Apple වලට වඩා Andrlid හොද වෙන්න හේතු 7 ක් (Post 1)



සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් නිවාඩු පාඩුව ලැබුන නිසා හිතුන බ්ලොගේ පැත්තේ ඇවිත් post එකක් දාන්න. අද මම කතාකරන්න යන්නේ උනුසුම් මාතෘකාවක් ගැන. ඒ තමා Apple ද හොද Android ද හොද. කීප දෙනෙක් මගෙන් ඇහුව කාරනයක්, ඒ වගේම මම දැක්ක FB එකේ Grupe කීපයකම කොල්ලො දෙපැත්තට බෙදිලා කඹ අදිනව. කට්ටියක් මරා ගන්නව. ඇත්තටම මොකක්ද මේ දෙකෙන් හොද.
මම මෙතනදි පොදුවේ Android කියල යොදාගත්තේ මට කිසිම දුරකතන මාදිලියක් මේ පෝස්ට් එකෙන් ප්‍රසිද්ද කිරීමට අවශය නොවන නිසා පොදුවේ Android කිව්වහම ඔයාල කෑමති මාදිලියක්, ආකෘතියක් ඒකට දාගත්තට මට කමක් නෑ. ඒක Samsung ද Sony ද යන්න මේ ලිපියට වැදගත් නෑ. 

ඉස්සෙල්ලම මම ඔයාලට පොඩි උප දෙසක් දෙන්නම්. මේ ලෝකේ හොදම Phone කියල හොදම Lap හොදම Car කියල ජාතියක් නෑ. ඒ දේ හොදද නරකද යන්න තීරනය වෙන්නේ භාවිතා කරන පුද්ගලයාගේ අවශ්‍යතාවය මතයි.

ඒ වගේම අපි දෙයක් විවේචනය කරන්න ඉස්සෙල්ලා අඩු තරමේ ඒ දේ පාවිච්චි කරලවත් තියෙනවද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන එක වටිනව. බහුතරයක් හොදයි කිව්වට වැඩක් නෑ. අපි විචාර ශීලී වෙන්න අවශ්‍යයි.

ඒ වගේම මම මෙතන සසදන්න යන්නේ ලේටස්ම වර්ශන් එක. නැතුව Apple 4 එකක් Galaxy S6 එකක් එක්ක නෙමේ. මොකද ඔය දෙකෙන් කොහොමත් තාක්ශනයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ S6 එක.

මේක කොතනින් පටන් ගන්නද කියල මට හිතාගන්න බෑ. ටිකෙන් ටික ලිහන්නම්. Apple පාවිච්චි කරන අය දුක් වෙන්න එපා. ඉදිරි පෝස්ට් එකක මම Apple වල තියෙන වාසි ගැනත් වෙනමම ලිපියක් දානව.

1. Google සමග පහසුවෙන් වැඩකරන්න හැකිවීම




මේ තමා මගේ පලමු හේතුව හැටියට මම දක්වන Apple වලට වඩා Android හොද වෙන්න. මම සාමාන්යෙන් Google වල විවිද සේවාවන් පාවිච්චි කරනව. මේ බ්ලොග් එක ලියන්නේ ගූගල් ල නොමිලේ දෙන Blogger සේවාව ඔස්සේ, ඒ වගේම මම පුරුද්දක් විදිහට මගේ අත්‍යාවශය ෆයිල් Google Drive තුලට Backup කරනව. විදේශ රටක ඉන්න නිසා මට නිතරම Google Translator නැතුවම බැරි එකක් වෙලා, මග තොට හොයා ගන්න Google Map සේවාව, ඔය වගේ බලන් ගියාම මම සෑගෙන්න Google ගෙන් වැඩ ගන්න කෙනෙක්. ඉතින් මේ සේවාවන් කාර්යක්ශමව භාවිතාකරන්න පුලුවන් හොදම Platform එක Android විතරමයි. මොකද Android හැදුනේ වැඩුනේ Google එකේ නිසා. Apple වල මේ සේවාවන් නැතුවා නෙමේ. උදාහරනයක් විදිහට ගත්තොත් Google Map වෙනුවට Apple Map මට කවදාවත් මේ දෙන්නව නම් සම කරන්න හිතන්නවත් බෑ. Google Map ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මේ තමා මට තියෙන ප්‍රබලම සාදකය Android වල රැදෙන්න.

2.පුලුල් ව විහිදුනු Apps Store එකක් තිබීම.




මගේ ඊලග කාරනය හැටියට මම දක්වන්නේ මෙය. මම අත් විදපු දෙයක් තමා Apple වලට සාපේක්ශව ඉතා හොද මට්ටමක App Store එකක් Android සතුව තියෙනව. කියන්න සතුටුයි මේ වන විට සිංහල ඇප්ස් විශාල ප්‍රමානයක් මේ තුල අන්තර්ගත වෙනව. Dictionary ,සිංදු පොත්,කතාන්දර පොත් ,ජාතක පොත, අල්කුරානය, බයිබලය, ලංකා TV ,සිංහල  Type tools වගේ ගොඩාක් දෙවල් අන්තර්ගතව තියෙනව. මේවා ගොඩක් වෙලාවට 90% ක් වගේ අපිට සතපහක් වත් නොගෙවා ලබා ගන්න පුලුවන් වීම සතුටට කරුනක්. Player කියල ගහල සර්ච් පාරක් දැම්මත් Android වලට Players 10 ක් තිබ්බොත් Apple වලට ඊට වඩා අඩු ප්‍රමාණයක් තමා තියෙන්නේ. ඒ තියෙන ටිකත් සල්ලි දීල ගන්න වෙන්නේ. මේ නිසා Apps පැත්තෙන් Android ඉදිරියෙන් කියලයි මට හැගෙන්නේ.

3.පරිශීලකයාට ගොඩාක් විවෘත පරිසරයක් ලබාදෙනව




නිදහසට මම ගොඩක් කැමතියි. හිර වෙලා ඉන්න කව්ද කැමති. සාමාන්යෙන් සෑම Android පද්දතියක්ම Apps ලබාගන්න පහසුකම් සලසල තියෙන්නේ Google Play තුලින්. නමුත් ඇතැම් වෙලාවට මම ටිකක් ලොකු සයිස් එකේ HD Games Torrent වලින් හරි වෙබ්සයිට් එකකින් හරි Download කරල SD මෙමරියට දාගෙන භාවිතා කරනව වෙලාවලුත් නැත්තේ නෑ. අනික මම සමහර වෙලාවට Google Play වලින්ම කියල ගන්නෙත් නෑ. සමහර Third-party Apps ඇතැම් වෙබ් අඩවි වලින් මම ගන්න වෙලාවලුත් තියෙනව. හරියට Amazon AppstoreGetjar or F-Droid.. වගේ. ඇත්ත මේ වගේ ඒව දාගන්න එක Security එකට ටිකක් හොද මදි තමා, ඒත් ඒ ගැන කල් තියා Android දැනුම් දෙනව. ඉතින් සියදිවි නසා ගත්තට කරන්න දෙයක් නෑ. අනික කෙලින්ම Data Cable එක ගහල හරි Bluetooth වලින් හරි මොන මල දානෙකින් හරි ෆයිල් එකක් Document එකක් පහසුවෙන් දාගෙන බලන්න පුලුවන්. මේ වගේ නිදහසක් Apple වල නෑ.

4.Apps වල මිල ගොඩක් අඩුයි




මේ ගැන කතා කරල වැඩක් නෑ. අපි ඉතින් අස්ප ගනන් දීල phone ගත්තට එකෙක්ට ඩොලර් එකක් දෙකක් දීල App එකක් ගන්න බෑනේ. කොහොම නමුත් Apple වලට වඩා සෑහෙන්න අඩු මුදලකට Apps එකක් Android වලට ගන්න පුලුවන්.

5.UI එක කැමති විදිහකට වෙනස් කරගන්න පුලුවන් වීම.




හැමදාම එක වගේ ඉන්න බෑනේ. ටිකක් වෙනස් වෙන්න ඕන. Android පාවිච්චි කරන කොට තියෙන ඊලග වාසිය තමා අපිට කැමති විදිහට එය Customize කරන්න පුලුවන් එක. ඒ වගේම පිරිසිදු Android ගොඩක් වෙලාවට Nexus වගේ Smart Phone වල තිබුනට Samsung ල Sony වගේ දුරකතන සමාගම් එයාලට ආවේනික විදිහට OS එක Customize කරල තමා අපිට දෙන්නේ. ඒ නිසා ඒකේ විවිදත්වයක් තියෙනව. නමුත් මට නම් UI එකට වඩා එය කොච්චර User-Friendly ද කියන එක තමා වැදගත්.

6.අතේ ඇති මුදලට ගන්න පුලුවන්.




මේක ගැන ආයෙත් වාද විවාද ඕන නෑ. සාමාන්යෙන් Android Phone එකක් ආසන්න වශයෙන් රු10'000 සිට ඉහලට අපිට මිලදී ගන්න පුලුවන්. ඒක එක අතකින් වාසියක්. ඒත් කෙනෙක්ට කියන්න පුලුවන් අඩු ගානට දෙන Phone වල ගුනාත්මක භාවය අන්තිමයි කියල. නමුත් හැමවෙලාවෙම ඒ කතාව සාදාරන වෙන්නේ නෑ. වෙලදපලේ තියෙනව හොද මට්ටමේ දුරකතන සාපේක්ශව මිලෙන් අඩු. නමුත් ඔයා Apple එකක් එහෙම ගන්න යනව නම් අඩු තරමේ රුපියල් 70'000 ක් හෝ ඊට වැඩිපුර අතේ තියෙන්න ඕන. ඒක එක පැත්තකින් Apple සාමාන්‍ය මිනිසුන් අතරේ ප්‍රචලිත නොවෙන්න එක හේතුවක්. 

7. යාවත් කාලීන (Update) වීම 



Apple IOS එකට වඩා වේගයෙන් Android OS එක යාවත්කාලීන (Update) වෙනව ඔය Jelibean,KitKat,LoliPop කිය කිය අපි කියන්නේ. අනික Hardware පැත්තෙනුත් එහෙමයි. Apple වල තියෙන්නේ මොනාද ටික දවසකින් ඒ පහසුකම Android වලත් තියෙනව. හොදම උදාහරනය Apple 6 වල ඇගිලිසලකුනට සංවේදී වෙන්න හැදුවම මට ටිකක් අප්සට් ගියා Android වල එහෙම නෑනේ කියල. ඒත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ල Samsung ල ඒ අභියෝගය ජයගත්තා. 

නමුත් මෑත කාලයේදී දුරකතන ලෝකය තුල පෙරලියක් කරන්න Android වලට පුලුවන් වෙලා තියෙනව. 

හොදයි. අද ලිපිය ගැන කට්ටියකට සතුටු ඇති, තව කට්ටියකට ටිකක් අප්සට් ඇති. 

ඉතින් ඔයාලත් මොනා හරි දන්නව ඇතිනේ, ඒ ටික කමෙන්ට් කරන්න. එතකොට අනිත් අයටත් මේ ගැන දැනගන්න පුලුවන් වෙනව. 

Nokia,Blackberry වැටෙද්දි අදටත් සතාවරව ඉන්න තරම් හයියක් Apple ලට තිබීම ගැන මම සතුටු වෙනව. කොහොම නමුත් දුරකතන සමාගම් තුල තියෙන මේ තරග කාරිත්වයෙන් අන්තිමට වාසියක් වෙන්නේ අපිටම තමා කියල මම මේ ලිපිය අවසන් කරනව. එක්වෙමු තවත් ලිපියකින්. 

Comments