මගේ ඉංග්‍රීසි පංතිය - පාඩම් අංක 1


හලෝ යාලුවනේ.. ඔන්න මට හිතුන පොඩියට ඉංග්‍රීසි පංතියක් දාන්න.. කාඩ් මාක් කරන්නේ නම් නෑ හොදේ. වයස් බේදයක් නෑ.. කියවන්න පුලුවන්, කියවල දෙයක් තේරුම් ගන්න පුලුවන් ඕන කෙනෙක්ට ඇවිත් ඉගෙන ගන්න පුලුවන් පංතියක් මේක.

මේක ඇත්තටම ටිකක් වෙනස් විදිහේ වැඩක්. මම පාඩම් පෙල ගස්සවනෙත් හරිම සරල පිලිවෙලකට. ඉතින් ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගන්න මේක ලොකු අත්වැලක් වෙයි කියල හිතනව.

කට්ටියට A,B,C,D කියල දීල කාලෙ කන්න මම යන්නේ නෑ. කෙලින්ම වැඩේට බහිමු. සරල වර්තමාන කාල (Simple Present Tense) වාක්‍ය කියන්නේ මොනාද කියල කියල දෙන්නයි ඔන්න මම දැන් යන්නේ.


දවසේ පාඩම


සරල වර්තමාන කාල (Simple Present Tense)

යාලුවනේ අපි හැමදාම පුරුද්දක් විදිහට කරන දේවල් තියෙනව නේද. හිතන්න ඔයා හැම දාම දත් මදිනව. ඒක ඔයා පොඩි කාලෙත් කලා. දැනුත් කරනව, හෙටත් කරනව. ඔයා දැන් පාසල් යන කෙනෙක් නම් ඔයා ඉස්සරත් පාසල් ගියා, අදත් යනව, හෙටත් යයි. මේව ඉතින් අමුතුවෙන් අතීත කාල, වර්තමාන කාල හරි අනාගත කාල දාල කියන්න ඕනෙද. මේ බලන්නකො

Nimal go to school - නිමල් පාසලට යනව.

සමහර විට නිමල් මේ මෙහොතේ ගෙදරට වෙලා කකුලක් උඩ දාගෙන TV බලනව ඇති. ඔයා කියනව "නිමල් පාසලට යනව" කියල. ඉතින් ඒකේ වැ‍රැද්දක් නෑ.. මොකද ඒක කොහොමත් වෙන දෙයක්. මොකද නිමල් ඒ දේ හැමදාම කරනව නම් ඒක මේ දැන් කරන ගමන්ම කියන්න ඕනේ නෑ..
මේකයි සරල වර්තමාන කාල කියන්නේ.. ඒක ඇත්තටම සරලයි නේද. ආයේ ක්‍රියා පද වලට අමුතු වර්තමාන ස්වරූපයක් ගාවන්න ඕනේ නෑ හරියට ING අගට එකතු කරල. අතීත ස්වරූපයක් දෙන්න ඕනෙත් නෑ ක්‍රියාව අගට ED දාල. WILL දාල අනාගත ස්වරූපයක් දෙන්න ඕනෙත් නෑ.. සරල විදිහට වාක්‍ය ගොඩනගන්න. එච්චරයි.

1. I go to school - මම පාසලට යමි.
2. I Come to school - මම පාසල් එමි.
3. He goes to school everyday - ඔහු දිනපතා පාසල් යයි.

ඒත් ඇයි මේ go එක goes වෙලා තියෙන්නේ?

ඒක තමයි මාත් බැලුවේ. :P මෙහෙමයි, සිංහල වල වගේම ඉංග්‍රීසි වලත් උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ හා ප්‍රථම පුරුෂ කියල තුනක් තියෙනව.

සරල වර්තමාන කාල ඒකවචන

1st Person (උත්තම පුරුෂ)        -         I (මම) , We  (අපි)
2nd Person (මධ්‍යම පුරුෂ)       -       You ( නුඹ , නුඹලා )
3rd Person (ප්‍රථම පුරුෂ)           -      He (ඔහු) , She (ඇය) , It (ඌ)

ඉතින් සරල වර්තමාන කාලයේදී ප්‍රථම පුරුෂ ඒක වචන වාක්‍යක් හදන කොට අනිවාර්යෙන්ම ක්‍රියාවේ අගට  "S" එකක් හෝ "ES" එකක් එකතු කරන්න වෙනව.

ඒ අනුව Come = Comes වෙනව එහෙනම් Go = Gos වෙනවද නෑ.. "ගොස් " කියල කටක් ඇරල කියන්න පුලුවන්ද. ඒ නිසා ඒ වගේ ශබ්ද කරන්න අපහසු ඒවට අගට es එකතු කරනව
එතකොට Go = goes තේරුනා නේද.

come + does    = comes
go + does         = goes
have + does      = has
watch + does    = watches  

watch කියන වචනය පොඩ්ඩක් බලන්න. අගට s අකුරක් දාල කියන්න පුලුවන්ද කියල බලන්න පොඩ්ඩක් බෑ නේද. දිවත් පැටලෙනව. ඒ නිසා ඒවගේ තැන් වලදි අපි es දාල watches කියල දානව.

මතක තියා ගන්න මේ විදිහට අගට S අකුරක් හරි, ES එකක් හරි ආවොත් මේ ක්‍රියා පද ඇතුලේ සැගවුනු වචනයක් තියෙන බව අපි දැන ගන්න ඕනේ. ඒ තමා Does. ඔයා කොතැනක හරි Comes කියල දැක්කොත් ඒකේ අගට s අකුරක් එකතු කරල තියෙන්නේ. ඒ කියන්නේ මේකේ සැගවුන වචනය Does අමතක කරන්න එපා.

ඔහු සදුද එනව
He comes Monday

මම රූපවාහිනිය බලනව
I watches Television

බැරිවෙලාවත් ඔයාට ඒ කරන දේ නැත යන පැත්තට හරව ගන්න ඕනේ උනොත්, "ඔහු සදුද එනව" ඔහු සදුද එන්නේ නෑ" වගේ අදහසක් ගන්න, අර සැගවුන does එක එලියට අරගෙන does not කියල යොදන්න පුලුවන්. මේක කෙටි කරාම doesn't.හැබැයි does එක ගලවපු ගමන් ක්‍රියාවේ S එක හරි ES එක හරි තිබ්බොත් ඒක ගැල වෙනව.

He comes Monday - ඔහු සදුද එනව

He does not come Monday     -  ඔහු සදුද එන්නේ නෑ
He doesn't come Monday     (does not    =  doesn't)

මේ කියාපද ඇතුලේ තියෙන does එක එලියට අරගෙන අපිට ප්‍රශ්න හදන්න පුලුවන්. ඒකට ඉතින් කරන්න තියෙන්නේ does එක මුලට දාල මේ වාක්‍ය ලියන එක. හැබැයි does එක ගලවපු ගමන් ක්‍රියාවේ S එක හරි ES එක හරි තිබ්බොත් ඒක ගැල වෙනව.

He comes Monday - ඔහු සදුද එනව

Does he come Monday?     -  ඔහු සදුද එනවද?

නැත යන අර්තය තියෙන ප්‍රශ්න හදන්නෙත් ඔය විදිහටම තමා.

He comes Monday - ඔහු සදුද එනව

Doesn't he come Monday?  - ඔහු සදුද එන්නේ නැද්ද?

සරල වර්තමාන කාල බහුවචන

අපි ඔය කතා කලේ සරල වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒකවචන වාක්‍ය ගැන. බහුවචන වාකයත් ඔය වගේම තමයි හැබැ එතැනදි Does එක වෙනුවට Do එක එනව. ක්‍රියා පදයට s එකක් හෝ es වගේ ආදේශකයක් එකතු වෙන්නේ නෑ.


come + do   = come
go + do         = go
have + do      = have
watch + do    = watch

අපි වාක්‍යක් තනල බලමු


You come today            -  ඔයා අද එනව

You do not come today  - ඔයා අද එන්නේ නෑ
You don’t come today    (do not = don't)

Do you come today?     -  ඔය අද ආවද?



Don’t you come today?  -  ඔයා අද ආවේ නැද්ද ?

ඉතින් අද ඔයාල මම හිතනව සරල වර්තමාන කාල වාක්‍ය ගැන අවබෝදයක් ඔයාලට ලැබෙන්න ඇති කියල.

දවසේ නීතිය 

මේ කොටසෙන් මම කියල දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවටම අනන්‍ය වූ එක් නීතියක් ගැන කතා කරන්නයි. මම බලා පොරොත්තු වෙනව ඔයාලට එක පාඩමකින් එක් නීතියක් කියල දෙන්න. අපි බලමු අද මම කියල දෙන්න යන්නේ මොන වගේ දෙයක් ද කියල.

You can join with us   

You = ඔබ, ඔබට
Can = හැකියි, පුලුවන්
Join = සම්බන්දවෙන්න,එකතු වෙන්න
With = සමග
Us = අප

ඔබට පුලුවන් අප සමග සම්බන්ද වෙන්න.

සිංහල විදිහට හිතන ඔයාට මේ වාක්‍යයේ කිසිම වරදක් පේන්නේ නෑ. මොකද සිංහල විදිහට හිතුවොත් වරදක් අපිට පේන්නේ නෑ. නමුත් ඔයා දන්නවද කිසිම අවස්තාවක Join එකත් එක්ක ඉන් පසුව With එක නොයෙදෙන වග. ඒක වැරදියි. ඉංග්‍රීසි වල තියෙන මේ වගේ සියුම් තැන් අපි දැන ගන්න ඕනේ.

With එක ගලවල දාන්න. ඒකෙන් අදහසට කිසිම හානියක් වෙන්නේ නෑ.

You can join us - ඔබට පුලුවන් අපට සම්බන්ද වෙන්න.


දවසේ දාර්මික සිතුවිල්ල

One asked Buddha “I want Happiness” Buddha said first remove “I” it is ego, and then “want” it is desire and see you are only left with happiness.

යමෙක් බුදුහාමුදුරුවොන්ට කියනව "මට සතුට අවශ්‍යයි" කියා. බුදු හාමුදුරුවො කියනව පලමුව මම යන්න අයින් කරන්න ඒ කියන්නේ මමත්වය. දෙවනුව ආශාවල් වලින් ඉවත් වෙන්න. එවිට ඔබ ඒ බලා පොරොත්තු වූ සතුට ඔබ ලග ‍රැදේවි


දවසේ ගීතය

ඔන්න මගේ බ්ලොග් එකෙන් කරන ඉංග්‍රීසි පංතියේ අවසන් මිනිත්තු කීපයයි මේ ගෙවී යන්නේ. මමත් එක එක ඉංග්‍රීසි පාඨමාල කරල තියෙනව. ඒවායේ අවසානයේ ඉංග්‍රීසි ගීතයක් දාල, ඒකේ තේරුම කියල දෙනව. මගේ පංතියෙත් ඒ වැඩේ කරනව.

මේ ගීතය ගායනා කරන්නේ Justin Bieber ඔයාල දන්නව නේ ඒ කව්ද කියල. ගීතය හරිම ලස්සනයි.

අර්තය කෙටියෙන්
"කොල්ලො කෙල්ලො ටෝක් කරන්න පුදුම කට්ටක් කන්නේ. ඉතින් කෙල්ලො මෙතැනදි හරි කැත වැඩක් කරනව. ඒ තමා තමන් අර අහින්සක කොල්ලට කැමති උනත් ඒක පෙන්නන්න යන්නේ නෑ.. පව් අර අසරනය... හිත බිදිල කොච්චර දුක් විදිනවද කියල දන්නේ ඒ කොල්ල විතරයි.. "
ඔයාල ඕන තරම් මේ ගීතය අහල ඇති, හැබැයි තේරුම නොදැන. තේරුම දැන ගෙන අහල බලමුද?




මේ පංතිය ගැන ඔබගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩාක් වටිනව. ඒ නිසා ඔබට හැගෙන දේ අපිට ලියන්න
එහෙමනම් යාලුවනේ, අදට පංතිය ඉවරයි හොදේ.. TC BC Bye@!

Comments

Unknown said…
Really this is very good to all one.i like to this lesions
Sureka said…
Very good i love this lesson