Samsung Galaxy S7




පහුගිය ලිපි පෙලේම මම ඔයාලට අරගෙන ආවේ ස්මාර්ට් දුරකතන පිලිබදව එක එක දේවල්. මේ පාරත් එය එසේමයි. ඉදිරියේදී මම සක්‍රීයව බ්ලොගයට වෙනස්ම ලිපි ලියන්න බලාපොරොත්තුව ඉන්නව.  ඉතින් අද ලිපියෙන් ඔයාලට අරගෙන එන්නේ Galaxy S7 දුරකතනය පිලිබදව. 

2016 පෙබරවාරි 21 නිල වශයෙන් Samsung සමාගම Galaxy S7 දුරකතනය එලිදැක්වුවා. නමුත් මාර්තු මාසය වනතෙක් වෙලදපොලට නොදාන කතාවක් මට දැනගන්න ලැබුන. කොහොම නමුත් හිතුව තරම් පුදුම වීමක් මම නම් වුනේ නෑ. මෙවර හැඩයත් කලින් තිබ්බ Galaxy S6 එකට බොහෝදුරට සමානයි. ලොකු වෙනසක් කරන්න ගිහින් නෑ වගේ. නමුත් මෙවර 3000mAh දක්වා වැඩිදියුනු කල ලිතියම් අයන් බැටරියක් යොදා තියෙනව. ඒකනම් හොද වැඩක්  . මොකද ගියවර Galaxy S6 එකේ බැටරි ආයුකාලයට ලැබුන Review නම් එච්චර හොද මදි. ඒකේ තිබ්බේ 2550mAh බැටරියක්. S7 එක ගැන එයාල කියන විදිහට නම් පැයට 1% කට වඩා අඩුවෙන් තමා බහින්නේ(නිකන් තියෙන කොට හොදේ). ඇත්තද බොරුද කියල තව ටික කාලෙකින් බලාගන්න පුලුවන්.

Screen එක ඇවිත් 5.1 (1440 x 2560 pixels) (Super AMOLED එකක් (ස්ක්‍රීන් වර්ග පිලිබදව කලින් ලිපියක් පලකලා). pixel density එක 577ppi. මම හිතනව S6 එක වගේම හොද තිරයක් කියල. ස්ක්‍රීන් කිව්වම ඒවායේ ආරක්ශාව ගැනත් අනිවාර්යයෙන් බලන්න ඕන. මොකද දුරකතනයක් භාවිතාකරන කොට ඕක වැටෙන්න පුලුවන් සම්භාවිතාව ඉතා ඉහලයි. ඉතින් මේ පාර Corning Gorilla Glass 4 තමා Screen එකේ ආරක්ශාවට දාල තියෙන්නේ. කලින් Version වලට වඩා දෙගුනයක් ශක්තිමත්. ඒ කියන්නේ බිදෙන්නේ නෑ කියල නෙමේ. මම Youtube එකේ මේ Glass 4 එක ගැන හොයල බැලුව. කලින් මාදිලිවලට වඩා ගොඩාක් නම්‍යශීලීයි. Glass 3 එක යම් තරමක් නමාගෙන යනකොට කුඩා කැබලි වලට වෙන් වෙන්නම බිදුනා. හිතනව හොද ආරක්ශාවක් දෙයි කියල. එතකොට මේ වීදුරුව මතුපිට ජලය රැදෙන්නේ නෑ, දූවිලි රැදෙන්නේ නෑ. Galaxy S7 ජලයට ප්‍රතිරෝදියි. ඒකනම් Samsung වලට අලුත් දෙයක් නෙමේ.

ඊලගට ගියපාර S6 එකෙන් අනාගත්තු සීන් එකක් තමා Samsung ල micro SD Slot එක මේ පාරනම් දීල තියෙනව. ඊට අමතරව 32 / 64 GB අභ්‍යන්තර මතකයක් තියෙනව. ඒ නිසා බය නැතුව Memory එක වැඩි කරගන්න පුලුවන්. නමුත් USA වලට 32GB විතරක් දෙනව කියල තමා කියන්නේ. බලමුකො.

මම නම් කියන්නේ ගියපාර microSD Slot එක හිතාමතාම ඉවත් කරපු එකක්. ඕනෑම දුරකතනයක පොඩි හරි අඩුපාඩුවක් දැම්මොත් තමා ඊලග පාර එන මාදිලිය මාර්කට් කරන්න පුලුවන් වෙන්නේ. ගියපාර නැති microSD Slot එක මේ පාර Galaxy S7 එකට ඇතුලත් කරල හයියෙන් කෑ ගහල කිව්ව. මේ පාර S7 එකේ මම දැකපු දුර්වලතාවයක් තමා පරන microUSB Port එක වෙනුවට USB C type එක භාවිතා නොකරපු එක. මේකේ දෙපැත්තක් තියෙනව. දැනට ලෝකේ තියෙන මිලියන ගානක් USB Chager, Data Cable ඇව්ත් microUSB විදිහට තියෙන්නේ. නමුත් අපිට USB C port එක නොසලකා හරින්න බෑ. එහි පැරනි microUSB Port එකට වඩා වාසි ගොඩක් තියෙනව. එකක් තමා වේගෙන් චාර්ජ් කරන්න පුලුවන් කම, අනික තමා වේගෙන් File Share කරන්න පුලුවන් කම, මටනම් ඔය ඔක්කොටම වඩා වටින්නේ සම්බන්ද කිරීමේදී USB C Port එකට එක පැත්තක් නොතිබීම. ඕන පැත්තකට ගහන්න පුලුවන්. 

Galaxy S7 දුරකතනයේ Chip Set එක විදිහට Snapdragon 820 යොදාගෙන තියෙනව. 820 මාදිලිය කලින් මාදිලිවලට වඩා විශේෂයි, එය ඉතාම වැදගත් වෙනව Fast Chargin වලට සහ මෑතකදී හදුන්වාදුන් ඇගිලිසලකුනු සංවේදකය (Finger Print Scaner) දුරකතනය තුලට එකතු කිරීමට. 

Galaxy S7 එකේ වගේම මෑතක මම Samsung දුරකතන කීපයකම කැමරාව අසල SpO2 සංවේදක ඇතුලත් කරල තියෙනව දැක්ක. මේ සංවේදකය මගින් රුදිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමානය Calculate කරගන්න පුලුවන්.

ඉතින් මම හිතනව තාක්ශනය ගැන උනන්දුවක් දක්වන ඔයාලට මේ ලිපිය ටිකක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. ඉදිරියේදී මම මේ විදිහට විවිද Smart දුරකතන පිලිබදව විවිද වැදගත් කරුනු ඔයාලට අරගෙන එන්න. 

Comments