අපේකරනය වූ Google Translate


Google Translate යනු ලොව පුරා භාශා පරිවර්තනය කිරීමට යොදාගන්න තවත් එක් අසම සම සේවාවක්.ලොව පුරා පවතින සියලුම භාෂාවන් මෙතුල අන්තර්ගත නොවූවත් දිනෙන් දින එයට නව භාෂාවන් ඇතුලත් වීම නම් සතුටට කරුණක්. කොහොමෙන් කොහොමෙන් හරි අවසානයේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට අපේ කම Google තුලට ගෙන යන්න පුලුවන් උනා. දැන් ඕනෑම පුද්ගලයෙක්ට තනිව තමන්ගේ පරිගනකයෙන් හෝ Smart දුරකතනයකින් පවා, ලෝකයේ පවතින භාෂා 60 කට අදික සංඛ්‍යාවක් ඉතා සුලු මොහොතකින් සිංහලට පරිවර්තනය කරගන්න පුලුවන්. මෙය විදේශ ගතව සිටිනා ලාංකිකයන්ට මෙන්න අපි වාගේ තාක්ෂනය පිලිබදව හෝ විවිද විෂය පථ හදාරන ලාංකික බොහෝදෙනෙකුට ඒ දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ලොකු පි‍ටුවහලක් වෙනව.
ඉතින් මට ගොඩක් සතු‍ටුයි මේ ව්‍යාපෘතියට සුලුවෙන් හරි දායක වෙන්න ලැබුන එක ගැන.හොදයි මම අද මේ ලිපියෙන් Google Translate වලින් වැඩ ගන්න හැටි කියල දෙන්නම්.


ඔයාලට මේ පහසුකම ලබාගැනීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න. ඔයාල පරිවර්තනය කිරීමට ලක්කරන භාෂාව සහ පරිවර්තනයෙන් පසු ලබාගත යුතු භාෂාව ‍තෝරන්න. මම English වාක්‍යක් සිංහලට පරිවර්ථනය කිරීමට බලාපොරොත්තු වෙනව.


ඒ වගේම ඔයා දැනටමත් ස්මාර්ට් දුරකතනයක් නම් පාවිච්චි කරන්නේ, ඔන්න මේ සේවාව ඒ දුරකතනයට පහසුවෙන් ඇතුලත් කරගන්න පුලුවන්. හැබැයි දුරකතනය සිංහල සහය දක්වනව නම් පමනයි.


Android  සදහා App එක මේ ලින්ක් එකෙන් ලබා ගන්න

අන්තර්ජාලයේ වැඩිපුරම තියෙන්නේ English වලින් ලියවුන වෙබ් පි‍ටු. මෙම සේවාව නිසා තවදුරටත් ඉංග්‍රීසි වෙබ් පි‍ටු ඉංග්‍රීසි භාෂාවෙන් ඔයාලට පේන එකක් නෑ. ඔයාලට පුලුවන් ඔයාලයේ වෙබ් Browser එකට Google Translate Plugin එකක් ඇතුලත් කරගෙන මේ සේවාව පහසුවෙන් ලබා ගන්න. ඒ නිසා මුලු වෙබ් පි‍ටුවම තත්පර කීපයක් තුලදී සිංහලට හරව ගන්න ඔයාලට පුලුවන් වෙනව

https://chrome.google.com/webstore/detail/google-translate/aapbdbdomjkkjkaonfhkkikfgjllcleb?hl=en

Google Chrome



https://addons.mozilla.org/en-US/firefox/addon/google-translator-for-firefox/
Mozilla Firefox

ඉතින් ඒ විදියට Plugin එකක් භාවිතයෙන් මම Yahoo සම්පූර්නයෙන්ම සිංහලට පරිවර්තනය කලා.

ඉතින් මේ සේවාව අසමසමයි. ඒ සේවාව විවිද ස්වරූප වලින් අපිට භාවිතාකරන්න පුලුවන්. සම්ප්‍රදායකව Google ඔස්සේ වචනයක් ගහල සොයනවට වඩා එහාට ගිය දෙයක් මේක. ඉතින් මම උත්සහ කලේ අන්න ඒ දේ තහවුරු කරන්න. තවම සිංහල උච්චාරනය කිරීමට හැකියාවක් Google සතුව නැහැ. ඊට අදාල Text to Speech නම් TTS Engine එකක් තවම පර්යේෂන මට්ටමේ හෝ ඇතැයි කියා මම සිතනව

Comments