(මේ පෝස්ට් එක කියවන කොට සමහර විට Generation කීපයක් ඉදිරියට ගිහින් තියෙන්නත් පුලුවන්. ඒ නිසා අදාල කරුනු විතරක් හිතට ගන්න. )
Intel සමාගම විසින් මීට වසර 5 කට 6 කට විතර කලින් (මගේ මතකයේ හැටියට ) i3,i5 සහ i7 නමින් Processor තුනක් හදුන්නල දුන්න. ඊට කලින් අපි ඔය Core to due, dual core , core to quard වගේ Processor තමා පාවිච්චි කලේ. කොහොම හරි මේ වෙනකොට i-Serious එකේ පරම්පරා 4ක් (4th Generation) දක්වා වර්දනය වෙලා තියෙනව. නමුත් බොහෝදෙනෙක් තවමත් මේ i3,i5 සහ i7 අතර වෙනස හරියට අවබෝද කරගෙන නෑ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් එයාල හරිම ලේසියෙන් දෙන උත්තරය තමා i3 එකේ ඇතුලේ core 4 යි (Processor එක කෑලි 4කට බෙදල ) , i5 එක core 8 යි , i7 එක core 16 යි. හෝව්.. හොව්.. පොඩ්ඩක් ඉන්න. ඔයත් එහෙමද හිතන් ඉන්නේ.. එහෙනම් ඔයා මෙච්චර කාලයක් වැරදි වැටහීමක හිටපු කෙනෙක්. ඒනිසා අද මම කියල දෙන්න යන්නේ මේ Processor තුන අතර තියෙන වෙනස. දිගටම කියවන්න.

Architecture ( නිර්මාණ ශිල්පය )
සාමාන්යෙන් හැම අවුරුද්දකම Intel සමාගම අලුත්ම මාදිලියේ Processors කීපයක් එලිදක්වනව එයටම ආවේනික architecture එකක් සහ Code Name එකක් සහිතව. ඒ අනුව දැනට අපි ( 2016 වන විට බහුලව භාවිතා වේ) පොදුවේ පාවිච්චි කරන්නේ Devil's Canyon chip එක , ගිය වසරේ Haswell, ඊට කලින් අපිට තිබ්බේ Ivy Bridge සහ Sandy Bridge. හැමවෙලාවෙම අලුතින් එන Architecture එක කලින් එකට වඩා වේගවත්.
එකම පරම්පරාවේ i3,i5,i7 Processor ඇතුලේ භාවිතා වෙන්නේ එකම Architecture එකක්. නමුත් වෙනස් වෙන්නේ Processor එක තුල නිර්මාණයේදීම cores කීයක් අන්තර්ගත වෙලා තියෙනවද, මොන මොන features ද ක්රියාත්මක හෝ ක්රියාත්මක (Disable or Enable) නොකරල තියෙන්නේ, clock speed එක වගේ දේවල් කෙලින්ම Processor වේගය කෙරේ බලපානව.
ඔය උඩින්ම තියෙන වගුව දිහා බලපුවහම ඔයාලට ගොඩක් දේවල් හිතා ගන්න පුලුවන් ඇති. සමහර features ක්‍රියාත්මක වෙන අතර තවත් සමහර ඒව ක්‍රියාත්මක වෙන්නේ නෑ. i3 එකේ තියෙන සමහර දේවල් i5 එකෙත් නෑ. ඒ වගේම i5 එකේ තියෙන core ගාන i7 එකට සමානයි. මේ වගුව දැනට සාමාන්‍ය කොන්දේසි ඇතුලත් කරල තියෙන්නේ. සමහර වෙලාවට ටිකක් එහෙන් මෙහෙන් වෙනස් වෙන වෙලාවලුත් තියෙනව.
හරි වගුව දැක්කම ටිකක් බයහිතුන නේද, මොනාද බොලේ මේ කවදාවත් අහපු නැති දෙමල තියෙන්නේ කියල. හරි ඒ ටිකත් පැහැදිලි කරන්නම්කො.
Cores
සරලව කිව්වොත් එක Core එකක් processor එකකට සමාන කරන්න පුලුවන්. Dual-Core Processor එකක core 2ක් තියෙනව. quad-core මාදිලියක core 4 ක් තියෙනව. මේ විදිහට core තියෙන එකේ වාසිය තමයි එකම වෙලාවේ වැඩ කීපයක් කරන්න පුලුවන් එක. අපි කියනව multi-tasking කියල. උදාහරනයක් විදිහට ඔයා එකපාර ටිකක් බර Application 2ක් Open කරනව කියල හිතමු. ඒ දෙක වෙන වෙනම cores දෙකකට භාර දෙනව. ඒ කියන්නේ computer 2කින් open කලා වගේ තමා.
මේ විදිහට වැඩිපුර cores අපිට ප්රයෝජනවත් වෙනව multi-threaded applications එක්ක වැඩකරන්න. Photoshop , 3D Max වගේ වැඩසටහන් එක්ක වැඩකරන්න අපිට වැඩි cores ගානක් තියෙන Processor එකක් තිබීම ගොඩක් වටිනව. සමහර පරතෙරටම ගිය i7 මාදිලියේ මිල අදික processor තියෙනව core 6 හෝ core 8 වගේ වෙච්ච. ඒව ඉතින් Video Edit කරන අයට එහෙම නියමයි. ඒත් අපි සාමානයෙන් එදිනෙදා පාවිච්චි කරන Application වලට core 4 ඉක්මවල යන්නෙත් නැති තරම්. ඒ නිසා එච්චර හොද එකකට සල්ලි නාස්ති කරන එක ඇත්තටම බොරු වැඩක්.
Hyper-Threading
සංකීර්න පරිගනක වැඩසටහන් තුල විවිද Processing කීපයක් එකම වෙලාවෙදි වෙන්න පුලුවන්. ඒ වෙලාවට මුලු වැඩසටහනම එක process එකක් වෙලා ඉවරවෙනකම් හිරවෙන්න පුලුවන්. ඒක ඉවර වුනාම ඊලග ක්‍රියාවලිය, ඒකත් ඉවර වුනාම ඊලග එක. ඔය විදිහට බලන් ගියාම අපිට වැඩක් කරන්න වෙන්නේ නෑ, Stuck වෙච්ච Program එකක් දිහා බලාගෙන ඉන්න තමා වෙන්නේ. අන්න ඒක වලක්වගන්න පරිගනක වැඩසටහන් වල සිදුවන Processing විවිද Unit වලට කඩල වැඩසටහනෙන් පිට ඉදගෙන වැඩකරන්න හදල තියෙනව. එතකොට ප්‍රදාන වැඩසටහනට කිසි ගානක් නැතුව හිර නොවී වැඩකරන්න පුලුවන්. මේ ක්‍රියාවලිය තමා අපි සරලව Threading කියල කියන්නේ.
Hyper-Threading තාක්ශනයේදී කරල තියෙන්නේ හැම core එකක් ඇතුලෙම තවත් Logical cores 2 ක් අන්තර්ගත කරල හදාගත්තු තාක්ශනයක්. මේ නිසා සැලකිය යුතු තරම් වේගයක් අපිට හදල දෙනව ටිකක් බර Application එකක් Run වෙනකොට. කොහොම නමුත් මේ තාක්ශනය තියෙන්නේ i3 සහ i7 වලට විතරයි.
Turbo Boost
හැම Processor එකකටම යම්කිසි වේගයක් තියෙනව, අපි කියනව ඒකට Clock Speed එක කියල. උදා : Core i3-4370 Haswell processor එකේ Clock Speed එක වෙන්නේ 3.8GHz ක්. අපිට පුලුවන් නම් මේ වේගය තව ටිකක් වැඩිකරගන්න, එතකොට Speed එක වැඩිවෙනවනේ. ඉස්සර අපි Pentium 3 කාලේ ඔය වැඩේ කලා. ඕකට කියනව overclock කරනව කියල. අව්ල තියෙන්නේ Overclock කරාම Processor එක පට්ට විදිහට රත් වෙන්න පටන් ගන්නව. ඒ නිසා වැඩිකල් නම් යන්න ඉස්සෙල්ල Processor එක මැරෙනව. ඒත් Turbo Boost වලදි කරල තියෙන්නේ Overclock කිරීමම තමා. ඒත් Processor එකේ උශ්නත්වය ඕනාවට (Over Heat) වඩා ඉක්මවල යනකොටම එයා ආපහු සාමාන්‍ය වේගයට මාරු වෙනව. කූල් වෙච්ච ගමන් ආපහු overclock වෙනව. මම දන්නේ නෑ ඇත්තටම මේක නිතරම වෙන එකක්ද, නැත්තන් බර වැඩක් කරන වෙලාවට වෙන වැඩක්ද කියල. ඒක ඇත්තටම Logical කරන වැඩක්. මේ තාක්ශනය දැනට i3 තුල නෑ. i5,i7 කියන දෙකේම තියෙනව.
K-Model
මොනා හරි CPU එකක Model Number එක අවසානයේ "K" කියල තියෙනව නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ CPU එක Unlocked කියල. උදා: Intel Core i7-4790K Chip එක ගමු. මේ Unlock කරපු එකේ තියෙන ප්‍රදාන වාසිය තමා අපිට මේකේ BIOS Setting වෙනස් කරගන්න පුලුවන් වීම. Clock Speed වෙනස් කරල Over Clock කරන්නවුනත් පුලුවන්.
Graphic Chip
සෑම Intel Processor එකක් තුලම Graphic Chip එකක් අන්තර්ගත කරල තියෙනව. අපි කියනව ඒකට GPU එක කියල. උදා: Haswell කියන මාදිලිය ආවේ HD Graphic ඇතුලත්ව. මේකෙන් මම අදහස් කරන්නේ නැ පරිගනක ක්‍රීඩා වගේ දේවල් සදහා මේ GPU එක ප්‍රමාණවත් කියල. නමුත් එදිනෙදා අපිට වීඩියෝ එකක් එහෙම බලන්න මේ GPU එක ප්‍රමානවත්. තව පැත්තකින් කිව්වොත් වීඩියෝ එඩිටින් වලටත් යොදාගන්න පුලුවන්.
කොහොම නමුත් ඔයා පරිගනක ක්‍රීඩා වලට ගොඩක් ඇලුම් කරන කෙනෙක්නම් අමතර VGA Card එකක් පාවිච්චි කරනව නම් තමා හොද.

මතක තියාගන්න හැම i-මාදිලියේ Processor එකක්ම එකවගේ නෑ කියල. මෙතන තියෙනව තවත් විශේෂ Processor මාදිලි කීපයක්, අර මම උඩින් දාල තියන කොන්දේසි වලින් පිට පනින. විශේෂයෙන්ම Notebook සදහා තියෙන සමහර i3 , i5 සහ i7 මාදිලි වල අපි බලාපොරොත්තු වන cores ගානට වඩා අඩු ප්‍රමානයක් තියෙන්නත් පුලුවන්. එහෙම කරල තියෙන්නේ බැටරි එකේ ආයු කාලය (Power Save) වැඩිකරගන්න. මොකද මේව ඇවිත් Portable Device නිසා. ඉතින් ඒ වගේ Processor මිලෙනුත් අඩුයි. මේව අදුනගන්න පුලුවන් අපිට ඒවායේ Model Number එකෙන්. උදාහරනයක් විදිහට කිව්වොත් Model Number එකේ අවසානයේ අගට T,TE හෝ S වගේ අකුරක් තියෙනව නම් ඉන් අදහස් වෙන්නේ සම්මතයෙන් ටිකක් වෙනස් වෙච්ච මාදිලියක් කියල . Core i5-4570T වගේ Processor එකක් තියෙනව නම් ඔයා හිතන්නේ සාමාන්යෙන් cores 4 ක් තියෙනව කියල උනාට මේ මාදිලියේ තියෙනෙන 2යි. ඒ නිසා බලාපොරොත්තු වෙන වේගය අන්තිමට නොලැබෙන්නත් පුලුවන්.
ඉතින් අද ලිපියෙන් ඔයාල නොදන්න මොනා හරි දෙයක් දැනගන්න ඇති කියල හිතනව. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා එහෙම තියෙනව නම් පහල තියෙන Comment Section එකේ ලියන්න අමතක කරන්න එපා.
Comments