චිනී එක්ක Android - පාඩම් අංක 1 (පෙරවදන)


මෙතැන් සිට ඉතාම සරල සිංහලෙන් Android මෙහෙයුම් පද්දතියක් සහිත උපාංගයක් සදහා Apps නිර්මාණය කරන ආකාරය ගැන මම කියල දෙනව. වැඩි වැල්වටාරම් නැතුව, කෙලින්ම මාතෘකාවටම බහින තරමට හොදයි. ටිකක් විතර වෙනස් අන්දමේ අත්දැකීමක් ලබන්න පුලුවන්, ඒ වගේම හරියට ඉගෙන ගත්තොත් ලොකු වටිනාකමක් ලැබෙන දැනුමක් වෙනවා නිසැකයි.

Android කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ල කියන්නම්. මේක ඇත්තටම මෙහෙයුම් පද්දතියක්, හරියට ඔයාල මම පාවිච්චි කරන Windows XP, Windows7,Windows8 වගේ. මීට අමතරව සමහර ප්‍රවීණයන් අතර Apple Mac OS එක Linux වගේ ඒව ගන්න පුලුවන්. ඔය ඔක්කොටම වඩා Android වෙනස් වෙන්නේ මේ මෙහෙයුම් පද්දතිය පරිගණක වලින් ඔබ්බට ගිහින් සාමාණයෙන් අපි භාවිතා කරන දුරකතන වලට ආගමනය වීම.  දුරකතන වලටම සීමා නොවී අද වෙනකොට අතේ පලදින ඔරලෝසුවට, ඔයාලගේ සාලේ තියල තියෙන ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයට , ඒ වගේම Tab උපාංගයට, මේ හැම දේකටම වේගයෙන් ආගමනය වෙච්ච මෙහෙයුම් පද්දතියක් තමයි Android කියන්නේ.

Android වල පැටිකිරිය ඕතනින් හමාර කරනව, මොකද මගේ පාඩමේ ඉදිරියට කරගෙන යන්න Android වල ඉතිහාසය වැදගත් වෙන්නේ නෑ. නමුත් පොඩි දෙයක් තවම කිව්වෙ නෑ.Android කාලෙන් කාලෙට වෙනස් වෙන OS එකක්. අපූරු වැඩේ කියන්නේ මේ හැම Version එකකටම මෙයාල මොනා හරි කෑමක නමක් තමයි දාල තියෙන්නේ. ඒ නම දානකොට ඉංග්‍රීසි හෝඩියේ A,B,C,D පිලිවෙල ගැන සැලකිලිමත් වෙනව. Android Apps නිර්මාණකරුවෙක් වශයෙන් ඔයා මේ පිලිබදව දැනගෙන සිටීම ඉතාම වැදගත්.



නමුත් මේ ලිපිය ඔබ කියවන මොහොත වෙනකොට මොන මොන Version තියෙයිද දන්නේ නෑ. ඒ නිසා මේ Link එක ඔස්සේ වැඩිදුර දැන ගන්න  http://www.android.com/history/

ඇප්ස් නිර්මාණකරුවෙකු වශයෙන් ඔයා ප්‍රධානවශයෙන් Android 2.3 Gingerbread අවස්තාව සහ Ice Cream Sandwich 4.0 අවස්තාව පිලිබද වැඩි අවදානයක් යොමුකරන්න. මොකද ඒ අවස්තා දෙකම මගේ අත්දැකීම් අනුව ඉතාම සාර්තක අවස්තා දෙකක්. ඒ වගේම බොහොමයක් දුරකතන Update වී නවාතැන් ගත්තු අවස්තා දෙකක්.

Application නිර්මාණය සදහා උවමනාකරන දේවල්

මේ සදහා හොද මට්ටමක පරිගනකයක් ඔයාලග තියෙන්න ඕන. Application නිර්මාණය කරනා අවස්තාවේදී භාවිතා කරන Tools ඉහල RAM මතක ප්‍රමාණයක් භාවිතා කරනව. ඊලගට ප්‍රමාණවත් තරම් වේගයක් තියෙන්න ඕනේ.

වැඩසටහන නිර්මාණය කරන්න ඒ සදහාම සුවිශේෂ වූ Tool එකක් භාවිතා කරන්න වෙනව. අපි මේවට කියනව IDE (Integrated Development Environment) කියල.

Android කියන්නේ පරිගනකයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වෙන වැඩසටහනක්, ඒ නිසා ඔබට නිකමටවත් හිතුනෙ නැද්ද මේව අපි නිර්මාණය කරනා විට අත්හදා බලන ක්‍රමවෙදයක් ගැන. මේ සදහා අපි Android උපාංගයක ආකෘතියක් පරිගනකය තුල කෘතිමව නිර්මාණය කරනව. ඉන් පසුව අපි සාදන කේතවලට අදාලව වැඩසටහන නිවැරදිව වැඩ කරනවාද යන්න සොයා බලන්නේ මේ තුල. අපි මේ වගේ ඒවට android emulator එකක් කියල කියනව. ඉතින් Android සදහා SDK Tools සෙට් එකක් එනව. මේ තුල AVD නමින් android virtual device එකක් අපිට ලැබෙනව.

Android යනු Java මත පදනම් වූ වැඩසටහන් නිර්මාණ කරනයක්. මේ සදහා භාවිතා කරන Tools වලට පවා ජාව තිබීම අනිවාර්යයි. ඒ නිසා JDK Tool එකත් අමතක කරන්න හොද නෑ.

සමහරු Java යන මතය ගොඩක්ම ඉදිරියට ගත්තට Visual Studio 2012 යොදාගෙන C#  වලින් වුවද Android සදහා Apps ලියන්න පුලුවන්. ලියන භාෂාව වැදගත් වෙන්නේ නෑ, අවසානයේ ඒක Compile වෙලා System එකට තේරුම්ගන්න පුලුවන් ජාතියේ මැශින් කෝඩ් එකක් වීම ප්‍රමාණවත්. නමුත් ආදුනිකයින් හට වැඩිපුරම පාඩම් තියෙන්නේ Java වලින් බව අමතක කරන්න හොද නෑ.

කොහොම නමුත් මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යන කොට වැදගත් තැන් සදහා වීඩියෝ  නිර්මාණය කිරීමට මම බලාපොරොත්තු වෙනව. සෑම දෙයක්ම සැකෙවින් කියා දෙන්න මම ලොකු උත්සහයක් ගන්න බලාපොරොත්තු වෙනව.

ඉතින් හිතනව Android Apps නිර්මාණය කිරීමට ප්‍රතම හොද ප්‍රවේෂයක් මම ගත්ත කියල. අපි ඉක්මනටම ඊලග පාඩමෙන් හමුවෙමු. තවත් වැදගත් දේවල් ටිකක් කියන්න තියෙනව. 


එහෙමනම් ඔයාල ඔක්කොටම ජය වේවා.!


ගැටලු ඇතොත් විමසන්න (සවස 5.30න් පසු)
චින්තක 071 21 22 648 




Comments