අපි PHP ඉගෙන ගමු 01 (පිවිසුම් පාඩම)

(HTML වලින් Web Page වත් හදාගන්න බැරි අය මේ ලිපිය කියවීමෙන් වලකින්න. එය කාලය අපතේ දැමීමකට සමානයි. ඒ අය HTML ගැන මම හදපු Video හතර බලලම මේ වැඩේට සෙට් වෙන්න)


Schoollk වෙතට එන ඔයාල මොනාම හරි ඉගෙන ගෙන යනව කියල මට විශ්වාසයෙන් කියන්න පුලුවන්. ඉතින් මට හිතුන PHP ගැන ටිකක් කියල දෙන්න. මේක ටිකක් සංකීර්න පාඩමක්. මම ඔයාලට කියල දෙන්නේ මූලික සංකල්ප විතරයි. ඔයාල තමයි එතනින් එහාට අල්ල ගන්න දෙයක් අල්ල ගන්න ඕනේ. හැම දේම ඉතාම සරලව හොදේ.

ඔයාල දන්නවනේ Computer Programs හදන්න එක එක ජාතියේ පරිගනක භාශා භාවිතා කරනව. නමුත් වෙබ් අඩවි වලත් ඒ වගේ භාශාවන් භාවිතා කරනව විවිද වැඩ කරගන්න. උදාහරනයක් විදිහට කිව්වොත් User Login System එකක් අරන් බලමු. මේ වගේ දේකදි Data Base එකක් තියෙනව. ඒ කියන්නේ දත්ත පද්දති. අපිට සිද්ද වෙනව මේ දත්ත පද්දති අතර අන්තර් හුවමාරු වීම් සිදුකරන්න. පුලුවන්ද මේ වගේ හපන්කමක් සාමාන්‍ය HTML භාවිතා කරල කරන්නව. හිතන්න වත් එපා. ඒක කරන්න බෑ.

එතකොට අපිට මේ වගේ දේවල් කරගන්න පරිගනක භාෂාවක් යොදා ගන්නම වෙනව. ඒ භාෂාව වෙබ් අඩවි සමග හැසිරවීමටත් පුලුවන් වෙන්න ඕනේ. මේ සදහා අද ලෝකේ බහුලවම භාවිතා කරන භාෂාවක් තමයි PHP කියන්නේ. 

PHP ගැන තව කියන්න වැදගත් කාරනයක් තියෙනව. ඔයා HTML වලින් වෙබ් අඩවියක් නිර්මානය කරල එවෙලෙම ඒක Web Browser එක හරහා Internet තිබ්බත් නැතත් ඔයාට ඒක RUN කරන්න පුලුවන්නේ. මොකද HTML කේතයන් සියල්ල හසුරවන්නේ Web Browser එක තුලයි. ඒ කියන්නේ Client Side විදිහට තමයි ක්‍රියාත්මක වන්නේ. Java Scrip ඔය වගේමයි. නමුත් PHP එහෙම වැඩකරන්නේ නෑ. PHP කේතයන් ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන්ම ඒ Run වීම Server එකක් තුලයි සිදුවිය යුත්තේ. 

තේරුනේ නැත්තන් තව පැහැදිලි කරන්නම්කො. අපි හිතමුකො ඔන්න WebSite එකක් තියෙනව Server එකක තියල. Domain එක ඔස්සේ ඔයා ඒ Server එකෙන් ඉල්ලනව ඒ Web Site එක. සාමාන්යෙන් එහෙමනේ අපි කරනේ, නේද, Server එකෙන් Web Site  එකේ සියලූම HTML Code, CSS Code,J Script සියල්ල එහෙම් පිටින්ම අපිට එවනව. හැබැයි පු‍තෝ PHP විතරක් එයා තියා ගන්නව. ඒව අපිට එවන්නේ නෑ. දැන් අර අපිට ලැබිච්ච කේත සියල්ල Web Browser එක තුලදි Process වෙනව. ඔන්න අපිට ලස්සනට අපේ Web Site එක පේනව. 
එතකොට PHP වලට මොකද වුනේ. PHP කේතයන් සියල්ල Server එක තුලදී Compile වෙලා Run වෙලා එතනින් ලැබෙනවනේ මොකක් හරි Output එකක්. අන්න ඒක විතරක් අපිට එවනව. නියමයි නේද වැඩේ.

PHP කේතයන් අපි වෙතට එන්නේ නෑ. ඒ නිසා Loging System වලට ගොඩක් ආරක්ශාකාරී භාශාව තමා PHP මොකද කාටවත් ඒ Code බලන්න බෑ. බැරිවෙලාවත් Java Script වලින් User Login System එකක් ගැහුවනම් කට්ටිය Script ටික කියවල ඒව කනපිට හරවයි. 

හොදයි අද මේ පාඩමෙන් ඔයාල දැන ගත්තනේ PHP කියන්නේ මොනවගේ දෙයක්ද කියල. අඩුම තරමේ දැන් මම හිතනව ඔයාලට දල අදහසක් වත් තියෙනව කියල. 

මේ ලිපිය ගොඩක් දිගට යන හින්ද කොටස් වශයෙන් මම මේක ලියන්නේ. මම ඊලග ලිපියෙන් කියල දෙනව ඔයාලට කෘතීම Server එකක් පරිගනකය තුල හදාගෙන ඒ ඔස්සේ අපේ PHP අත්හදා බැලීම් කරන්නේ කොහොමද කියල. 

එහෙමනම් ඔයාලට ජය!





Comments