වීඩියෝ වල ගුණාත්මක භාවය ගැන ඉගි කරන යෙදුම් ගැන හරියට දැන ගමු



පහසුවෙන් ගුනාත්මක තත්වයෙන් ඉහල චිත්රපටයක් එහෙම ඩවුන්ලෝඩ් කරනව නම් ඉතින් කාටත් මතක්  වෙන්නේ ටොරන්ට් තමා. ටොරන්ට් කියන්නේ මොකක්ද කියල මීට කලිම් මම බ්ලොග් එකේ කොහේ හරි ලිපියක් ලිව්ව. ඔන්න පහලින් ලින්ක් එක දැම්ම. ඒකත් කියවල බලන්නකො

මෙහෙම ඩවුන්ලෝඩ් කරන ගොඩක් අය වැඩියේ හිතන්නේ නැති තැනක් තියෙනව. තමා ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකේ තියෙන ගුනාත්මක භාවය

ඔයාල සමහර විට දැකල ඇති චිත්රපටයේ File Name එකට අමතරව එක එක දේවල් ලියල තියෙනව

මේ හැම එකකටම මොකක් හරි තේරුමක් තියෙනව. එක්කො මේ ෆයිල් එක අප්ලෝඩ් කරපු අය ගැන විස්තර, නැත්තන් ඒකේ ඕඩියෝ ෆෝමැට් එක, භාශාව වගේම මේ පිටපතේ සොභාවයත් මේ අතර තියෙනව. ඉතින් මේ සදහා කෙටි යෙදුම් ටිකක් සම්මත කරගෙන තියෙනව. ඉතින් යෙදුම් වල අර්තය දන්නව නම් අපිට අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින්ම හිතාගන්න පුලුවන් ඒකේ තත්වය මොන වගේද කියල

CAM
කැමරා කොපි ලෙස හඳුන්වන්නේ මේ ආකාරයේ චිත්රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත් සාදන්නේ චිත්රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස් චිත්රපට ශාලාවේ චිත්රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගත කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් ලබාගත හැකියි.


TELE SYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලටම සමානයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇති මයික්රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට සම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

TELECINE (TC)
TC ආකාරයට නිකුත්වන චිත්රපට පිටපත් අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර් කිරීම සඳහා අවශ් උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

SCREENER (SCR)
චිත්රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්රපටය පුරාවට දර්ශනය වියහැකියි.

DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදි යවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්රපටය පුරාවටදර්ශනය විය හැකියි.

DVDRip
ජනප්රියම පිටපත් ක්රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්රපටය සිනමා ශාලාවල ප්රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්ම රූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්රධානම අවාසිය වන්නේ චිත්රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.

VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p) 

TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුර Copy කරගන්නා ලද හෝ චන්ද්රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්රපට එවමින් සිටිනා අතරතුර ග්රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස හඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

HDRip
HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

DivX Re-Enc
චිත්රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්රසිද්ධව ඇත්තේ මේවායි.

DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ් සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි cords වර්ග දෙකක් භාවිතා වනවා. low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion cords පමණයි.

XVCD/XSVCD

පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා

Comments