - මේ Form එක Handle කරන්නේ PHP වලින් කිව්වනේ. ඉතින් අපි පිටින් PHP File එකකට කතා කරනව මේ form එකේ ඉදන්. ආන්න ඒ File එකේ නම තමා මෙතනට දෙන්න ඕනේ. ඉදිරියේදී හොදට විස්තර කරන්නම්කො. 
Ex: action="post.php"

Method - Form එකකින් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් මූලික කරුනු කාරනා දෙකක් තියෙනව. එකක් තමා අපිට Form එකේ තියෙන දෙයක් පිට අයට දෙන්න පුලුවන්. අපි ඒකට කියනව POST කියල. ඒ වගේම පිට තියෙන දෙයක් ආපහු Form එකට ගන්න පුලුවන්, ගෙන්න ගන්න පුලුවන්, ඒකට අපි කියනව GET කියල. Method එකේදි අපි කල් තියාම ඒක තීරනය කරනව.
Ex: method="post"

TEXT FIELD


මේ තියෙන්නේ Text Field එකක්. මම කලින් කිව්වනේ මේකෙන් මොකද වෙන්නේ කියල. මේක Form එකක් තුල එන තවත් එක OBJECT එකක් විතරයි. මේ වගේ Object එකක් නිර්මානය කරන්න භාවිතා කරනව අපි ටැග් එකක් "Input" කියල. මේකත් එක්කත් ආරෝපන කීපයක් යෙදෙනව.

<input name="value1" type="text" size="20" maxlength="10" />

Name: අදාල Object එක හදුන්වන නම. මතක තියා ගන්න Object එකකට දෙන නමක් තවත් Object එකකට නොදීමට වගබලා ගන්න.

Type: ඔයා Text Field එකක් ද යොදා ගන්නේ එහෙමත් නැත්තන් Button එකක්ද,  මෙතැනට තමා ඔයා ඒ මොකක්ද කියල දෙන්න ඕනේ.

Size:  Text Field වලට යොදා ගන්න ආරෝපනයක්. Text Field එකේ දිග තීරනය කරනව.

Maxlength:  Text Field එකක් තුලට ඇතුලත් කල හැකි උපරිම අකුරු සංඛයාව තීරනය කරනව.

Form Handling

මම කිව්වනේ මුලින්ම අපිට PHP වලින් Form Handle කරන්න පුලුවන් කියල. මේ ක්‍රියාකාරකම කරන්න.

File Name: Test.html

<html>
<body>

<form action="welcome.php" method="post">

Name: <input type="text" name="name"><br>

E-mail: <input type="text" name="email"><br>

<input type="submit">

</form>

</body>

</html>



OUTPUT: 
Name: 
E-mail: 
 



File Name: welcome.php


<html>

<body>

Welcome <?php echo $_POST["name"]; ?><br>


Your email address is: <?php echo $_POST["email"]; ?>


</body>
මේ File දෙකම මම කියපු නම් වලින් ම Save කරගන්න. මතක ඇතුව Wamp Server එකේ එකම Folder එකක් ඇතුලට දෙන්නවම දාන්න. දැන් ඒක Run කරන්න. මෙතනදි ඔයා Wamp Server එකේදි ‍තෝරන්න ඕනේ ඉස්සෙල්ලාම, Test.html කියන File එක. 




ඉතින් යාලුවනේ අද මම ඉතා සරලව ඔන්න Form එකක් හදන විදිහ, ඒ වගේම ඒ Form එක PHP වලින් හසුරවන විදිහ කියල දුන්න. මම දන්නව ඉතාම සරල විදිහට මම මේක කියල දුන්නේ කියල. ඉතින් එක පාර අපිට අහස අල්ලන්න බෑනේ. ඉතින් ඔයාලට අද මම කියල දුන්නේ POST කියන method එක විතරයි.

මෙහෙමයි, ඔයාල එක එක අත්හදා බැලීම් කරන්න. එතකොට ඔයාලගේ හැකියාව ගොඩාක් වැඩිදියුනු වෙනව. ඉතින් මේ පාඩම ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති.

Comments